01

E   |     |  

 දිනය: 2014-03-19   පිළිතුර ලබා දී ඇත 

3152/2014: ශ්‍රී ලංකා වරාය අධිකාරිය : ප්‍රාග්ධන සහ සාමාන්‍ය සංචිත විචලනයන්

3152/’12

 

ගරු රවී කරුණානායක මහතා,— මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ඔලුවිල් වරායේ සම්පූර්ණ ඉදිකිරීම් පිරිවැය කොපමණද;

            (ii)       අඛන්ඩව මූල්‍යමය අලාභ ලබමින් සිටින ශ්‍රී ලංකා වරාය අධිකාරියට තරගකාරී විය හැකිද;         

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ)  2007 වර්ෂයේ සිට මේ දක්වා එක් එක් වර්ෂය තුළ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රාග්ධන සහ සාමාන්‍ය සංචිත විචලනයන් කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-03-19

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග, වරාය හා නාවික

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔලුවිල් වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අනුමත වී තිබුණු මුළු මුදල යූරෝ 46,095,369.49ක් වූ අතර, ව්‍යාපෘතිය 2012 දෙසැම්බර් මස අවසන් කරන විට සම්පූර්ණ ඉදිකිරීම් සඳහා වැය වූ මුදල යූරෝ 42,206,379.09ක් විය.

              (ii)                                                (රු.මිලියන)

වර්ෂය

2007

2008

2009

2010 සංශෝධිත

2011 සංශෝධිත

2012

2013

ලාභය (විදේශ විනිමය විචල්‍යතාවයට පෙර)

2,357

1,729

783

3,162

3,647

9,778

4,945

විදේශ විනිමය (ලාභ / අලාභ)

(3,944)

(11,791)

591

(4,410)

(3,390)

(4,567)

(2,518)

ලාභ /අලාභ (විදේශ විනිමය විචල්‍යතාවයට පසු)

(1,587)

(10,062)

1,374

(1,248)

257

5,211

2,427

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මූල්‍ය ලාභ/අලාභ සැලකීමේදී, විදේශ විනිමය විචල්‍යතා ලාභ/අලාභවලට පෙර ලාභයට/අලාභයට සැලකිය යුතුය. විදේශ විනිමය විචල්‍යතා ලාභය/අලාභය පොත් අගයට පමණක් සීමා වන්නක් බැවින් මූල්‍ය ලාභය ගණනය කිරීමේදී එය සැලකිය යුතු නොවේ.

ඒ අනුව ඉහත වර්ෂ 07ක කාලය තුළ එක් එක් වර්ෂයට සාපේක්ෂව බලන කළ ශ්‍රී ලංකා වරාය අධිකාරිය මූල්‍යමය අලාභයක් ලබන බව අසත්‍යයක් වේ. විදේශ විනිමය විචල්‍යතාවලට පෙර එක් එක් වර්ෂයන් තුළ විශාල ලෙස ලාභය වැඩි වී ඇත. 2007 සිට 2013 යන වර්ෂයන්හිදී අධිකාරිය මූල්‍යමය අතින් ඉතා ශීඝ්‍ර වර්ධනයක් හිමි කරගෙන ඇත. (2009 වර්ෂය හැර) 2013 වර්ෂයේ ලාභය අඩු වීම‍ක් පෙන්නුම් කිරීමට හේතු වූයේ සංවර්ධන කටයුතු සඳහා ලබා ගත් ණය සඳහා දැරූ පොලී වියදමයි. මෙය අනාගතය සඳහා කරන ලද ආයෝජනයක් ලෙස සැලකිය හැකි අතර, අධිකාරියේ ලාභදායීත්වයද ධන අගයක් පෙන්නුම් කරනු ලැබේ.

(ආ)

            (රු.මිලියන)

 

වර්ෂය

2007

2008

2009

2010 සංශෝ ධිත

2011 සංශෝ ධිත

2012

2013

ප්‍රාග්ධන සංචිත

7,703.92

7,703.92

7,703.92

7,703.92

8,303.42

8,303.42

8,303.42

සාමාන්‍ය සංචිත

70,383.18

61,074.89

78,053.59

67,696.46

66,803.13

69,348.87

71,297.12

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2014-06-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks