පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 1985 අංක 48 දරන පනතින් සහ 1987 අංක 28 දරන පනතින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 20 වැනි වගන්තිය යටතේ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2014 ජුලි 21 දිනැති අංක 1872/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(ii) 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 3 වැනි වගන්තිය සමග කියවිය යුතු 34 වැනි වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2014 මැයි 19 දිනැති අංක 1863/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(iii) 2013 වර්ෂය සඳහා ලංකා බැංකුවේ
(iv) 2013 වර්ෂය සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ
(v) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා (HDFC) බැංකුවේ
(vi) 2012/2013 වර්ෂය සඳහා මිල්කෝ (පුද්ගලික) සමාගමේ
(vii) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ
(viii) 2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ
(ix) 2012 මූල්‍ය වර්ෂය සඳහා ජාතික පර්යේෂණ සභාවේ
(x) 2011 වර්ෂය සඳහා සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ
වාර්ෂික වාර්තා
(xi) 2013 වර්ෂය සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ
(xii) 2013 වර්ෂය සඳහා මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යාංශයේ
(xiii) 2013 වර්ෂය සඳහා ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ
(xiv) 2013 වර්ෂය සඳහා රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ
කාර්යසාධන වාර්තා
(xv) ශ්‍රී ලංකා ජාතික මානව සම්පත් හා සේවා නියුක්ති ප්‍රතිපත්තිය
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී:-
(i) මහනගර සභා (සංශෝධන) - (252 වැනි අධිකාරය වූ) මහ නගර සභා ආඥාපනත සංශෝධනය කිරීම සඳහා.
(ii) නගර සභා (සංශෝධන) - (255 වැනි අධිකාරය වූ) නගර සභා ආඥාපනත සංශෝධනය කිරීම සඳහා.
(iii) ප්‍රාදේශීය සභා (සංශෝධන) - 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීම සඳහා.
(iv) පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) - (262 වැනි අධිකාරය වූ) පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා.
(v) පළාත් පාලන ආයතනවල පුරප්පාඩු පිරවීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) - 2013 අංක 30 දරන පළාත් පාලන ආයතනවල පුරප්පාඩු පිරවීමේ (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා.
සහ
(vi) “ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන”
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමා විසින් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයේ සංවර්ධනය සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; ඉදිකිරීම් කර්මාන්තයේ කටයුතු නියාමනය කිරීම, ලියාපදිංචි කිරීම, විධිමත් කිරීම සහ ප්‍රමිතිකරණය කිරීම සඳහා ද; ඉදිකිරීම් සම්බන්ධ ජාතික උපදේශක සභාව පිහිටුවීම සඳහා ද; ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය පිහිටුවීම සඳහා ද; ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අරමුදල සහ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ අරමුදල පිහිටුවීම සඳහා ද; කර්මාන්තයට අදාළ වෘත්තිකයන්, නිෂ්පාදකයන්, සැපයුම්කරුවන්, කොන්ත්‍රාත්කරුවන් සහ ශිල්පීන්ගේ දියුණුව සහ සුභසාධනය සඳහා විධිවිධාන සැලසීම පිණිස ද; ඉදිකිරීම් කටයුතුවලට අදාළ ආරවුල් නිරවුල් කිරීම සහ ඒ හා සම්බන්ධිත හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලස්වීම පිණිස වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
බෙදුම් නඩු පනත යටතේ නියෝග
සභාව විසින් සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“ඉන්ධන ගෙන්වීම, ගබඩා කිරීම, ආදිය සම්බන්ධ ගැටලු” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1905 ට 2014 අගෝස්තු මස 20 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks