E   |     |  

2020 සැප්තැම්බර් මස 09 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2019 වර්ෂය සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තාව සහ වාර්ෂික ගිණුම්
(ii)    2019 වර්ෂය සඳහා මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(iii)    2019 වර්ෂය සඳහා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව හා ගිණුම්
(iv)    2019 වර්ෂය සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන හා ගිණුම් වාර්තාව
(v)    2019 වර්ෂය සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තාව
(vi)    2019 වර්ෂය සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තාව
(vii)    2019 වර්ෂය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව හා ගිණුම්
(viii)    2019 වර්ෂය සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(ix)    2019 වර්ෂය සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(x)    2019 වර්ෂය සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ ගිණුම්
(xi)    2019 වර්ෂය සඳහා මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(xii)    2019 වර්ෂය සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(xiii)    2019 වර්ෂය සඳහා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන හා ගිණුම් වාර්තාව
(xiv)    2019 වර්ෂය සඳහා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන හා ගිණුම් වාර්තාව
(xv)    2019 වර්ෂය සඳහා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන හා ගිණුම් වාර්තාව
(xvi)    2019 වර්ෂය සඳහා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තාව
(xvii)    2019 වර්ෂය සඳහා වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(xviii)    2019 වර්ෂය සඳහා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන හා ගිණුම් වාර්තාව
(xix)    2019 වර්ෂය සඳහා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තාව
(xx)    2019 වර්ෂය සඳහා පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව හා ගිණුම්
(xxi)    2019 වර්ෂය සඳහා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(xxii)    2019 වර්ෂය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව හා ගිණුම් වාර්තාව
(xxiii)    2019 වර්ෂය සඳහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තාව සහ වාර්ෂික ගිණුම්
(xxiv)    2019 වර්ෂය සඳහා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ ගිණුම්
(xxv)    2019 වර්ෂය සඳහා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන හා ගිණුම් වාර්තාව
(xxvi)    2019 වර්ෂය සඳහා කිළිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන හා වාර්ෂික ගිණුම් වාර්තාව

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
ආනවිලුන්දාව තෙත්බිම විනාශ කිරීම

වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය, ගරු සී. බී. රත්නායක මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

පෞද්ගලික පැහැදිලි කිරීම්

ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා විසින් තමාට එරෙහිව පළ කළ අදහස් පිළිබඳව ගරු තලතා අතුකෝරල මහත්මිය විසින් පෞද්ගලික පැහැදිලි කිරීමක් කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 19 දක්වා සඳහන් වන) විවාදයට ගෙන හෙට දිනට කල් තබන ලදී:-

(i)    නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් නමයක්
(ii)    සුරාබදු ආඥාපනත යටතේ නියෝග දහයක්

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“සමෘද්ධි ව්‍යාපාරයේ ගැටළු” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ජගත් කුමාර මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1926 ට 2020 සැප්තැම්බර් මස 10 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks