පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3142/’12
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මොනරාගල දිස්ත්‍රික්කයේ, බඩල්කුඹුර නගරයේ ආරම්භකර ඇති නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුකරන මාර්ග පුළුල් කිරීම සඳහා සින්නක්කර ඉඩම්වල පිහිටි සැළසුම් අනුමත කර ඉදිකළ ගොඩනැගිලි කඩා ඉවත් කිරීමට කටයුතු කරන බවත්;
(ii) එම කටයුතු පූර්ව දැනුම්දීමකින් තොරව, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හා යුධ හමුදාව යොදවා බලහත්කාරයෙන් සිදුකර ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) මාර්ගය පුළුල් කිරීම සඳහා නීතියට පටහැනිව කඩා බිඳ දමන ලද ගොඩනැගිලිවලට හා අත්පත් කරගෙන ඇති ඉඩම්වලට වන්දි ගෙවීමක් කරන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-03-08
අසන ලද්දේ
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(மாண்புமிகு தினேஷ் குணவர்தன)
(The Hon. Dinesh Gunawardena)
ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) සැලසුම් අනුමත කර ඉදිකරන ලද ගොඩනැඟිලි කඩා ඉවත් කිරීමක් සිදු නොකළ අතර, මාර්ග රක්ෂිතය තුළ අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැඟිලි කොටස් කඩා ඉවත් කරන ලදී.
(ii) මාර්ග සංවර්ධන අධිකාරියෙන් 2012.01.03 දින අදාළ පුද්ගලයින්ට පූර්ව දැනුම්දීමක් සිදු කර ඇත. බලහත්කාරයෙන් කඩා ඉවත් කිරීමක් සිදු කර නැත.
(ආ) වන්දි ගෙවීමක් සිදු නොකරයි.
(ඇ) ඉඩම් හිමියන් විසින් සිය කැමැත්තෙන් මාර්ග රක්ෂිතය තුළ අනවසරයෙන් ඉදිකර තිබූ තම ගොඩනැඟිලි කඩා ඉවත් කර ගනිමින් නගර සංවර්ධනයට සහයෝගය ලබා දුන් බැවින් වන්දි ගෙවීමේ අවශ්‍යතාවක් පැන නැඟී නොමැත.
පිළිතුරු දුන් දිනය
2013-03-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks