01

E   |     |  

 දිනය: 2013-10-24   පිළිතුර ලබා දී ඇත 

3360/2013: රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් ආයතන : වාහන

3360/’12

 

ගරු පී. හැරිසන් මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් ආයතන සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම එක් එක් ආයතනය යටතේ ඇති රජයේ වාහන සංඛ්‍යාව කොපමණද;

(iii) එම ආයතනවල රජයේ වාහන ලබාදී ඇති නිලධාරීන් අයත්  ‍ශ්‍රේණි කවරේද;

(iv) එම නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඇති වාහන සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) උක්ත  අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ඇති කුලී පදනම මත ලබාගත් වාහන සංඛ්‍යාව කොපමණද;

(ii) එම වාහනවලට ගෙවීම් කරන ආකාරය කවරේද;

(iii) එම වාහන වෙනුවෙන් වාර්ෂිකව ගෙවන මුළු මුදල කොපමණද;

(iv) කුලී පදනම මත ලබාගත් වාහන පරිහරණය කරනු ලබන නිලධාරීන් කවුරුන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) ඉහත අමාත්‍යාංශය යටතේ ඇති රජයේ වාහන, කුලී පදනම මත ලබාගත් වාහන, සහ නිලධාරීන්ගේ පුද්ගලික වාහන වෙන්කර හඳුනාගැනීමේ ක්‍රමවේදයක් තිබේද;

(ii) එසේ නම්, ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්නේද;

(iii) අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතනවලට අයත් රජයේ වාහනවල රාජ්‍ය ලාංඡනය සමඟ අදාළ ආයතනයේ නම සඳහන් කර තිබේද;

(iv) නොඑසේ නම්, එයට හේතු කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

 (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-10-24

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු විජය දහනායක මහතා (රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு விஜய தஹநாயக்க- பொது நிருவாக, உள்நாட்ட லுவல்கள் பிரதி அமைச்சர்)

(The Hon. Wijaya Dahanayake - Deputy Minister of Public Administration and Home Affairs)

ගරු කථානායකතුමනි, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

 

(අ)          (i)      361යි.

              (ii)      1,147යි.

             (iii)      ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණිය සහ I ශ්‍රේණිය. ගරු මන්ත්‍රීතුමනි, මීට අමතරව ප්‍රාදේශීය ලේකම්වරුන් ලෙස සේවය කරන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ II ශ්‍රේණිය සහ III ශ්‍රේණියේ නිලධාරිනුත් අයිති වෙනවා, ප්‍රාදේශීය ලේකම්වරුන් හැටියට.

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය I ශ්‍රේණිය;

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවය I ශ්‍රේණිය;

ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය I ශ්‍රේණිය;

රෙජිස්ට්‍රාර් ජනරාල් සේවය

             (iv) 383යි. අදාළ ආයතනවල සෙසු වාහන ඒ සම්බන්ධයෙන් බලය පවරන ලද ප්‍රවාහන නිලධාරින්ගේ  අධීක්ෂණය යටතේ ඇත.

 

(ආ)         (i) කුලී පදනම මත වාහන ලබා ගෙන නොමැත.

             (ii) අදාළ නොවේ.

             (iii) අදාළ නොවේ.

             (iv) අදාළ නොවේ.

 

(ඇ)         (i)      ඔව්.

              (ii)      මෙම අමාත්‍යාංශයේ හෝ ඒ යටතේ ඇති ආයතනවල කුලී පදනම මත ලබා ගත් වාහන නොමැත. එබැවින් චක්‍රලේඛ අංක 26/92 සහ 26/92(1) ප්‍රකාරව අමාත්‍යාංශයේ සහ අදාළ ආයතනයන්හි වාහන සඳහා රාජ්‍ය ලාංඡනය සමඟ අදාළ ආයතනයේ නම යොදා ඇත. ආයතනයේ නම සහ රාජ්‍ය ලාංඡනය යොදා නොමැති ආයතන කිහිපයකට එම චක්‍රලේඛ අනුව කටයුතු කරන ලෙස දන්වා ඇත. නිලධාරින්ට අනුයුක්ත වාහන සංචිත වාහන හා නිලධාරින් විසින් ‍භාවිතා කරන පෞද්ගලික වාහන වෙන වෙනම ලේඛන ගත කර ඇත.  

              (iii)    ඔව්.

              (iv)    අදාළ නොවේ.

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-10-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු විජය දහනායක මහතා, පා.ම., මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks