01

E   |     |  

 දිනය: 2013-07-23   පිළිතුර ලබා දී ඇත 

3597/2013: ආයුර්වේද වෛද්‍ය උපාධිධාරින් : පත්වීම්

3597/’13

 

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා,— දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       රැකියා විරහිත ආයුර්වේද උපාධිධාරීන් සියලුම දෙනාට රැකියා ලබාදීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේද;

(ii) අවසන්වරට ආයුර්වේද උපාධිධාරීන්ට රජයේ පත්වීම් ලබාදුන් වර්ෂය කවරේද;

(iii) එම අවස්ථාවේදී පත්වීම් ලබාදුන් ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ) (i) ආයුර්වේද වෛද්‍ය උපාධිධාරියකු බිහිකිරීම සඳහා රජය වැය කරනු ලබන මුදල  කොපමණද;

(ii) ආයුර්වේද වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් වසා ඇති බෙහෙත්ශාලා සංඛ්‍යාව  කොපමණද;

 (iii) එම බෙහෙත්ශාලා සඳහා ආයුර්වේද වෛද්‍යවරු අනුයුක්ත කිරීමට ‍පියවර ගෙන තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-07-23

අසන ලද්දේ

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)           (i)      ඔව්. රැකියා විරහිත සියලු ආයුර්වේද උපාධිධාරින් හට රැකියා ලබා දීම සඳහා දැනට කටයුතු කරගෙන යන අතර, මේ වන විටද රැකියා විරහිත පිරිසත් නවක ආයුර්වේද වෛද්‍යවරුන් ලෙස බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීමට පියවර ගෙන ඇත.

              (ii)      2012 වර්ෂය

              (iii)      264කි.           

(ආ)          (i)      උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබා ගත් තොරතුරු අනුව ආයුර්වේද වෛද්‍ය උපාධිධාරියකු බිහි කිරීම සඳහා වසර පහක කාලයක් තුළ වැය වන පුනරාවර්තන වියදම රු.1597980කි.

(ii) ආයුර්වේද වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් කිසිම ආයුර්වේද බෙහෙත් ශාලාවක් වසා ඇති බවට වාර්තා වී නැත.

(iii) අදාළ නොවේ.

 

(ඇ)  පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2013-09-16

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks