01

E   |     |  

 දිනය: 2014-02-07   පිළිතුර ලබා දී ඇත 

3998/2014: මහඉලුප්පල්ලම පර්යේෂණ ගොවිපළ : කාබනික පොහොර භාවිතය

3998/’13

 

ගරු පී. හැරිසන් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       මහඉලුප්පල්ලම පර්යේෂණ ගොවිපළේ සේවය කරන නිලධාරීන් සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම පර්යේෂණ ගොවිපළේ සිදුකරනු ලබන පර්යේෂණයන් ක‍වරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) මහඉලුප්පල්ලම පර්යේෂණ ගොවිපළේ වගා කරන කුඹුරු ඉඩම් සඳහා කාබනික පොහොර  භාවිතා කරන්නේද;

(ii) එසේ නම්, එහි කුඹුරු අක්කරයක් සඳහා භාවිතා කරන කාබනික පොහොර ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-02-07

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      හාරසිය පනස් තුනයි. (453)

                        නිලධාරි ලැයිස්තුව  -  2013.12.31 දක්වා

              (ii)      ඔව්.

                        වැඩි අස්වැන්නක් ලබා දෙන, රෝග පලිබෝධවලට ඔරොත්තු දෙන ක්ෂේත්‍ර බෝග ප්‍රභේද ජනනය කිරීම හා ඊට අදාළ වගා තාක්ෂණ ගොවි ජනතාවට ලබා දීම.

                        මේ යටතේ බෝග කාණ්ඩ 04ක් සඳහා පර්යේෂණ වැඩසටහන් දියත් කර ඇත.

   I කුළුබඩු බෝග  -  මිරිස්, ලොකු ලූනු, රතු ලූනු

  II රළු ධාන්‍ය බෝග  -  බඩ ඉරිඟු, කුරක්කන්, ඉදල් ඉරිඟු

 III රනිල බෝග  -  කව්පි, මුං, උඳු, සෝයාබෝංචි, ‍‍තෝරපරිප්පු

 IV තෙල් බෝග  -  රටකජු, තල, අබ

වර්තමානයේ සිදු කරනු ලබන පර්යේෂණ වැඩසටහන් පහත දක්වා ඇත.

ක්ෂේත්‍ර බෝග යටතේ ගැනෙන සියලුම බෝගවල වැඩි අස්වනු සහිත රෝග හා පලිබෝධවලට ඔරොත්තු දෙන වර්ග නිපදවීම. මේ සඳහා අභිජනන වැඩසටහනක් දියත් කර ඇත.

ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම හා ඊට අදාළ නිර්දේශ ලබා දීම සඳහා පර්යේෂණ.

ජාන තාක්ෂණය උපයෝගී කරමින් අලුත් වර්ග බිහි කිරීම සඳහා පර්යේෂණ.

කාලගුණ විපර්යාසවලට සුදුසු වර්ග හා කාලගුණ විපර්යාසයේ බලපෑම අවම මට්ටමින් පවත්වා ගැනීමට අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම සඳහා පර්යේෂණ.

බෝග පෝෂක අවශ්‍යතාව හඳුනා ගෙන පොහොර නිර්දේශ කිරීම.

වියළි කලාපයට යෝග්‍ය පලතුරු බෝග සඳහා ක්ෂේත්‍ර ජාන බැංකුවක් ස්ථාපනය කිරීම.

(ආ) (i) ඔව්.

(ii) අක්කරයට ටොන් 04යි.

(ඇ) අදාළ නොවේ.

 

 

තනතුර

සංඛ්‍යාව

ශ්‍රේණිය

අධ්‍යක්ෂ

01

මාණ්ඩලික ශ්‍රේණිය (මුළු නිලධාරින් සංඛ්‍යාව 30)

අතිරේක අධ්‍යක්ෂ

01

 

නියෝජ්‍ය අධ්‍යක්ෂ

01

 

පර්යේෂණ නිලධාරි

25

 

කෘෂිකර්ම නිලධාරි

01

 

ආර්ථික විද්‍යාඥ

01

 

වැඩසටහන් සහකාර

03

ද්විතීය ශ්‍රේණිය (මුළු නිලධාරින් සංඛ්‍යාව 52)

පර්යේෂණ සහකාර

19

 

කෘෂිකර්ම උපදේශක

05

 

පර්යේෂණ උප සහකාර

09

 

තාක්ෂණික සහායක

02

 

කළමනාකරණ සහකාර

14

 

කාර්යාල කාර්ය සේවක

02

ප්‍රාථමික ශ්‍රේණිය (මුළු නිලධාරින් සංඛ්‍යාව 371)

රියදුරු

08

 

බද්ධකරු

01

 

ගබඩාකරු

02

 

සංචාරක බංගලාකරු

01

 

ට්‍රැක්ටර් යන්ත්‍ර ක්‍රියාකරු

04

 

මුරකරු

30

 

කම්කරු (ස්ථිර)

119

 

කම්කරු (කොන්ත්‍රාත්)

204

 

මුළු සංඛ්‍යාව

453

පිළිතුරු දුන් දිනය

2014-02-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks