පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2634/’12
ගරු දයාසිරි ජයසේකර මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2012 වර්ෂයේ මාර්තු සහ අපේ‍්‍රල් මාසවලදී ශ්‍රී ලංකාවේ පැවැත්වූ ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියට ඇතුළත් වූ තරඟ සංඛ්‍යාව කොපමණද;
(ii) එම තරඟ පැවත්වූ ක්‍රීඩාංගන කවරේද;
(iii) එම එක් එක් ක‍්‍රීඩාංගනයේ පේ‍්‍රක්‍ෂකාගාරයේ ඇති ආසන සංඛ්‍යාව කොපමණද;
(iv) එම ක‍්‍රීඩාංගනවල ප්‍රේක්‍ෂකාගාරයන්හි ආසන සඳහා අය කරනු ලැබූ ගාස්තු කවරේද;
(v) මෙම තරඟමාලාව නැරඹීම සඳහා අලෙවි කළ එක් ටිකට්පතක මිල කොපමණද;
(vi) එම ටිකට්පත වලංගු වූ කාල සීමාව කවරේද;
(vii) ඉහත ක්‍රීඩාංගනවල එක් පේ‍්‍රක්‍ෂක ආසනයක් සඳහා රු. 5000.00ක අවම මුදලක් අයකර තිබේද;
(viii) එසේ නම්, ඊට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-03-22
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) එංගලන්ත සංචාරයේ ටෙස්ට් තරග 2ක්.
(ii) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය - පළමු තරගය
පී. සරවනමුත්තු ක්‍රීඩාංගනය - දෙවන තරගය
(iii) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය - ආසන සංඛ්‍යාව 9,250යි. පී. සරවනමුත්තු ක්‍රීඩාංගනය - ආසන සංඛ්‍යාව 4,800යි.
(iv) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය - ආසන සඳහා අය කරනු ලැබූ ගාස්තු
රු.100.00, රු. 250.00, රු. 300.00, රු. 1,000.00, රු. 1,500.00, රු. 5,000.00, රු. 7,500.00
පී. සරවනමුත්තු ක්‍රීඩාංගනය - ආසන සඳහා අය කරනු ලැබූ ගාස්තු
රු. 250.00, රු. 1,500.00, රු. 5,000.00, රු. 6,000.00, රු. 7,500.00
(v) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය - එක් ටිකට් පතක මිල
රු. 100.00, රු. 250.00, රු. 300.00, රු. 1,000.00,
රු. 1,500.00, රු. 5,000.00, රු. 7,500.00
පී. සරවනමුත්තු ක්‍රීඩාංගනය - එක් ටිකට් පතක මිල
රු. 250.00, රු. 1,500.00, රු. 5,000.00, රු. 6,000.00, රු. 7,500.00
(vi) එක් දිනකට පමණි.
(vii) ඔව්.
(viii) විශේෂයෙන් විදේශිකයින්ගෙන් පැවති දැඩි ඉල්ලුම නිසා මෙම මුදලට ටිකට් පත් අළෙවි කරන ලදී.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-10-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks