පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1635/’17
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගම (Lanka Coal Company (Pvt.) Ltd.) පිහිටුවන ලද දිනය කවරේද;
(ii) එකී සමාගමේ ගිණුම් වාර්ෂිකව විගණනය කර තිබේද;
(iii) එසේ නම්, ඒ කවර ආයතනයක් විසින්ද;
(iv) ගිණුම් විගණනය කර නොමැති නම්, එයට හේතුව කවරේද;
(v) එම සමාගම විසින් ගිණුම්කරණය පිළිබඳ නිසි ප්‍රමිතීන් පවත්වාගෙන යන බව සහතික කළ හැකිද;
(vi) එකී සමාගම ගිණුම්කරණය පිළිබඳ නිසි ප්‍රමිතීන් පවත්වාගෙන යාමට අපොහොසත් වී ඇත්නම්, ඊට වගකිව යුතු නිලධාරින් සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-08-23
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) අමාත්‍ය මණ්ඩලය විසින් 2016 වර්ෂයේදී ගනු ලැබූ තීරණයක් මත 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ සීමාසහිත ලංකා කෝල් (පුද්ගලික) සමාගම ලෙස 2008 ජනවාරි මස 23 වන දින පිහිටුවා ඇත.
(ii) ගිණුම් වාර්ෂිකව විගණනය කර තිබේ.
(iii) 2008 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා ඇටිකෝ ඇසෝසියේෂන් වරලත් ගණකාධිකාරී ආයතනය, 2013-2014 වර්ෂ ලෙස දක්වා ගිණුම් බී.ආර්. ද සිල්වා වරලත් ගණකාධිකාරිවරුන් ද විගණනය කර ඇත.
2015 වර්ෂයට අදාළ ගිණුම් විගණකාධිපති දෙපාර්තමේන්තුව විගණනය කර ඇති අතර 2016 වර්ෂයට අදාළ විගණන කටයුතු විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් විගණනය කරමින් පවතී.
(iv) විගණනය කර තිබේ.
(v) ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය වාර්තා පවත්වාගෙන ගොස් ඇත.
(vi) අවශ්‍ය ප්‍රමිතීන් පවත්වාගෙන ගොස් ඇති නිසා එවැන්නක් අවශ්‍ය නොවේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-08-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks