01

E   |     |  

 දිනය: 2017-10-20   පිළිතුර ලබා දී ඇත 

1746/2017: පාර්ලිමේන්තුවේ අය වැය කාර්යාලයක් පිහිටුවීම: විස්තර

1746/’17

ගරු වාසුදේව නානායක්කාර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)           (i)       පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයක් පවත්වාගෙන යාමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වන්නේද; ‍

 

             (ii)       සිදුවිය හැකි අයවැය කප්පාදු කිරීම් පිළිබඳව විමසා බැලිය හැකි ආයතනය කවරේද;

(iii) අයවැයෙන් දෙනු ලැබූ පොරොන්දුවල ක්‍රියාකාරිත්වයේ ප්‍රගතිය පාර්ලිමේන්තුව දැනගන්නේ කෙසේද;

(iv) 2017 අයවැයේ සුභසාධන ‍යෝජනා ඉටුකිරීමේ දින සටහනක් (කැලැන්ඩරයක්) ලබා දෙන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2015 අයවැය යෝජනාවලින් ඉටු නොකරන ලද යෝජනා කවරේද;

(ii) එම යෝජනා ඉටු නොකිරීමට හේතු කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-10-20

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්. දැනට නීති කෙටුම්පත් සම්පාදක විසින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පරිදි අදාළ පනත කෙටුම්පත් කරමින් පවතී.

              (ii)      අය වැය පිළිබඳ විවාදය පැවැත්වීමෙන් අනතුරුව එය සම්මත කරනු ලබන්නේ පාර්ලිමේන්තුව මඟිනි. පාර්ලිමේන්තුව තුළදී ඒ සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක විමසිය හැක.

(iii) රජයේ සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල වැනි සියලුම ආයතන තම වාර්ෂික කාර්ය සාධන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබයි. එසේම, රාජ්‍ය මුදල් කමිටුව හා ආංශික අධීක්ෂණ කමිටු හරහා මේ සම්බන්ධව විමසිය හැක.

(iv) විවිධ අමාත්‍යාංශ හා ආයතන විසින් අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. එම ආයතනවල වාර්ෂික වාර්තාවල හා ක්‍රියාකාරී සැලසුම්වල මෙ‍ම තොරතුරු ඇතුළත් කරනු ලැබේ.

(ආ) (i) දින 100 වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී පොරොන්දු වූ සියලු සහන ජනතාවට ලබාදෙන ලදී.

(ii) අදාළ‍ නොවේ.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2017-10-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks