01

E   |     |  

 දිනය: 2017-08-10   පිළිතුර ලබා දී ඇත 

1573/2017: මනම්පිටිය වැලි සමාගම : විස්තර

1573/’17

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      පොලොන්නරුව, මනම්පිටිය වැලි අවශ්‍යතාවය අනුව නිකුත් කිරීම සිදු කරනු ලබන්නේ මනම්පිටිය වැලි සමාගම බව දන්නේද;

             (ii)      මෙම සමාගම රජයේ සමාගමක්ද; එසේ නොමැති නම්, අර්ධ හෝ පූර්ණ පුද්ගලික සමාගමක්ද;

(iii) එම සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය කවුරුන්ද;

(iv) අදාළ සමාගම විසින් ඉල්ලුම්කරුවන්ගේ අවශ්‍යතාව අනුව වැලි නිකුත් කරනු ලබන ක්‍රමවේදය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-08-10

අසන ලද්දේ

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      පොළොන්නරුව, මනම්පිටිය වැලි අවශ්‍යතාව අනුව නිකුත් කිරීම සිදු කරනු ලබන්නේ ජි.එස්.එම්.බී. ටෙක්නිකල් සර්විසස් පුද්ගලික සමාගම මඟිනි.

              (ii)      ජී.එස්.එම්.බී. ටෙක්නිකල් සර්විසස් පුද්ගලික සමාගම මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ ගැසට් කර ඇති සමාගමකි. මෙම සමාගම 2001 සැප්තැම්බර් 08 වන දින, 1982 අංක 17 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති අතර, එය 2007 අංක 17 දරන සමාගම් පනත යටතේ නැවත ලියාපදිංචි කර ඇත.

(iii) ජී.එස්.එම්.බී. ටෙක්නිකල් සර්විසස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය පහත සඳහන් නියෝජිතයන්ගෙන් සමන්විත වේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නියෝජිතයෙකු

- නිමල් බෝපගේ මහතා

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නියෝජිතයෙකු - ආචාර්ය කිත්සිරි දිසානායක මහතා

ලංකා පොස්පේට් සමාගමේ නියෝජිතයෙකු - උපාලි දිසානායක මහතා

මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ නියෝජිතයෙකු

- ජේ.සී. වැලිගමගේ මහත්මිය

විෂය භාර අමාත්‍යවරයා විසින් පත් කරන නියෝජිතයෙකු

- පරාක්‍රම ගුණවර්ධන මහතා

(iv) ඕනෑම පුද්ගලයෙකු සඳහා මෙම වැලි ව්‍යාපෘතියෙන් වැලි ලබා ගැනීමේ හැකියාව පවතී. එහිදී ලොරි රථ පැමිණීමේ අනුපිළිවෙළ අනුව මුදල් ගෙවා ප්‍රවාහන බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව පවතී. තවද, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය වැලි ලබා දීමේ දී දිස්ත්‍රික් කමිටුවේ සහ දිස්ත්‍රික් ලේකම්තුමාගේ නිර්දේශ සැලකිල්ලට ගනු ලැබේ.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2017-08-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks