01

E   |     |  

 දිනය: 2017-08-24   පිළිතුර ලබා දී ඇත 

1636/2017: Lanka Coal Company Ltd. - Employees and Director Board

1636/’17

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)       සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගම (Lanka Coal Company (Pvt.) Ltd.) පිහිටුවීමේ අරමුණ කවරේද;

            (ii)       එම සමාගමේ මේ වනවිට සේවය කරන සේවකයන් සංඛ්‍යාව කොපමණද;

  (iii)  එම සමාගමේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය කවුරුන්ද;

  (iv)  2016 ජූලි මාසයට අදාළව, එම සමාගමේ සභාපතිවරයා, අධ්‍යක්ෂ මණ්ඩලය සහ සේවකයන් විසින් ලබාගෙන ඇති වැටුප් සහ සියලු දීමනා කවරේද;

  (v)  එකී සමාගම පිහිටුවීමෙන් අපේක්ෂා කළ අරමුණු ඉටු වී තිබේද;

  (vi)  ගල් අඟුරු මිලදී ගැනීම වැනි බරපතල ව්‍යාපාරික කටයුත්තක් සිදු කිරීමට එකී සමාගමට හැකියාව තිබේද;

  යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-08-24

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks