පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5691/’14
ගරු අනුර දිසානායක මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පසුගිය වර්ෂ තුන තුළදී ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද මුළු එතනෝල් ප්‍රමාණය වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) මත්පැන් නිෂ්පාදනය වෙනුවෙන් හා සුවඳ විලවුන් නිෂ්පාදනය වෙනුවෙන් එතනෝල් ආනයනයේ දී අයකරනු ලබන බදු ප්‍රමාණයන් කවරේද;
(iii) පසුගිය වර්ෂ 03 තුළ ආනයනය කරන ලද එතනෝල්වලින් නිෂ්පාදනය කරන ලද මත්පැන් හා සුවඳ විලවුන් නිෂ්පාදන ප්‍රමාණයන් වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) මත්පැන් නිෂ්පාදනය සඳහා සහ සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා එතනෝල් ආනයනය කළ සමාගම්වල නම් වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-03-19
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
වර්ෂය |
එතනෝල් ආනයනය කළ ප්‍රමාණය (ලීටර්) |
|
2012 |
25,631,014 |
|
2013 |
10,821,764 |
|
2014 |
13,663,498 |
(ii) මත්පැන් නිෂ්පාදනය සඳහා එතනෝල් ආනයනය කිරීමේදී රඳවා ගැනීමේ බද්දක් අය කරනු ලබන අතර මත්පැන් බෝතල් නිෂ්පාදනයේදී පමණක් සුරා බදු අය කරනු ලැබේ.
එතනෝල් ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා රේගුව විසින් අය කරන බදු ප්‍රමාණය ඇමුණුම 01හි දැක්වේ. ඇමුණුම සභාගත* කරමි.
(iii) මත්පැන් නිෂ්පාදනය සඳහා ආනයනය කරනු ලබන ස්ප්‍රීතු හා දේශීය වශයෙන් ලබා ගන්නා ස්ප්‍රීතු මිශ්‍ර කිරීමෙන් පසුව නිෂ්පාදන සඳහා යොදා ගනු ලබයි. එම මිශ්‍රණ අනුපාත මත්පැන් නිෂ්පාදන ආයතන හා මත්පැන් වර්ග අනුව නිෂ්පාදකයාගේ අභිමතය පරිදි සිදු කරනු ලබයි.
ආනයනික එතනෝල්වලින් නිෂ්පාදනය කරන ලද සුවඳ විලවුන් ප්‍රමාණය පහත පරිදිය.
|
වර්ෂය |
නිෂ්පාදනය කරන ලද සුවඳ විලවුන් ප්‍රමාණය (ලීටර්) |
|
2012 |
119,881,427.700 |
|
2013 |
136,577,603.090 |
|
2014 |
158,581,975.250
|
|
|
මේ සුරා බදු දෙපාර්තමේන්තුවේ තොරතුරු.
... attached.
පිළිතුරු දුන් දිනය
2015-03-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks