01

E   |     |  

 දිනය: 2017-09-21   පිළිතුර ලබා දී ඇත 

1773/2017: ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ විශේෂ ශ්‍රේණියට උසස් වීම් : විස්තර

1773/’17

ගරු විජිත හේරත් මහතා,— රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      2010.09.10 දිනැති අංක 1670/33 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශිත ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවා ව්‍යවස්ථාව අනුව නිලධාරින් විශේෂ ශ්‍රේණියට උසස් කිරීමේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමතියට පටහැනි ලෙස උසස්වීම් ලබාදී තිබේද;

(ii) පශ්චාත් උපාධි සුදුසුකම් නොමැති නිලධාරින්ට විශේෂ ශ්‍රේණියට උසස්වීම් ලබාදීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඉල්ලීමක් කර තිබේද;

(iii) එසේ නම්, එම කාලවකවානුව කවරේද;

(iv) රාජ්‍ය සේවා කොමිෂන් සභාව එයට අනුමතිය ලබාදී තිබේද;

(v) එම සම්මුඛ පරීක්ෂණය සඳහා නිලධාරින් 82ක් කැඳවූයේද;

(vi) ඔවුන් අතර රාජ්‍ය සේවා කොමිෂන් සභාව අනුමත කළ, කාලවකවානුවට ඇතුළත් නිලධාරින්ගේ නාමලේඛනයක් සහ එයට අයත් නොවන නිලධාරින්ගේ නාමලේඛනයක් ඉදිරිපත් කරන්නේද;

(vii) මෙම නිලධාරින් විශේෂ ශ්‍රේණියට උසස් කර තිබේද;

(viii) එසේ නම්, එම උසස්වීම් ක්‍රියාත්මක වන දිනය කවරේද;

(ix) රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමයන්ට පටහැනි ලෙස උසස්වීම් ලබාදී තිබේ නම්, ඊට වගකිවයුතු නිලධාරින් කවුරුන්ද;

(x) මෙම නිලධාරින් සම්බන්ධව ගනු ලබන පියවර කවරේද;

(xi) උසස්වීම් නොලැබීමෙන් අගතියට පත් නිලධාරින් වෙනුවෙන් ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-09-21

අසන ලද්දේ

ගරු විජිත හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)           (i)      නැත.

               (ii)      ඔව්.

              (iii)      2006.01.01 දින සිට 2011.07.30 දින දක්වා කාලය තුළ විශ්‍රාම ලැබූ නිලධාරින්ට සහ 2011.07.30 දින සිට අවුරුදු 03ක් ඇතුළත එනම් 2014.07.30 දින දක්වා විශ්‍රාම ලබන නිලධාරින්ට.   (ඇමුණුම I සහ II බලන්න)*

              (iv)      ඔව්.

               (v)      ඔව්.

              (vi)      ඉහත අංක (III)හි සඳහන් ආකාරයට වි‍ශේෂ ශ්‍රේණියට උසස්වීම් ලබා දීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දී ඇත. එහෙත් විශේෂ ශ්‍රේණියට උසස් කිරීම සඳහා අයදුම් පත් කැඳවීමේදී, අයදුම් පත් කැඳවීමේ නිවේදනයට සේවා ව්‍යවස්ථාවේ 10.3.1හි සඳහන් සුදුසුකම් ඇතුළත් කර අයදුම් පත් කැඳවීමට නියෝග කරමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අයදුම් පත් කැඳවීමේ නිවේදනය අනුමත කර ඇත. (ඇමුණුම III) එබැවින් එම අවස්ථාවේ විශේෂ ශ්‍රේණියට උසස් වීම් සිදු කිරීමේදී එකම නිර්ණායක අනුව සිදු කර ඇත. ඒ අනුව ලේඛන 02ක් නොමැති අතර එක් ලේඛනයක් පමණක් ඇත. විශේෂ ශ්‍රේණියේ සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීම් ලද එම නිලධාරින්ගේ ලේඛනය ඇමුණුම  IV යටතේ දක්වා ඇත.

(vii) මේ වනවිට ඉන් නිලධාරින් 67 දෙනෙකු විශේෂ ශ්‍රේණියට උසස් කර ඇත.

(viii) ඒ අනුව 2012.06.30 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඇමුණුම  IVහි සඳහන් නිලධාරින් අතුරින් විසිදෙනෙකු (20) විශේෂ ශ්‍රේණියට උසස් කර ඇත. (ඇමුණුම V)  ඇමුණුම  IVහි සඳහන් නිලධාරින් අතුරින් 47 දෙනෙකු එම නිලධාරින් සුදුසුකම් සම්පූර්ණ කරන දින සිට විශේෂ ශ්‍රේණියට උසස් කර ඇත. (ඇමුණුම VI)

(ix) රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමයන්ට පටහැනි ලෙස උසස්වීම් ලබා දී නැත.

(x) අදාළ නොවේ.

(xi) අදාළ නොවේ.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2017-09-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks