01

E   |     |  

 දිනය: 2014-02-05   පිළිතුර ලබා දී ඇත 

3430/2014: ශ්‍රී ලංකාවට ආවේණික උභය ජීවී, මිරිදිය මත්ස්‍ය සහ උරග විශේෂ : විස්තර

3430/’13

 

ගරු පී. හැරිසන් මහතා,— වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාව තුළ හඳුනා ගෙන ඇති උභය ජීවී විශේෂ සංඛ්‍යාව කොපමණද;

             (ii)       ඒ අතරින් ශ්‍රී ලංකාවට ආවේනික උභය ජීවී විශේෂ සංඛ්‍යාව කොපමණද;

(iii) මේ වන විට වඳ වී ගොස් ඇති ශ්‍රී ලංකාවට ආවේණික උභය ජීවී විශේෂ සංඛ්‍යාව  කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මෙරටට ආවේනික මිරිදිය මත්ස්‍ය විශේෂ සංඛ්‍යාව කොපමණද;

(ii) එයින් මේ වන විට වඳ වී ඇති විශේෂ කවරේද;

(iii) මෙරටට ආවේනික මිරිදිය මත්ස්‍ය විශේෂ ආරක්ෂා කර ගැනීම සඳහා ගෙන ඇති වැඩපිළිවෙළ කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) මෙරටට ආවේනික උරග විශේෂ සංඛ්‍යාව කොපමණද;

(ii) එයින් දැනට වඳවීයෑමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ කවරේද;

(iii) එම උරග විශේෂ ආරක්ෂා කර ගැනීම සඳහා ගෙන ඇති  පියවර කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) ‍ නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-02-05

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී සම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ශ්‍රී ලංකාව තුළ හඳුනා ගෙන ඇති උභය ජීවී විශේෂ සංඛ්‍යාව                         - 111යි.

              (ii)      ශ්‍රී ලංකාවට ආවේණික උභය ජීවී විශේෂ සංඛ්‍යාව                                          - 95යි.

             (iii)      මේ වන විට වඳවී ගොස් ඇති ශ්‍රී ලංකාවට ආවේණික උභය ජීවීන් සංඛ්‍යාව          - 19යි.

(ආ)          (i)      මෙරටට ආවේණික මිරිදිය මත්ස්‍ය විශේෂ සංඛ්‍යාව                                   - 50යි.

              (ii)      වඳ වූ මස්ත්‍ය විශේෂයක් නොමැත.

(iii) ආවේණික මත්ස්‍යයින් වෙසෙන ප්‍රධාන ස්වාභාවික වාසස්ථාන වනජීවී රක්ෂිත ලෙස වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ප්‍රකාශයට පත් කර ආරක්ෂා කර ගනු ලැබේ.

එම ආඥා පනත යටතේ වඳවීමේ තර්ජනයට ලක්වූ මත්ස්‍ය විශේෂ ආරක්ෂිත මත්ස්‍ය විශේෂ ලෙස නම් කර ඇති අතර එම මත්ස්‍ය විශේෂවලට වනජීවී රක්ෂිත ප්‍රදේශවලින් බැහැර ප්‍රදේශවලද නීතිමය ආරක්ෂාව සැලසී ඇත.

ඉහත ආඥා පනත යටතේ ආවේණික මිරිදිය මත්ස්‍ය විශේෂ වාණිජ අරමුණු සඳහා අපනයනය කිරීමද තහනම් වේ.

වනජීවි නිලධාරින්ට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පුහුණුව ලබා දී ඇති අතර මිරිදිය මසුන් හඳුනා ගැනීම හා සංරක්ෂණය කිරීම පිළිබඳව පුහුණු පාඨමාලා පවත්වා ඇත.

(ඇ) (i) මෙරටට ආවේණික උරග විශේෂ සංඛ්‍යාව      -  122යි.

(ii) දැනට වඳවීමේ තර්ජනයට ලක්ව ඇති උරග විශේෂ  - 39යි.

(iii) ආවේණික උරගයින් වෙසෙන ප්‍රධාන ස්වාභාවික වාසස්ථාන වනජීවී රක්ෂිත ලෙස වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ප්‍රකාශයට පත් කර ආරක්ෂා කර ගනු ලැබේ.

එම ආඥා පනත යටතේ වඳවීමේ තර්ජනයට ලක්වූ උරග විශේෂ ආරක්ෂිත උරග විශේෂ ලෙස නම් කර ඇති අතර එම උරග විශේෂවලට වනජීවී රක්ෂිත ප්‍රදේශවලින් බැහැර ප්‍රදේශවලද නීතිමය ආරක්ෂාව සැලසී ඇත.

ඉහත ආඥා පනත යටතේ ආවේණික උරග විශේෂ වාණිජ අරමුණු සඳහා අපනයනය කිරීමද තහනම් වේ.

වනජීවී නිලධාරින්ට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පුහුණුව ලබා දී ඇති අතර උරග විශේෂ සංරක්ෂණය කිරීම පිළිබඳව පුහුණු පාඨමාලා පවත්වා ඇත.

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2014-02-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විජිත් විජයමුණි සොයිසා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks