ඇතුළු වීම
- සියලුම අමුත්තන් ජයන්තිපුර පිවිසුම හරහා පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුල් විය යුතුය. ගැලරි වෙත පිවිසෙන අමුත්තන් මහජන පිවිසුමෙහි පිළිගැනීමේ කවුන්ටරය අසල මහජන පිවිසුම් ද්වාරය හරහා ඇතුළු විය යුතුය.
- පහත ස්ථානයන්හිදී ඔබ ශාරීරික ආරක්ෂක සෝදිසි කිරීමකට ලක් කෙරෙනු ඇත:
- ජයන්තිපුර පිවිසුම.
- කාර්ය මණ්ඩල / රාජ්‍ය නිලධාරී / මහජන / මන්ත්‍රී පිවිසුම්.
- ගැලරි පිවිසුම - යම් සැක කටයුතු සිද්ධියකදී පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ ඇති ඕනෑම ස්ථානයකදී ඔබව ශාරීරික ආරක්ෂක සෝදිසි කිරීමකට ලක් කිරීමට ඉඩ ඇත.
- පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ කාර්ය මන්ඩලයේ සාමාජිකයකු කැටුව පැමිණෙන අමුත්තන් ජයන්තිපුර පිවිසුම හරහා පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුල් විය යුතුය. ඔවුන් ශාරීරික ආරක්ෂක සෝදිසි කිරීමකට හා අනන්‍යතාව තහවුරු කර ගැනීමකට ලක් කෙරෙනු ඇත.
- ඔබ මහජන පිවිසුමෙහි පිළිගැනීමේ කවුන්ටරය වෙත පැමිණ අවශ්‍ය කටයුතු සම්පූර්ණ කළ යුතුය.