01

E   |     |  

 දිනය: 2014-07-10   පිළිතුර ලබා දී ඇත 

4753/2014: ගාලු වරාය සංවර්ධන ව්‍යාපෘතිය: විස්තර

4753/’14

 

ගරු අශෝක් අබේසිංහ මහතා,— මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ගාලු වරාය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කල දිනය කවරේද;

            (ii)       ‍දැනට එම ව්‍යාපෘතියේ වැඩ නිම වී තිබේද;

           (iii)       වර්ෂ 2008 සිට  2013 දක්වා කාල සීමාව තුළ දී ගාලු වරායට පැමිණි නැව් සංඛ්‍යාව කොපමණද;

  (iv)  මෙම ව්‍යාපෘතියේ දෙවැනි අදියර සඳහා උපදේශක ගාස්තු ලෙස ගෙවා ඇති මුදල කොපමණද;

  (v)  ගාලු වරාය අඛණ්ඩව පාඩු ලබමින් තිබෙන බව දන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-07-10

අසන ලද්දේ

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග, වරාය හා නාවික

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ආරම්භ වී නොමැත.

              (ii)      පැන නොනඟී.

             (iii)     

වර්ෂය

පැමිණි නැව් සංඛ්‍යාව

2008

68

2009

32

2010

48

2011

73

2012

69

2013

36

              (iv)        උපදේශන ගාස්තු වශයෙන් රුපියල් මිලියන 523ක් ගෙවා ඇත.

(v) ලාභ උපයමින් පවතියි.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2016-07-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks