පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5768/’14
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කුරුණෑගල දිස්ත්‍රික්කයේ, කඩහපොල - රඹාවැව මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට අදාළ වන මාර්ගයේ දුර සහ පළල කොපමණද;
(ii) එම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ගත වන කාල සීමාව කවරේද;
(iii) එම මාර්ගයේ ඉදිකිරීම්කරු තෝරාගනු ලැබුවේ ටෙන්ඩර් පටිපාටියක් මගින්ද;
(iv) එසේ නම්, තෝරාගනු ලැබූ ලංසුකරුගේ/ආයතනයේ නම කවරේද;
(v) එම ව්‍යාපෘතිය සඳහා මුදල් ලබා ගන්නා මූලාශ්‍ර කවරේද;
(vi) එම මාර්ගයේ එක් කිලෝමීටරයක් ඉදිකිරීම සඳහා වන පිරිවැය කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන කාලය තුළ රථ වාහන පාලනය සඳහා වැඩ පිළිවෙළක් හඳුනාගෙන තිබේද;
(ii) එසේ නම්, සම්පූර්ණ ව්‍යාපෘතිය තුළින් ඒ සඳහා වෙන් කර ඇති මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) එම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී, අගතියට පත්වන පාර්ශ්වකරුවන් සංඛ්‍යාව කොපමණද;
(ii) එසේ අගතියට පත් වී ඇති අයට වන්දි ප්‍රදානය කර තිබේද;
(iii) එසේ නම්, වන්දි ලබා දුන් අයගේ විස්තර කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-03-04
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) දුර - කිලෝමීටර් 18.93
(කිලෝමීටර් 0.00 සිට කිලෝමීටර් 18.93 දක්වා)
පළල- මීටර් 10.2 (මාර්ග උරහිස සමඟ)
(ii) මාස 24කි. (2012.06.17 සිට 2014.06.17 දක්වා)
(iii) ඔව්.
(iv) ෂියෑන් ඩගාන් රෝඩ් මැෂිනරි කම්පැනි චීන සමාගම (X'ian Dagan Road Machinery Company)
(v) චීන සංවර්ධන බැංකු ණය
(vi) රුපියල් මිලියන 103.01කි.
(ආ) (i) ඔව්.
මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති සඳහා ක්‍රියාත්මක කරන රථ වාහන පාලන සැලැස්ම අනුව සැලසුම් කර ඇත.
(උදා - මාර්ග සංඥා, මාර්ග බාධක, රාත්‍රී කාලය සඳහා භාවිතා කරන විදුලි ලාම්පු)
(ii) රුපියල් මිලියන 16.1කි.
(ඇ) (i) මෙම මාර්ගය සංවර්ධන කිරීම සඳහා ඉඩම් අත්පත් කර ගැනීමක් සිදු කර නැත. මාර්ගය පුඵල් කිරීමේ කටයුතු සිදු කිරීමේදී ඉඩම් හිමියන් ඒ සඳහා ලබා දුන් භූමිය පමණක් භාවිත කර මාර්ගය සංවර්ධනය කර ඇත.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-03-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks