01

E   |     |  

පෙන්වන්න


2026 ජනවාරි මස 23 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2026 පෙබරවාරි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2026 පෙබරවාරි මස 03 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත යටතේ රෙගුලාසි – අනුමත කිරීමට
(මෙම රෙගුලාසි 2026.01.23 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, ඒ පිළිබඳ යෝජනාව 2026.01.23 දින නිකුත් කිරීමට නියමිත අංක 3(4) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2026 පෙබරවාරි මස 04 වැනි බදාදා

මෙම දිනයේ පාර්ලිමේන්තු රැස්වීම් නොමැත
(නිදහස් දිනය - ප්‍රසිද්ධ නිවාඩු දිනය)
 

2026 පෙබරවාරි මස 05 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 (i) විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2026.01.23 දින අංක 126 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 4 බලන්න)
(ii) කන්ටේනර් ඩිපෝ මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ පනත් කෙටුම්පත – දෙවැනිවර කියවීම
(iii) නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙනයන්නන්ට, යාත්‍රා‍ ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබාදීමේ (සංශෝධන) පනත් කෙටුම්පත – දෙවැනිවර කියවීම

(2026.01.20 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ඉහත (ii) සහ (iii) අයිතමවල සඳහන් පනත් කෙටුම්පත්, එකී පනත් කෙටුම්පත්වලට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනු නොකළහොත් විවාදයට ගැනෙනු ඇත)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
 

2026 පෙබරවාරි මස 06 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00

ඉදිරිපත් කිරීමට නියමිත පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා —
(i) ජාතික ක්‍රීඩා කණ්ඩායමක් නියෝජනය කරනු ලබන හෝ ජාතික මට්ටමේ වාර්තාවකට හිමිකම් කියනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ ඕනෑම උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අවකාශ සලසා දීම (ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා)
(ii) ශ්‍රී ලංකා විදේශ සේවයේ පත්වීම් ලබාදීම විධිමත් කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීම (ගරු චමින්ද වි‍ජේසිරි මහතා)
(iii) ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ආයතන දේශපාලනීකරණයෙන් තොර කිරීම (ගරු රවී කරුණානායක මහතා)
(iv) බිම් මට්ටමේ පවතින සියලුම‍ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ඇති ජනතා අප්‍රසාදය වළක්වා ගැනීමට කටයුතු කිරීම (ගරු ලාල් ප්‍රේමනාත් මහතා) 
(v) මහාචාර්ය, ආචාර්ය තනතුරු අවභාවිත කිරීම වළක්වා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කිරීම (ගරු රෝහණ බංඩාර මහතා)
(vi) ඛනිජ තෙල්, ඉන්ධන හා ජලය පිළිබඳ කර්මාන්ත ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නියාමනයට ය‍ටත් කිරීම (ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා) 
(vii) ෆයිනස් වගාවන් හේතුවෙන් ජල මූලාශවල‍ට සහ පරිසරයට සිදුවන හානිය වැළැක්වීමට ක්‍රමවේදයක් සකස් කිරීම (ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා)

ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks