වාහන නැවැත්වීම
- ආරක්ෂක හේතූන් මත වාහනයෙන් ගමන් කිරීම සීමාවන්ට යටත් වේ. නරඹන්නන්ට පාර්ලිමේන්තු සංකීර්ණයට විරුද්ධ පසින් පිහිටි ක්‍රීඩා පිටියට යාබදව ඇති අවන්හල පිහිටි ප්‍රදේශයේ තම වාහන නවතා තැබිය හැකිය.
- විශේෂ අවසරයක් නොමැති නම්, සාමාන්‍ය අවසර යටතේ ඔබගේ පෞද්ගලික වාහනය සමඟ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළට ඇතුළු වීමට ඔබට අවසර නොමැත.
- ජයන්තිපුර වාහන නැවතුම්පොළේ ඔබගේ වාහනය නවත්වන්න (ඔබගේ භාණ්ඩ වාහනය තුළ තබා ගැනීමට අපි නිර්දේශ කරමු).
- මාර්ගය හරහා ගොස් ආරක්ෂක කවුන්ටරය වෙත යන්න.
- ඔබ පැමිණි බව රාජකාරියේ නියුතු ආරක්ෂක නිලධාරියාට දන්වන්න.
- අදාළ ලේඛනගත කිරීමේ ක්‍රියාවලියෙන් පසු, ඔබගේ භාණ්ඩ ආරක්ෂක කවුන්ටරයට භාර දෙන්න.
- මහජන පිවිසුම වෙත ළඟා වීමට පාර්ලිමේන්තු බස් රථ (ෂටල්) සේවාව භාවිත කරන්න.