බලන්න

01

E   |   த   |  

පෙන්වන්න


2023 සැප්තැම්බර් මස 08 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2023 සැප්තැම්බර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2023 සැප්තැම්බර් මස 19 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝග
(2023.09.08 දින අංක 56 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 60 බලන්න)

(ii) කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග
(2023.06.02 දිනැති අංක 2334/47 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය 2023.09.05 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද අතර, ඒ පිළිබඳ යෝජනාව 2023.09.08 දින නිකුත් කිරීමට නියමිත අංක 2(6) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ ඇතුළත් වනු ඇත)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි)
 

2023 සැප්තැම්බර් මස 20 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 වන සංරක්ෂණ ආඥාපනත යටතේ නියෝග (451 අධිකාරය වූ)
(2023.08.21 දිනැති අංක 2346/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය 2023.09.05 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද අතර, ඒ පිළිබඳ යෝජනාව 2023.09.08 දින නිකුත් කිරීමට නියමිත අංක 2(6) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ ඇතුළත් වනු ඇත)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2023 සැප්තැම්බර් මස 21 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය - අනුමත කිරීමට* (විවාදයකින් තොරව)
*( 2023.08.17 දිනැති අංක 2345/57 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය කල් ඉකුත් වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් නව ගැසට් පත්‍රයක් නිකුත් කරන්නේ නම්, එය 2023.09.20 දින පාර්ලිමේන්තුවට පිළිගැන්වීමට නියමිත අතර, ඒ පිළිබඳ යෝජනා සම්මතය, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව, 2023.09.21 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කෙරෙනු ඇත.)
පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 “පාස්කු ඉරිදා ප්‍රහාරය සහ වත්මන් ජාතික ආරක්ෂක තත්වය” පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) – තවදුරටත් පැවැත්වීමට නියමිතයි
 
2023 සැප්තැම්බර් මස 22 වැනි සිකුරාදා
පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 “පාස්කු ඉරිදා ප්‍රහාරය සහ වත්මන් ජාතික ආරක්ෂක තත්වය” පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) - තවදුරටත් පැවැත්වීම

2023 සැප්තැම්බර් මස 01 සහ 05 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2023 සැප්තැම්බර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2023 සැප්තැම්බර් මස 05 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2023.08.25 දින අංක 52 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 10 බලන්න)
ප.ව. 5.00

ආණ්ඩුවේ කටයුතු අවසන් වූ වහාම:
ශ්‍රී බාලාභිවෘධි වර්ධන සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම

(2023.08.25 දින අංක 52 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 31 බලන්න)

සමාධි ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2023.08.25 දින අංක 52 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 32 බලන්න)

වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (ඉල්ලා අස්කර ගැනීමට නියමිතයි)
(2023.08.25 දින අංක 52 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 23 බලන්න)

ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
   

2023 සැප්තැම්බර් මස 06 වැනි බදාදා

පෙ.ව. 09.30 (i) විදේශ විනිමය පනත යටතේ නියමය
(ii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(මෙම අයිතමයන් දෙක විවාදයකින් තොරව අනුමත කිරීමට නියමිතය)

(2023.09.05 දින අංක 53 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 5 සහ 6 බලන්න)

(iii) ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත — සලකා බැලීම
(2023.09.05 දින අංක 53 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 7 බලන්න)
පෙ.ව. 09.30 සිට ප.ව. 4.30 සෞඛ්‍ය අමාත්‍ය ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාස භංගත්වය පළ කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය - තවදුරටත් පැවැත්වීමට නියමිතයි
(2023.07.25 දින නිකුත් කළ අංක 2(1) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ පළ කළ අංක පා. 29/2023 දරන දින නියමයක් නොමැති යෝජනාව බලන්න.)
ප.ව. 4.30 සිට ප.ව. 7.30 (i) දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම – තවදුරටත් පැවැත්වීම
(ii) සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම – තවදුරටත් පැවැත්වීම
(2023.09.05 දින අංක 53 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 9 සහ 10 බලන්න)
 

2023 සැප්තැම්බර් මස 07 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප.ව. 4.30 සෞඛ්‍ය අමාත්‍ය ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාස භංගත්වය පළ කිරීමේ යෝජනාව පිළිබඳ කල් තැබූ විවාදය - තවදුරටත් පැවැත්වීම
ප.ව. 4.30 සිට ප.ව. 7.30 සංශෝධන පනත් කෙටුම්පත් ද්විත්වයේ දෙවැනිවර කියවීම පිළිබඳ කල් තැබූ විවාදය තවදුරටත් පැවැත්වීම
(i) දේශීය ආදායම්
(ii) සමාජ ආරක්ෂණ දායකත්ව බදු
ප.ව. 7.00 පනත් කෙටුම්පත්වල දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම
ප.ව. 7.00 සිට ප.ව. 7.30 ඉහත පනත් කෙටුම්පත්වල කාරක සභා අවස්ථාව සහ තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම
 
2023 සැප්තැම්බර් මස 08 වැනි සිකුරාදා
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 සෞඛ්‍ය අමාත්‍ය ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාස භංගත්වය පළ කිරීමේ යෝජනාව පිළිබඳ කල් තැබූ විවාදය - තවදුරටත් පැවැත්වීම
ප.ව. 5.30 ඡන්ද විමසීම

2023 අගෝස්තු මස 11 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2023 අගෝස්තු මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2023 අගෝස්තු මස 22 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) පුරාවස්තු ආඥාපනත යටතේ නි‍යෝග (188 වන අධිකාරය වූ)
(2023.08.11 දින අංක 48 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 32 බලන්න)

(ii) සංචාරක කටයුතු පනත යටතේ නියමය
(2023.08.11 දින අංක 48 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 30 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2023 අගෝස්තු මස 23 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(2023.08.11 දින අංක 48 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 27 බලන්න)

(ii) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමය
(2023.08.08 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද 2023.06.16 දිනැති අංක 2336/71 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය බලන්න. ඒ පිළිබඳ යෝජනාව 2023.08.11 දින නිකුත් වීමට නියමිත පාර්ලිමේන්තුවේ අංක 2(2) දරන පරිපූරකයේ ඇතුළත් වනු ඇත)

(iii) කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග
(2023.08.10 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද 2023.08.04 දිනැති අංක 2343/60 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය බලන්න. ඒ පිළිබඳ යෝජනාව 2023.08.11 දින නිකුත් වීමට නියමිත පාර්ලිමේන්තුවේ අංක 2(2) දරන පරිපූරකයේ ඇතුළත් වනු ඇත)

(iv) ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය
(2023.08.11 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද 2023.07.04 දිනැති අංක 2339/08 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය බලන්න. ඒ පිළිබඳ යෝජනාව 2023.08.11 දින නිකුත් වීමට නියමිත පාර්ලිමේන්තුවේ අංක 2(2) දරන පරිපූරකයේ ඇතුළත් වනු ඇත)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකයි)
 

2023 අගෝස්තු මස 24 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය - අනුමත කිරීමට* (විවාදයකින් තොරව)
*(2023.07.17 දිනැති අංක 2341/03 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය කල් ඉකුත් වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් නව ගැසට් පත්‍රයක් නිකුත් කරන්නේ නම්, එය 2023.08.23 දින පාර්ලිමේන්තුවට පිළිගැන්වීමට නියමිත අතර, ඒ පිළිබඳ යෝජනා සම්මතය, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව, 2023.08.24 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කෙරෙනු ඇත.)
පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 “ශ්‍රී ලංකා ක්‍රිකට්” පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය)
 
2023 අගෝස්තු මස 25 වැනි සිකුරාදා
පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 ශෝක ප්‍රකාශ යෝජනා -

(i) අභාවප්‍රාප්ත ගරු එස්. ඒ. ආර්. මද්දුමබණ්ඩාර මහතා, හිටපු පා.ම.
(ii) අභාවප්‍රාප්ත ගරු බී. සිරිසේන කුරේ මහතා, හිටපු පා.ම.
(iii) අභාවප්‍රාප්ත ගරු (පූජ්‍ය) උඩවත්තේ නන්ද හිමි, හිටපු පා.ම.

2023 ජූලි මස 21 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2023 අගෝස්තු මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2023 අගෝස්තු මස 08 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 2023 වසර-මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පිළිබඳ කල් තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය)
   

2023 අගෝස්තු මස 09 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2023.07.21 දින අංක 44 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 2 බලන්න)

(ii) ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග
(2023.07.21 දින අංක 44 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 11 සිට 15 දක්වා බලන්න)
ප.ව. 5.00 ආණ්ඩුවේ කටයුතු අවසන් වූ වහාම:
ශ්‍රී ලංකා බදුකරණ කාර්යායතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත — සලකා බැලීම

(2023.07.21 දින අංක 44 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 20 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 

2023 අගෝස්තු මස 10 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 “වර්තමානයේ වතු ප්‍රජාව මුහුණදෙන සමාජ-ආර්ථික ගැටලු” පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය)
 
2023 අගෝස්තු මස 11 වැනි සිකුරාදා
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00

ඉදිරිපත් කිරීමට නියමිත පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා —

(i) පළාත් පාලන ආයතනවල කසළ බැහැර කිරීම
(ගරු චමින්ද විජේසිරි මහතා)
(ii) රාවණා රජු පිළිබඳ විධිමත් ගවේෂණයක් සිදු කිරීම (ගරු බුද්ධික පතිරණ මහතා)
(iii) ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හා කල්බදු ණය පහසුකම් ආයතන දැඩි නියාමනයකට ලක්කිරීම (ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය)
(iv) පාසල් සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රමවේදය ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීම (ගරු නීතිඥ සාගර කාරියවසම් මහතා)
(v) ශ්‍රී ලංකාවේ ගුරුවරුන් සඳහා වසර පහකට වරක් ස්ථාන මාරුවීම් ලබාදීම (ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා)
(vi) විදේශගත ශ්‍රමිකයන්ට සුබසාධනය සැලසීම (ගරු චමින්ද විජේසිරි මහතා) 

(2023.07.07 දින නිකුත් කළ අංක 1(18) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකය බලන්න)

ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකයි)

2023 ජූලි මස 7 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2023 ජූලි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2023 ජූලි මස 18 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 1.30 (i) රේගු ආඥාපනත යටතේ යෝජනා සම්මතය (235 අධිකාරය)
(2023.07.05 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද 2023.03.28 දිනැති අංක 2325/07 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය බලන්න. ඒ පිළිබඳ යෝජනාව 2023.07.07 දින නිකුත් වීමට නියමිත පාර්ලිමේන්තුවේ අංක 1(18) දරන පරිපූරකයේ ඇතුළත් වනු ඇත)

(ii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(2023.07.06 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද 2023.06.09 දිනැති අංක 2335/26 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය බලන්න. ඒ පිළිබඳ යෝජනාව 2023.07.07 දින නිකුත් වීමට නියමිත පාර්ලිමේන්තුවේ අංක 1(18) දරන පරිපූරකයේ ඇතුළත් වනු ඇත)
ප.ව. 1.30 සිට ප.ව. 5.30 පලස්තීන ජනතාව වර්තමානයේ මුහුණදී සිටින දුෂ්කරතා පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය)
 

2023 ජූලි මස 19 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) දූෂණ විරෝධී පනත් කෙටුම්පත — කාරක සභාව
(2023.07.07 දින අංක 40 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 23 බලන්න)

(ii) අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත — කාරක සභාව
(2023.07.07 දින අංක 40 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 24 බලන්න)

ආණ්ඩුවේ කටයුතු අවසන් වූ වහාම:
හදට හද භාරකාර අරමුදල (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (ඉදිරිපත් කිරීමට)

(2023.07.07 දින අංක 40 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 66 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි)
 

2023 ජූලි මස 20 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2023.07.07 දින අංක 40 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 26 බලන්න)
ප.ව. 5.00 (ii) අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය - අනුමත කිරීමට (විවාදයකින් තොරව)
(2023.06.17 දිනැති අංක 2336/78 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය කල් ඉකුත් වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් නව ගැසට් පත්‍රයක් නිකුත් කරන්නේ නම්, එය 2023.07.19 දින පාර්ලිමේන්තුවට පිළිගැන්වීමට නියමිත අතර, ඒ පිළිබඳ යෝජනා සම්මතය, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව, 2023.07.20 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කෙරෙනු ඇත)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2023 ජූලි මස 21 වැනි සිකුරාදා
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2023.07.07 දින අංක 40 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 28 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි)

2023 ජුනි මස 30 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2023 ජූලි මස 01 වැනි දින සහ ජූලි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2023 ජූලි මස 01 වැනි සෙනසුරාදා

පෙ.ව. 09.30 සිට ප.ව. 7.30 ස්වෛරීත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය - අනුමත කිරීමට
ප.ව. 7.30 ඡන්ද විමසීම
   
2023 ජූලි මස 04 වැනි අඟහරුවාදා පාර්ලිමේන්තු රැස්වීම් නැත
 

2023 ජූලි මස 05 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 විවිධ ව්‍යවස්ථාපිත ආයතනයන්හි වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා අටක් (08) – විවාදයකින් තොරව අනුමත කිරීමට
(2023.06.22 දින අංක 35 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 16 සිට 23 දක්වා බලන්න)
පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 “උසාවිවල අධිකරණ කටයුතු ප්‍රමාදය සහ එයට සම්බන්ධ කරුණු” පිළිබඳ කල් තැබීමේ විවාදය (ආණ්ඩු සහ විරුද්ධ පාර්ශ්වය)
 

2023 ජූලි මස 06 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප.ව. 5.00

(i) දූෂණ විරෝධී පනත් කෙටුම්පත – දෙවැනිවර කියවීම
(කල් තබන ලද විවාදය ඉදිරියට කරගෙන යෑමට නියමිතයි)

(2023.06.22 දින අංක 35 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 1 බලන්න)

(ii) අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත – දෙවැනිවර කියවීම
(කල් තබන ලද විවාදය ඉදිරියට කරගෙන යෑමට නියමිතයි)
(2023.06.22 දින අංක 35 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 2 බලන්න)

ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි)
 
2023 ජූලි මස 07 වැනි සිකුරාදා
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00

(i)  ගුවන් ප්‍රවාහන (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2023.06.22 දින අංක 35 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 7 බලන්න)

(ii) උදර්පණ පනත යටතේ නියමය  
(2023.06.22 දින අංක 35 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 10 බලන්න)

ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)

2023 ජුනි මස 8 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2023 ජුනි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2023 ජුනි මස 20 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2023.06.08 දින අංක 31 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 19 බලන්න)

ප.ව. 5.00 පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම:-

බලපිටිය ශ්‍රී රාහුලාරාම පුරාණ විහාරස්ථ සාමණේර ආකල්ප සංවර්ධන භික්ෂු විද්‍යාලය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2023.06.08 දින අංක 31 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 57 බලන්න)

ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2023 ජුනි මස 21 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 (i) දූෂණ විරෝධී පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(ii) අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(iii) සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම

(පිළිවෙළින් 2023.06.08 දින අංක 31 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 16, 15 සහ 17 බලන්න)

ප.ව. 5.30 අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ නියමයන් — අනුමත කිරීමට * (විවාදයකින් තොරව)
*(2023.05.17 දිනැති අංක 2332/12 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය කල් ඉකුත් වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් නව ගැසට් පත්‍රයක් නිකුත් කරන්නේ නම්, එය 2023.06.20 දින පාර්ලිමේන්තුවට පිළිගැන්වීමට නියමිත අතර, ඒ පිළිබඳ යෝජනා සම්මතය, පාර්ලිමේන්තුවේ ස්.නි. 27 අත්හිටුවනු ලදුව, 2023.06.21 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කෙරෙනු ඇත.)
 

2023 ජුනි මස 22 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 2023.06.01 දින ගරු ජනාධිපතිතුමා විසින් ජාතිය අමතා කළ කතාව පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය)
 
2023 ජුනි මස 23 වැනි සිකුරාදා
පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 ශෝක ප්‍රකාශ යෝජනා -

(i) අභාවප්‍රාප්ත ගරු ලැරීන් පෙරේරා මහත්මිය, හිටපු පා.ම.
(ii) අභාවප්‍රාප්ත ගරු රෙජිනෝල්ඩ් කුරේ මහතා, හිටපු පා.ම.
(iii) අභාවප්‍රාප්ත ගරු බුද්ධික කුරුකුලරත්න මහතා, හිටපු පා.ම.
(iv) අභාවප්‍රාප්ත ගරු මුත්තු සිවලිංගම් මහතා, හිටපු පා.ම.

2023 මැයි මස 26 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2023 ජුනි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2023 ජුනි මස 06 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග දෙකක්
(2023.05.26 දින අංක 28 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 9 සහ 10 බලන්න)

(ii) වෙළඳ නැව් පනත යටතේ නියෝග දහතුනක්

(iii) නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙන යන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබාදීමේ පනත යටතේ නියෝග

(පිළිවෙළින් 2022.01.06 දිනැති අංක 2261/49, 2261/50, 2261/51, 2261/52, 2261/53, 2261/54, 2261/55, 2261/56, 2261/57 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල සහ 2022.01.13 දිනැති අංක 2262/31, 2022.08.09 දිනැති අංක 2292/18, 2022.09.22 දිනැති අංක 2298/32, 2022.10.26 දිනැති අංක 2303/16 සහ 2022.07.07 දිනැති අංක 2287/24 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ වූ ඉහත සඳහන් නියෝග, 2023.05.23 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද අතර ඒ පිළිබඳ යෝජනා 2023.05.26 දින නිකුත් කළ අංක 1(14) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ ඇතුළත් කරන ලදී.)
ප.ව. 5.00 “2019 නොවැම්බර් සිට මේ දක්වා රටේ ආර්ථිකයේ පසුබෑම පිළිබඳ සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ” නාමය “රජය විසින් ප්‍රකාශයට පත්කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව” ලෙස සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාව - විවාදයකින් තොරව සම්මත කිරීමට

(ඒ පිළිබඳ යෝජනාව 2023.05.26 දින නිකුත් කළ අංක 1(14) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් කරන ලදී)

ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2023 ජුනි මස 07 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 “කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළු ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණ පාන ගැටලු” පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය)
 

2023 ජුනි මස 08 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00

(i) ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2023.05.26 දින අංක 28 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 1 බලන්න)

(ii) 2021 අංක 30 දරන විසර්ජන පනත යටතේ යෝජනා සම්මතය
(ඒ පිළිබඳ යෝජනාව 2023.05.26 දින නිකුත් කළ අංක 1(14) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ ඇතුළත් කරන ලදී)  

(iii) වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ නියෝග
(2023.05.26 දින අංක 28 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 12 බලන්න)

(iv) (351 අධිකාරය වූ) ආගාමික හා විගාමික පනත යටතේ නියෝග
(2023.05.26 දින අංක 28 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 12 බලන්න)

ප.ව. 5.00

(i) විවිධ ව්‍යවස්ථාපිත ආයතනයන්හි වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා හතක් (07) – විවාදයකින් තොරව අනුමත කිරීමට
(2023.05.26 දින අංක 28 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 15 සිට 21 දක්වා බලන්න)

(ii) “රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව” පත්කිරීම සඳහා වූ යෝජනාව (පා. 26/2023) — ඉදිරිපත් කිරීමට නියමිතයි

(2023.04.04 දිනැති අංක 1(7) දරන න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ විෂය අංක පා. 26/2023 බලන්න)

ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2023 ජුනි මස 09 වැනි සිකුරාදා
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00

ඉදිරිපත් කිරීමට නියමිත පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා —
(i) රජයේ සියලු ආයතන රජය සතු ගොඩනැගිලිවල ස්ථානගත කිරීම
(ගරු චමින්ද විජේසිරි මහතා)
(ii) වගා හානි සිදු කරන රිලවුන් ගහනය පාලනය කිරීම
(ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා)
(iii) සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සවිබල ගැන්වීම
(ගරු කිංස් නෙල්සන් මහතා)
(iv) දරුවන්ගේ ‍සෞඛ්‍ය අධ්‍යාපනය සම්බන්ධ වැඩසටහනක් පාසල් මට්ටමින් ප්‍රචලිත කිරීම (ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය)

(2023.05.12 දින නිකුත් කළ අංක 1(13) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකය බලන්න)

ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි)





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks