E   |     |  

2020 සැප්තැම්බර් මස 10 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A: පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සහ තේරීම් කාරක සභාවේ රැස්වීම්
B: ගෘහ්‍ය කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
C: ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ශ්‍රී  ලංකා  ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2019 වර්ෂයේ සිව්වැනි කාර්තුව (2019.10.01 – 2019.12.31) සඳහා මුදල් කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව; සහ

(ii)    ශ්‍රී  ලංකා  ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2019 වර්ෂයේ තෙවැනි කාර්තුව (2019.07.01 – 2019.09.30) සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය සාධන  වාර්තාව

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2019 වර්ෂය සඳහා ජනාධිපති කාර්යාලයේ කාර්යසාධන වාර්තාව
(ii)    2019 වර්ෂය සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ කාර්යසාධන වාර්තාව
(iii)    2019 වර්ෂය සඳහා ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(iv)    2019 වර්ෂය සඳහා පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරියේ කාර්යසාධන වාර්තාව
(v)    2019 වර්ෂය සඳහා ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(vi)    2019 වර්ෂය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(vii)    2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(viii)    2018 වර්ෂය සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(ix)    2019 වර්ෂය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(x)    2019 වර්ෂය සඳහා උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(xi)    2018 වර්ෂය සඳහා මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ වාර්ෂික ගිණුම්
(xii)    2019 වර්ෂය සඳහා රාජ්‍ය පරිපාලන හා ආපදා කලමනාකරණ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව හා ගිණුම්
(xiii)    2019 වර්ෂය සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(xiv)    2019 වර්ෂය සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(xv)    2019 වර්ෂය සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(xvi)    2019 වර්ෂය සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාං‍ශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(xvii)    2019 වර්ෂය සඳහා ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව
(xviii)    2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා‍ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව
(xix)    2019 වර්ෂය සඳහා ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව
(xx)    2019 වර්ෂය සඳහා ඉඩම් කොමසාරිස් ‍ජනරාල් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(xxi)    2019 වර්ෂය සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අංශයේ කාර්යසාධන වාර්තාව
(xxii)    2018 වර්ෂය සඳහා මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව
(xxiii)    2018 වර්ෂය සඳහා ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව
(xxiv)    2018 වර්ෂය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව
(xxv)    2019 වර්ෂය සඳහා නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව

(xxvi)    2017 වර්ෂය සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(xxvii)    2017 වර්ෂය සඳහා අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ වාර්ෂික වාර්තාව

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
එම්.සී.සී. යෝජනා සමාලෝචනය කිරීමේ කමිටුවේ වාර්තාව

මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය, ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 31 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)    නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් නමයක්
(ii)    සුරාබදු ආඥාපනත යටතේ නියෝග දහයක්
(iii)    වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝග හයක්
(iv)    රේගු ආඥාපනත යටතේ යෝජනා හයක්

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1923 ට 2020 සැප්තැම්බර් මස 11 වැනි සිකුරාදා පැය 1030 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks