පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0835/’10 ගරු ආර්. යෝගරාජන් මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) 1995 වසරේ සිට වතු නිවාස අමාත්‍යංශය සහ වතු යටිතල පහසුකම් අමාත්‍යංශය විසින් වතු සේවකයන් සඳහා වතු තුළ නිවාස ඉදි කර ඇති බවත්; (ii) ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඉහත කී නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලද බවත්; (iii) ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් වතු සේවකයනට නිවාස ණය ලබා දෙන ලද බව සහ ඔවුන්ගේ වැටුප් වලින් එකී ණය වාරික වශයෙන් අයකරගෙන එම ණය වාරික නිවාස සංවර්ධන අධිකාරියට ප්‍රේෂණය කරන ලද බවත්; (iv) ණය මුදල සම්පූර්ණයෙන්ම ගෙවා නිම කළ විට නිවාසවල ඔප්පු ලබා දෙන බවට සේවකයන්ට පොරොන්දු වූ බවත්; සහ (v) වතු සේවකයන් කිහිපදෙනෙකු ඉහත කී ණය මුදල් සම්පූර්ණයෙන්ම ගෙවා නිම කොට ඇති බවත් එතුමා දන්නෙහිද? (ආ) (i) ඉහත කී නිවාස ව්‍යාපෘතිවල ප්‍රතිලාභීන්ට ඔප්පු ලබා දීමට පියවර ගන්නේද; සහ (ii) එසේ නම්, එලෙස ඔප්පු ලබා දෙනු ලබන්නේ කවදාද යන්න එතුමා සඳහන් කරන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-01-20
අසන ලද්දේ
ගරු ගරු ආර්. යෝගරාජන් මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks