01

E   |     |  

 දිනය: 2017-07-07   පිළිතුර ලබා දී ඇත 

1294/2017: නෛතික අයිතිය නොමැති රජයේ ඉඩම්වල පදිංචිකරුවන්: මාතර දිස්ත්‍රික්කය

1294/’16

ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       නෛතික අයිතිය නොමැතිව මාතර දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම්වල මේ දක්වා   පදිංචිව සිටින හෝ වගා කරමින් සිටින පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම සංඛ්‍යාව, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) ඉහත (i) හි සඳහන් පුද්ගලයන් සංඛ්‍යාවෙන් කවර සංඛ්‍යාවකට ඔප්පු හෝ බලපත්‍ර ලබා දීමට පියවර ගෙන තිබේද;

(iv) ඉහත (iii) හි සඳහන් සංඛ්‍යාව, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) 2014 හා 2015 වර්ෂයන්හි මාතර දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම් සඳහා පිරිනමා ඇති ඔප්පු හෝ බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;

(vi) ඉහත (v) හි සඳහන් සංඛ්‍යාව, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-07-07

අසන ලද්දේ

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       නෛතික අයිතිය නොමැතිව මාතර දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම්වල මේ දක්වා පදිංචිව සිටින හෝ වගා කරමින් සිටින පුද්ගලයන් සංඛ්‍යාව 8,123ක් (අටදහස් එකසිය විසි තුනක්)  පමණ වේ.

              (ii)       එම සංඛ්‍යාව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව වෙන් වෙන් වශයෙන් පහත සඳහන් වගුවේ දක්වා ඇත.

 

 

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

රජයේ ඉඩම් අනවසරයෙන් භුක්ති විඳින සංඛ්‍යාව

අකුරැස්ස

      766

අතුරලිය

177

දෙවිනුවර

68

දික්වැල්ල

2

හක්මන

140

කඹුරුපිටිය

288

කිරින්ද පුහුල්වැල්ල

225

කොටපොල

1073

මාලිම්බඩ

18

මාතර කඩවත් සතර

32

මුලටියන

2195

පස්ගොඩ

2535

පිටබැද්දර

458

තිහගොඩ

74

වැලිගම

50

වැලිපිටිය

22

එකතුව

8123

(iii) මෙම පුද්ගලයන්ගෙන් 5,977 (පන්දහස් නවසිය හැත්තෑ හත) දෙනෙකු  සඳහා නීත්‍යනුකූල ලේඛනයක් නිකුත් කළ හැකි අතර, ඔවුන් වෙත ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බලපත්‍රයක් හෝ රජයේ ඉඩම් ආඥා පනත යටතේ දීර්ඝකාලීන බදුකරයක් ලබාදීම සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2008/4 චක්‍ර‍ලේඛයේ විධිවිධාන පරිදි ඉදිරි කටයුතු සිදුකරමින් පවතී.

(iv)

 

 

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

නිත්‍යනුකූල ලේඛනය (බලපත්‍ර/දී.කා.බ) ලබාදීමට හැකියාවක් ඇති සංඛ්‍යාව

අකුරැස්ස

360

අතුරලිය

35

දෙවිනුවර

49

දික්වැල්ල

1

හක්මන

127

කඹුරුපිටිය

87

කිරින්ද පුහුල්වැල්ල

28

කොටපොල

745

මාලිම්බඩ

18

මාතර කඩවත් සතර

7

මුලටියන

1947

පස්ගොඩ

2205

පිටබැද්දර

275

තිහගොඩ

44

වැලිගම

49

වැලිපිටිය

0

එකතුව

5977

(v) 2014 හා 2015 වර්ෂයන්හි මාතර දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම් සඳහා බෙදා දී ඇති ඔප්පු හා බලපත්‍ර සංඛ්‍යාව පහත පරිදි වේ.

 

 

2014

2015

ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බලපත්‍ර සංඛ්‍යාව

568

4474

ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ දීමනාපත්‍ර සංඛ්‍යාව

439

466

දීර්ඝ කාලීන බදු බලපත්‍ර සංඛ්‍යාව

813

934

සුනාමි දීමනාපත්‍ර සංඛ්‍යාව

166

68

වාර්ෂික බදු බලපත්‍ර සංඛ්‍යාව

-

11

එකතුව

1986

5953

 

(vi) එම සංඛ්‍යාව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව, වෙන් වෙන් වශයෙන් ඇමුණුමෙහි දැක්වේ. මම ඇමුණුම සභාගත* කරනවා.

(ආ) අදාළ නොවේ.

 

*සභාමේසය මත තබන ලද ඇමුණුම:

  சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :

  Annex tabled:

පිළිතුරු දුන් දිනය

2017-10-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks