පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4811/’14
ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා,— මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උඩප්පුව, සෙල්වපුරම් ගම්මානයේ මාර්ගය විටින් විට අබලන්ව පස් කන්දක තත්ත්වයට පත් වන බවත්;
(ii) පාසල් සිසුන් හා රෝගීන් එම මාර්ගය ඔස්සේ ගමන් කිරීමේදී නොයෙක් දුෂ්කරතාවලට මුහුණ පාන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) ඉහත තත්ත්වය සලකා බලා එකී මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-07-24
අසන ලද්දේ
ගරු ඒ.එච්.එම්. අස්වර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග, වරාය හා නාවික
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මෙම මාර්ගය, මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නොවන, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවට අයත් මාර්ගයකි.
(ii) ඔව්.
(ආ) අතිගරු ජනාධිපතිතුමා වෙත යොමු වී ඇති යෝජනාවකට අනුව එතුමාගේ නියෝගය මත සංවර්ධනය කෙරේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2014-07-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks