පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2022 ඔක්තෝබර් 31 වැනිදා සහතිකය සටහන් කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් වත්මන් ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව’ හඳුන්වා දෙන ලදී.
41අ ව්‍යවස්ථාව අනුව (මෙහි මින්මතු “සභාව” ලෙස ද සඳහන් කෙරෙන) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය පහත පරිදි වේ:-
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41අ (2) ව්‍යවස්ථාව අනුව කථානායකවරයා සභාවේ සභාපතිවරයා විය යුතු ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉහත එක් එක් සාමාජිකයින් පත් කිරීම සම්බන්ධයෙන් අනුගමනය කරනු ලැබිය යුතු ක්‍රියාවලිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් දක්වා ඇත. ඉහත (ඉ) අනු ඡේදයෙහි දක්වන ලද තැනැත්තන් පස් දෙනා නම් කිරීමේදී, අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින්, වෘත්තීය සහ සාමාජීය විවිධත්වය ඇතුළුව ශ්‍රී ලාංකීය සමාජයේ බහුත්ත්ව ලක්‍ෂණය සභාවෙන් පිළිබිඹු වන බව සහතික කරනු ලැබිය යුතු ය.
ඉහත (ඉ) අනු ඡේදය යටතේ පත් කරනු ලැබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් නොවන තැනැත්තන් විශිෂ්ටත්වයෙන් හා අවංකභාවයෙන් යුත්, පොදු හෝ වෘත්තීය ජීවිතයේ දී කීර්තියට පත්, කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයන් නොවන තැනැත්තන් විය යුතු ය. එම නාමයෝජනා පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලැබිය යුතුය.
නිල බලයෙන්ම පත් නොවන සභාවේ සාමාජිකයින්ගේ ධුර කාලය පත් කරන ලද දිනයේ සිට අවුරුදු තුනකි.
පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුව ද, නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස තේරී පත් වන තෙක් ඒ දක්වා සිටි කථානායකවරයා විසින් සභාවේ සාමාජිකයෙකු ලෙස එම ධුරය දරනු ලැබිය යුතුය.
පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූව ද, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා සහ සභාවේ සාමාජිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන තෙක් හෝ විපක්ෂ නායකවරයා ලෙස පිළිගනු ලබන තෙක් හෝ එවැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවක් සභාවේ සාමාජිකයින් ලෙස පත් කරන තෙක් සභාවේ සාමාජිකයන් ලෙස තවදුරටත් ධුරය දැරිය යුතුය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වත්මන් සංයුතිය පහත සඳහන් පරිදි වේ:-
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මෙන්ම අනෙකුත් නීති යටතේ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත කාර්යයන් පැවරී ඇත.
1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ ව්‍යවස්ථාවේ උපලේඛනයෙහි දක්වා ඇති කොමිෂන් සභාවල සභාපතිවරයන් සහ සාමාජිකයින් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත නාමයෝජනා නිර්දේශ කිරීම.
41ආ ව්‍යවස්ථාවේ උපලේඛනයෙහි දක්වා ඇති කොමිෂන් සභා:-
2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ ව්‍යවස්ථාවේ උපලේඛනයෙහි දක්වා ඇති ධුරයන්ට පත් කිරීම් සිදු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කරනු ලබන නිර්දේශ අනුමත කිරීම/ අනුමත නොකිරීම.
41ඇ ව්‍යවස්ථාවේ උපලේඛනයෙහි දක්වා ඇති ධුරයන්:-
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ වෙන යම් ලිඛිත නීතියක් මගින් සභාව වෙත පනවනු හෝ පවරනු ලැබිය හැකි වෙනත් කාර්යයන් සහ කර්තව්‍යයන් කිරීමට සහ ඉටුකිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41උ (2) ව්‍යවස්ථාව මඟින් සභාව වෙත විධිවිධාන සලසා ඇත.
පහත සඳහන් නීති මඟින් එකී නීතිවල දක්වා ඇති කාර්යයන් ඉටුකරන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත පවරා ඇති විධිවිධාන අන්තර්ගතව ඇත:-
සභාව විසින් සෑම මාස තුනකට ම වරක් ඊට පෙරාතුව වූ මාස තුන තුළ එහි කටයුතු පිළිබඳ වාර්තාවක් ජනාධිපතිවරයා වෙත සහ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුත්තේය.
ස්වකීය කාර්ය හා කර්තව්‍ය කිරීමට හා ඉටු කිරීමට අදාළව රීති සෑදිමට සභාවට බලය ඇත්තේය. එකී සියලු රීති ගැසට් පත්‍රයේ පළ කරනු ලැබිය යුතු අතර, එකී පළ කිරීමෙන් මාස තුනක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුත්තේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඉ ව්‍යවස්ථාව ප්‍රකාරව, සෑම මාසයකම අවම වශයෙන් දෙවාරයක් සභාව රැස්විය යුතු අතර, අවශ්‍ය විය හැකි තාක් වාර ගණනක් රැස්විය හැකිය.
සභාවේ සභාපතිවරයා සභාවේ සෑම රැස්වීමක ම මුලසුන දැරිය යුතු අතර, සභාපතිවරයා පැමිණ නැති විට අග්‍රාමාත්‍යවරයා ද, අග්‍රාමාත්‍යවරයා පැමිණ නැති විට විපක්ෂයේ නායකවරයා ද සභාවේ රැස්වීම්වල මුලසුන දැරියයුත්තේය.
සභාවේ යම් රැස්වීමක් සඳහා ගණපූරණය සාමාජිකයින් පස් දෙනෙකු විය යුතුය. සභාව විසින් කරනු ලැබිය යුතු සෑම නිර්දේශයක්, අනුමත කිරීමක් හෝ ගනු ලබන සෑම තීරණයක් ම ඒකමතිකව තීරණය කිරීමට සභාව විසින් උත්සාහ දරනු ලැබිය යුතු අතර, ඒකමතික තීරණයක් ගත නොහැකි අවස්ථාවක දී සභාවේ රැස්වීමට පැමිණ සිටින සභාවේ සාමාජිකයින් පස් දෙනෙකුට නොඅඩු සංඛ්‍යාවක් විසින් සනාථ කළ හොත් මිස, සභාව විසින් කරන ලද යම් නිර්දේශයක්, අනුමත කිරිමක් හෝ ගනු ලැබූ යම් තීරණයක් හෝ බල සහිත නොවන්නේය.
සභාවේ සභාපතිවරයාට හෝ මුලසුන දරන සාමාජිකයාට මුල් ඡන්දයක් හිමි නොවන නමුත් තීරණය කරනු ලැබිය යුතු යම් ප්‍රශ්නයක් සඳහා ඡන්දය සම සමව ලැබුණු අවස්ථාවක දී සභාපතිවරයාට හෝ මුලසුන දරන වෙනත් සාමාජිකයාට තීරක ඡන්දයක් තිබිය යුතුය. 41ආ ව්‍යවස්ථාව හෝ 41ඇ ව්‍යවස්ථාව ප්‍රකාරව යම් පත්කිරීමක් සඳහා යෝග්‍ය තැනැත්තන්ගේ නම් නිර්දේශ කිරීම සඳහා හෝ අනුමත කිරීම සඳහා අනුගමනය කළ යුතු කාර්ය පටිපාටි ද ඇතුළුව, සභාවේ රැස්වීම් සහ ඒ රැස්වීම්වල දී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය සභාව විසින් තීරණය කරනු ලැබිය යුතු ය.
සභාව විසින් සභාවේ මහ ලේකම්වරයා වසර තුනක (03) කාලයක් සඳහා පත් කරනු ලැබිය යුතුය.
සභාව විසින් තීරණය කරනු ලබන කොන්දේසි සහ නියමයන් ප්‍රකාරව, ස්වකීය කාර්යයන් ඉටු කිරීම සඳහා අවශ්‍ය යැයි සභාව විසින් සලකනු ලබන නිලධාරීන් සභාව විසින් පත් කරනු හැකිය.
පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් ඒ. එච්. එම්. එච්. එච්. එස්. අබේරත්න මහතා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩබලන මහ ලේකම්වරයා ලෙස, මේ වන විට කටයුතු කරයි.
ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා, පා.ම.
සභාපති
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.
සාමාජික
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
සාමාජික
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
සාමාජික
ගරු අබූබකර් අතම්බාවා මහතා, පා.ම.
සාමාජික
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
සාමාජික
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.
සාමාජික
ආචාර්ය ප්‍රතාප් රාමානුජම් මහතා
සාමාජික
වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර මහත්මිය
සාමාජික
ආචාර්ය දිනේෂා සමරරත්න මහත්මිය
සාමාජික
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks