01

E   |     |  

 දිනය: 2014-02-05   පිළිතුර ලබා දී ඇත 

3821/2014: පොදු ක්‍රීඩාංගණ සඳහා වෙන් කර ඇති ඉඩම් : මහවැලි "එච්" කලාපය

3821/’13

 

ගරු පී. හැරිසන් මහතා,— වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මහවැලි එච් කලාපයේ මුල් සැලැස්ම අනුව පොදු ක්‍රීඩාංගණ සඳහා වෙන් කර ඇති ඉඩම් කට්ටි සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම කලාපයේ පොදු ක්‍රීඩාංගණ සඳහා වෙන් කර ඇති ස්ථාන සහ එම එක් එක් ස්ථානයේ භූමි ප්‍රමාණය කොට්ඨාස මට්ටමින්, වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) ඉහත සඳහන් එක් එක් ක්‍රීඩාංගණයට අයත් ඉඩම්වල සිටින අනවසර පදිංචිකරුවන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) ඔවුන් එම ස්ථානවල පදිංචි වූ වර්ෂ කවරේද;

(iii) ඔවුන්ගේ නම් හා ලිපිනයන් කවරේද;

(iv) එම අනවසර පදිංචිකරුවන්ට වෙනත් නීත්‍යානුකූල ඉඩම් ලබා දී තිබේ නම්, එම ඉඩම්ලාභීන්ගේ නම් කොට්ඨාස මට්ටමින් කවරේද;

(v) ඔවුන්ට විදුලිය හා ජලය ලබා ගැනීම සඳහා මහවැලි අධිකාරිය විසින් අවසර දී තිබේද;

(vi) එසේ නම්, ඒ සඳහා බලපෑම් කළ අය කවුරුන්ද;

(vii) ඉහත අනවසර පදිංචිකරුවන් ක්‍රීඩාංගණ ඉඩම්වලින් ඉවත් කිරීමට මහවැලි අධිකාරිය ක්‍රියා  නොකිරීමට හේතුව කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-02-05

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2014-02-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks