පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1955/’17
ගරු කනක හේරත් මහතා,— ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2017 අයවැයෙන් ග්‍රාම නිලධාරින්ගේ රාජකාරි කටයුතු පහසු කිරීම සඳහා ලබාදීමට පොරොන්දු වූ පරිගණක යන්ත්‍ර ලබාදීම ක්‍රියාත්මක වන්නේද;
(ii) මේ වනවිට ග්‍රාම නිලධාරින්ට පරිගණක යන්ත්‍ර ලබා දී ඇති දිස්ත්‍රික්ක සහ ලබා දී ඇති පරිගණක සංඛ්‍යාව කවරේද;
(iii) මේ වනවිට ග්‍රාම නිලධාරින්ට පරිගණක යන්ත්‍ර ලබා දී නොමැති දිස්ත්‍රික්ක සහ ලබා දීමට ඇති පරිගණක සංඛ්‍යාව කවරේද;
(iv) ඉහත (iii) හි සඳහන් පරිගණක ලබා දෙනු ලබන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ග්‍රාම නිලධාරින්ගේ කාර්යාල පවත්වාගෙන යනු ලබන ගොඩනැගිලි සඳහා කුලී වශයෙන් රජය මඟින් ගෙවනු ලබන දීමනාව ග්‍රාමීය සහ නාගරික ප්‍රදේශ අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ගෙවනු ලබන මෙම දීමනාව කාලීන වශයෙන් ප්‍රමාණවත් වන්නේද;
(iii) ප්‍රමාණවත් නොවේ නම්, මෙම දීමනාව වැඩි කිරීමට පියවර ගන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-11-10
අසන ලද්දේ
ගරු කනක හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ස්වදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ජාතික වැදගත්කමකින් යුත් පුණ්‍ය භූමියකි.
(ii) ඔව්.
(ආ) (i) එම ප්‍රදේශය සඳහා මේ වන තෙක් නළ ජල එළීම සිදු කර නොමැති බැවින්,ඉදිරියේදී අනුරාධපුර උතුරු විසල් ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වීමට නියමිත යාන් ඔය ව්‍යාපෘතිය යටතේ එම ප්‍රදේශයට නළ එළීම සිදු කිරීමට ඇතුළත් කර ඇත.
(ii) ඔව්.
විහාරස්ථානයේ ඉදි කර ඇති නළ ළිඳේ ජලය ප්‍රමාණවත් නොමැත. එසේම නාවික හමුදා නිලධාරින් බවුසර් මඟින් ජලය සපයා ගන්නා ලද අතර, විහාරස්ථානයේ කුඩා බවුසර් රථයෙන් ද ජලය සපයා ගනු ඇත. එයද ප්‍රමාණවත් නොවන අවස්ථාවන්හිදී විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම පරිදි අවශ්‍ය වූ විට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ බවුසර් මඟින් භූගත ජල ගබඩා ටැංකිවලට ජලය සැපයීම සිදු කරනු ලබයි.
(iii) ඔව්.
භූගත ජල ගබඩා ටැංකියට ජලය සැපයීම පමණක් සිදු කරන බවත්, විහාරස්ථාන භූමිය තුළ එලා ඇති නළ ඔස්සේ ජලය බෙදා හැරීමේ කටයුතු විහාරයේ දායක සභාව විසින් සිදු කර ගනු ලබයි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-11-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks