පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2003 අංක 3 දරන රාජ්‍ය මුල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ 10 වැනි වගන්තිය යටතේ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව 2014
(ii) 2013 වර්ෂය සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ
(iii) 2013 වර්ෂය සඳහා සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ
(iv) 2013 වර්ෂය සඳහා ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ
(v) 2013 වර්ෂය සඳහා තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ
(vi) 2013 වර්ෂය සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ
(vii) 2013 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ
(viii) 2013 වර්ෂය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ
(ix) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ
(x) 2013 වර්ෂය සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ
කාර්යසාධන වාර්තා
(xi) 2011 වර්ෂය සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
කාලාවරෝධ (විශේෂ විධිවිධාන)
ශ්‍රී ලංකාවේ පැවති යුධ ත්‍රස්තවාදී කණ්ඩායමක ක්‍රියාකාරකම් හේතුකොටගෙන අධිකරණවලදී තම අයිතිවාසිකම් අනුව ක්‍රියා කිරීමට හෝ තමන් වෙනුවෙන් විත්තිවාචක ඉදිරිපත් කිරීමට නොහැකි වූ තැනැත්තන් සම්බන්ධයෙන් විශේෂ නීතිමය විධිවිධාන සැලැස්වීමට හැකිවීම සඳහා ද ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා ද වූ පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“බර්ටි දිසානායක පදනම (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු මනූෂ නානායක්කාර මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සේවා අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පළිබෝධ නාශක පාලනය කිරීමේ පනත යටතේ නියෝග
සභාව විසින් සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“ගාල්ල, ඉහළ ඩික්සන් පාර වසා දැමීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අජිත් කුමාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1905 ට 2014 ජූලි මස 23 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks