01

E   |     |  

 දිනය: 2013-07-11   පිළිතුර ලබා දී ඇත 

3536/2013: දෙමළ ජාතික සන්ධානය පාලනය කරන පළාත් පාලන ආයතනවලින් ලබාගත් මුදල්: විස්තර

3536/’13

 

ගරු ඒ. විනායගමූර්ති මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       උතුරු පළාත තුළ දෙමළ ජාතික සන්ධානය (TNA) මගින් පාලනය කරනු ලබන පළාත් පාලන ආයතනවලින් ලබාගෙන එම පළාතේ ආණ්ඩුකාරවරයාට දෙනු ලැබූ මුදල් පිළිබඳ තොරතුරු කවරේද;

  (ii)  පළාත් පාලන ආයතනවලින් මෙම මුදල් ලබා ගත්තේ කාගේ නියෝගය මතද;

  (iii)  එකී මුදල් ලබා ගැනීමට හේතුව කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-07-11

අසන ලද්දේ

ගරු ගරු ඒ. විනායගමූර්ති මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත් පාලන හා පළාත් සභා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා (පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு இந்திக பண்டாரநாயக்க - உள்ளூராட்சி, மாகாண சபைகள் பிரதி அமைச்சர்)

(The Hon. Indika Bandaranayake - Deputy Minister of Local Government and Provincial Councils)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.

(අ)          (i)      දෙමළ ජාතික සන්ධානය - TNA - බලයට පත් වී ඇති පළාත‍් පාලන ආයතන උතුරු පළාත තුළ නොමැත. ඒ අනුව ප්‍රශ්නයෙහි සඳහන් පරිදි ආණ්ඩුකාරවරයාට මුදල් දීමක් සිදු වී නැත.

(ii) අදාළ නොවේ.

(iii) අදාළ නොවේ.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-10-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks