පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණෙන සියලුම අමුත්තන්ට විවිධ පහසුකම් සලසා ඇත.
පාර්ලිමේන්තු පරිශ්‍රය තුලට ආහාර වර්ග හෝ දියර වර්ග රැගෙන ඒම සපුරා තහනම් වේ. එබැවින් පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පිවිසීමට ප්‍රථම අවශ්‍ය ආහාර සහ පාන ලබා ගන්නා මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
ඔබගේ පාර්ලිමේන්තු සංචාරය අතරතුර ඔබගේ ප්‍රයෝජනය පිණිස පහත පහසුකම් සලසනු ලැබේ.
ජයන්තිපුර ආපනශාලාව අමුත්තන්ගේ රථ ගාලට යාබදව පිහිටා ඇති අතර සියලු අමුත්තන්ට විවෘතය. එහි ශීත සහ උණුසුම් පාන වර්ග ගණනාවක් අලෙවියට ඇති අතර දිවා සහ උදෑසන ආහාර ද ලබා ගත හැකිය. ඊට අමතරව රසවත් පේස්ට්‍රි සහ කේක් ද ඇතුලත් බේකරි අංශයක්ද එහි වෙයි.
විවෘතව තබන වේලාව : උදෑසන 8.30 සිට රාත්‍රී 8.30 දක්වා.
මහජන පිළිගැනීම් කවුන්ටරයට යාබදව පිහිටි මහජන අවන්හලෙන් ආහාර පාන මිලදී ගැනීමටත් ඒවා පරිභෝජනය කිරීමටත් ඔබට ඉඩ සලසා තිබේ.
විවෘතව තබන වේලාව : උදෑසන 8.30 සිට සවස 3.00 දක්වා.
ඔබගේ පහසුව පිණිස, පාර්ලිමේන්තු සංකීර්ණයෙහි මහජන පිවිසුම අසල සහ පාර්ලිමේන්තුව ඉදිරිපස පිහිටි ක්‍රීඩා පිටියට ඔබ්බෙහි වන ආපනශාලා පරිශ්‍රයෙහි, සමරු භාණ්ඩ අළෙවි සැල් පිහිටුවා ඇත . ඔබගේ සංචාරය නිමකොට නික්ම යන විට රැගෙන යා හැකි ත්‍යාග සහ සමරු භාණ්ඩ මාලාවක්, මෙම අලෙවිසැල්වල අළෙවියට ඇත. පනත් කෙටුම්පත් පිළිබද ශ්‍රේෂ්ඨාධිකරන තීන්දු , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තුව පිළිබද ප්‍රකාශන ද ඇතුලත් පාර්ලිමේන්තු ලේඛන ද ඊට අයත්ය.
සමරු භාණ්ඩ අළෙවි සැල
ජයන්තිපුර පාර්ලිමේන්තු සමරු අලෙවි සැල - ස්ථානය: පාර්ලිමේන්තු මහජන රථ ගාල
සඳුදා සිට සිකුරාදා දක්වා : උදෑසන 8.30 සිට සවස 4.00 දක්වා.
සෙනසුරාදා : උදෑසන 8.30 සිට සවස 1.00 දක්වා.
ඉරිදා දිනවල සහ ප්‍රසිද්ධ නිවාඩු දිනවල සමරු අලෙවි සැල වසා තැබෙන බව කරුණාවෙන් සළකන්න.
පාර්ලිමේන්තු සමරු අලෙවි සැල
සඳුදා සිට සිකුරාදා දක්වා : උදෑසන 8.30 සිට සවස 4.00 දක්වා.
සෙනසුරාදා හා ඉරිදා සහ ප්‍රසිද්ධ නිවාඩු දිනවල සමරු අලෙවි සැල වසා තැබෙන බව කරුණාවෙන් සළකන්න.
විමසීම් සදහා අමතන්න:
විමන්සා විදුරංගි - විෂය භාර නිලධාරී.
දුරකථන - 0094 112 777 554
0094 112 777 100 දිගුව; 5424
විද්‍යුත් තැපැල් ලිපිනය : vimansa_v@parliament.lk
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks