01

E   |     |  

 දිනය: 2013-07-23   පිළිතුර ලබා දී ඇත 

3657/2013: කටුදෙණිය සහ වාරියපොල A-9 මාර්ග පිවිසුම : නව පාලමක්

3657/’13

ගරු වසන්ත අලුවිහාරේ මහතා,— වරාය හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

 (අ)     මාතලේ දිස්ත්‍රික්කයේ, උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, කටුදෙණිය, වාරියපොල ග්‍රාමයන්ට පිවිසෙන මාර්ගය, A-9 මාර්ගයට යා කෙරෙන ස්ථානයේ ඇති පටු පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළද, මේ වන විට එම ඉදිකිරීම් කටයුතු අත්හිටුවා ඇති බව එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත නව පාලම ඉදිකිරීම ආරම්භ කිරීමට පදනම් කර ගත් මුල්‍ය ප්‍රතිපාදනය කවරේද;

(ii) ඇස්තමේන්තු අනුව පාලම ඉදිකිරීම සඳහා වෙන් කර ඇති මුදල කොපමණද;

(iii) පාලමේ වැඩ කටයුතු ආරම්භ කළ දිනය හා නිම කිරීමට නියමිතව තිබූ දිනය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) ඉහත සඳහන් පාලමේ ඉදිකිරීම් කටයුතු ‍අතරමඟදී අත්හිටුවීමට හේතු කවරේද;

(ii) මෙතෙක් කර ඇති ඉදිකිරීම් වෙනුවෙන් වැය කර ඇති මුදල කොපමණද;

(iii) මෙම පාලමේ ඉදිකිරීම්  කටයුතු සම්පූර්ණයෙන් අවසන් කරන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-07-23

අසන ලද්දේ

ගරු වසන්ත අලුවිහාරේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)      ඔව්.

           මෙම පාලම දැනට පිහිටා ඇති උස මට්ටම අඩි 14ක් සහ අඟල් 9ක් වේ. නමුත් මීටර් 40ක පමණ කෙටි දුර ප්‍රමාණයකින් වංගුව සහිතව මහනුවර - යාපනය මාර්ගයට ප්‍රවේශ වීම සඳහා වාහන සහ මඟී ආරක්ෂාව සහිතව මෙම පාලම සැලසුම් කළ හැකි උපරිම උස ප්‍රමාණය අඩි 16යි, අඟල් 5ක් වේ. නමුත් දුම්රිය දෙපාර්තමේන්තුව මෙම උස ප්‍රමාණය අඩි 20ක් විය යුතු බව සඳහන් කරන ලදී.

           ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ කරන ලද සාකච්ඡා කීපයකින් පසුව මෙම උස ප්‍රමාණය අඩි 18ක් දක්වා අඩු කළ අතර එම උස ප්‍රමාණයෙන්ද කෙටි දුරකින් වංගුව සහිතව මහනුවර - යාපනය මාර්ගයට සම්බන්ධ කිරීම අපහසු වූ නිසා නැවත දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර මෙම උස ප්‍රමාණය අඩි 17ක් වන සේ පාලම ඉදි කිරීමට සැලසුම් කර නැවත වැඩ ආරම්භ කරන ලදී.

මෙම ගැටලුව නිරාකරණය කර ගන්නා තෙක් පාලමේ ඉදිකිරීම් කටයුතු අතර මඟදී අත් හිටුවීමට සිදු විය.

(ආ) (i) මහා මාර්ග අමාත්‍යාංශ යටතේ වන ප්‍රතිපාදන

(ii) මිලියන 44යි.

(iii) වැඩ ආරම්භ කළ වර්ෂය - 2008 සැප්තැම්බර්.

වැඩ අවසන් කිරීමට නියමිතව තිබූ වර්ෂය -  2009 සැප්තැම්බර්.

(ඇ) (i) ඉහත (අ) පිළිතු‍රේ සඳහන් කර ඇත.

(ii) රුපියල් මිලියන 19යි.

(iii) ඉහත ගැටලුව නිරාකරණය කර නැවත වැඩ ආරම්භ කර ඇති අතර, 2014 මාර්තු මාසයට පෙර වැඩ අවසන් කිරීමට සැලසුම් කර ඇත.

(ඈ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2013-09-16

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු නිර්මල කොතලාවල මහතා, පා.ම., මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks