පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1294/’16
ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) නෛතික අයිතිය නොමැතිව මාතර දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම්වල මේ දක්වා පදිංචිව සිටින හෝ වගා කරමින් සිටින පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම සංඛ්‍යාව, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ඉහත (i) හි සඳහන් පුද්ගලයන් සංඛ්‍යාවෙන් කවර සංඛ්‍යාවකට ඔප්පු හෝ බලපත්‍ර ලබා දීමට පියවර ගෙන තිබේද;
(iv) ඉහත (iii) හි සඳහන් සංඛ්‍යාව, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) 2014 හා 2015 වර්ෂයන්හි මාතර දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම් සඳහා පිරිනමා ඇති ඔප්පු හෝ බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;
(vi) ඉහත (v) හි සඳහන් සංඛ්‍යාව, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-07-07
අසන ලද්දේ
ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නෛතික අයිතිය නොමැතිව මාතර දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම්වල මේ දක්වා පදිංචිව සිටින හෝ වගා කරමින් සිටින පුද්ගලයන් සංඛ්‍යාව 8,123ක් (අටදහස් එකසිය විසි තුනක්) පමණ වේ.
(ii) එම සංඛ්‍යාව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව වෙන් වෙන් වශයෙන් පහත සඳහන් වගුවේ දක්වා ඇත.
|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
රජයේ ඉඩම් අනවසරයෙන් භුක්ති විඳින සංඛ්‍යාව |
|
අකුරැස්ස |
766 |
|
අතුරලිය |
177 |
|
දෙවිනුවර |
68 |
|
දික්වැල්ල |
2 |
|
හක්මන |
140 |
|
කඹුරුපිටිය |
288 |
|
කිරින්ද පුහුල්වැල්ල |
225 |
|
කොටපොල |
1073 |
|
මාලිම්බඩ |
18 |
|
මාතර කඩවත් සතර |
32 |
|
මුලටියන |
2195 |
|
පස්ගොඩ |
2535 |
|
පිටබැද්දර |
458 |
|
තිහගොඩ |
74 |
|
වැලිගම |
50 |
|
වැලිපිටිය |
22 |
|
එකතුව |
8123 |
(iii) මෙම පුද්ගලයන්ගෙන් 5,977 (පන්දහස් නවසිය හැත්තෑ හත) දෙනෙකු සඳහා නීත්‍යනුකූල ලේඛනයක් නිකුත් කළ හැකි අතර, ඔවුන් වෙත ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බලපත්‍රයක් හෝ රජයේ ඉඩම් ආඥා පනත යටතේ දීර්ඝකාලීන බදුකරයක් ලබාදීම සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2008/4 චක්‍රලේඛයේ විධිවිධාන පරිදි ඉදිරි කටයුතු සිදුකරමින් පවතී.
(iv)
|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
නිත්‍යනුකූල ලේඛනය (බලපත්‍ර/දී.කා.බ) ලබාදීමට හැකියාවක් ඇති සංඛ්‍යාව |
|
අකුරැස්ස |
360 |
|
අතුරලිය |
35 |
|
දෙවිනුවර |
49 |
|
දික්වැල්ල |
1 |
|
හක්මන |
127 |
|
කඹුරුපිටිය |
87 |
|
කිරින්ද පුහුල්වැල්ල |
28 |
|
කොටපොල |
745 |
|
මාලිම්බඩ |
18 |
|
මාතර කඩවත් සතර |
7 |
|
මුලටියන |
1947 |
|
පස්ගොඩ |
2205 |
|
පිටබැද්දර |
275 |
|
තිහගොඩ |
44 |
|
වැලිගම |
49 |
|
වැලිපිටිය |
0 |
|
එකතුව |
5977 |
(v) 2014 හා 2015 වර්ෂයන්හි මාතර දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම් සඳහා බෙදා දී ඇති ඔප්පු හා බලපත්‍ර සංඛ්‍යාව පහත පරිදි වේ.
|
|
2014 |
2015 |
|
ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බලපත්‍ර සංඛ්‍යාව |
568 |
4474 |
|
ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ දීමනාපත්‍ර සංඛ්‍යාව |
439 |
466 |
|
දීර්ඝ කාලීන බදු බලපත්‍ර සංඛ්‍යාව |
813 |
934 |
|
සුනාමි දීමනාපත්‍ර සංඛ්‍යාව |
166 |
68 |
|
වාර්ෂික බදු බලපත්‍ර සංඛ්‍යාව |
- |
11 |
|
එකතුව |
1986 |
5953 |
(vi) එම සංඛ්‍යාව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව, වෙන් වෙන් වශයෙන් ඇමුණුමෙහි දැක්වේ. මම ඇමුණුම සභාගත* කරනවා.
(ආ) අදාළ නොවේ.
*සභාමේසය මත තබන ලද ඇමුණුම:
சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :
Annex tabled:
පිළිතුරු දුන් දිනය
2017-10-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks