පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1611/’17
ගරු හේෂාන් විතානගේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ, වලව කලාපයට අයත් ඉඩම් අක්කර ප්‍රමාණය කොපමණද;
(ii) ඉන් ජනතාව සඳහා බෙදා දී ඇති ඉඩම් ප්‍රමාණය, එක් එක් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) අක්කර 50ට වැඩි ව්‍යාපෘති සඳහා ලබා දී ඇති ඉඩම් පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරන්නේද;
(iv) ඉහත (iii) හි සඳහන් ඉඩම් කැබිනට් අනුමතියක් මත ලබා දුන්නේද;
(v) නොඑසේ නම්, එම ඉඩම් ලබා දුන් ක්‍රමවේදය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-08-10
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ, වලව කලාපයට අයත් ඉඩම් අක්කර ප්‍රමාණය පහත පරිදි වේ.
ගොඩ අක්කර 14405
වාරි අක්කර 49400
(ii) ඉන් ජනතාව සඳහා බෙදා දී ඇති ඉඩම් ප්‍රමාණය, එක් එක් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් පහත දැක්වේ.
|
කොට්ඨාසය |
ගොඩ අක්කර |
වාරි අක්කර |
|
චන්ද්‍රිකාවැව |
3977 |
8519 |
|
කිරිඉබ්බන්වැව |
2534.4 |
4345 |
|
මුරවැසිහේන |
2579.0 |
10720 |
|
අඟුණකොළපැලැස්ස |
1281.1 |
8092 |
|
සූරියවැව |
1359.8 |
5849 |
|
මයුරපුර |
2573.7 |
11875 |
|
එකතුව |
14305 |
49400 |
(iii) ව්‍යාපෘති සඳහා අක්කර 50ට වැඩි ඉඩම් වලව කලාපයෙන් ලබා දී නොමැත.
(iv) ඉහත අ (iii) අනුව අදාළ නොවේ.
(v) අදාළ නොවේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-08-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks