පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1852/’17
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ග්‍රාම නිලධාරින් බඳවා ගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟින් විධිමත් බඳවා ගැනීමේ පටිපාටියක් ක්‍රියාත්මක වන බව පිළිගන්නේද;
(ii) නවක ග්‍රාම නිලධාරින් බඳවා ගැනීමට විභාග දෙපාර්තමේන්තුව මඟින් තරග විභාගයක් පවත්වා ප්‍රතිඵල නිකුත් කිරීමට ආසන්නව තිබියදී, විශ්‍රාම ගොස් සිටින ග්‍රාම නිලධාරින් කොන්ත්‍රාත් පදනමින් බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින්නේද;
(iii) එසේ නම්, එමඟින් තරග විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට බලවත් අසාධාරණයක් සිදුවන බව පිළිගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නව බඳවා ගැනීම් කොන්ත්‍රාත් පදනමින් සිදුකරන්නේ නම්, ඒ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-10-17
අසන ලද්දේ
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.
අමාත්‍යාංශය
ස්වදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) නැත.
පුරප්පාඩු සඳහා නවක නිලධාරින් බඳවා ගැනීමට කටයුතු සිදු කරමින් පවතින අතර නවන නිලධාරින් බඳවා ගන්නා තෙක් පමණක් කොන්ත්‍රාත් පදනම එම විශ්‍රාමික ග්‍රාම නිලධාරින් බඳවා ගැනීමට කටයුතු කර ඇත.
(ආ) අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-10-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වජිර අබේවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks