පෙන්වන්න
2023 ජූලි මස 21 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2023 අගෝස්තු මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2023 අගෝස්තු මස 08 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 | 2023 වසර-මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පිළිබඳ කල් තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය) |
|
2023 අගෝස්තු මස 09 වැනි බදාදා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 | (i) ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2023.07.21 දින අංක 44 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 2 බලන්න) (ii) ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග (2023.07.21 දින අංක 44 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 11 සිට 15 දක්වා බලන්න) |
| ප.ව. 5.00 | ආණ්ඩුවේ කටයුතු අවසන් වූ වහාම: ශ්‍රී ලංකා බදුකරණ කාර්යායතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත — සලකා බැලීම (2023.07.21 දින අංක 44 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 20 බලන්න) |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
|
2023 අගෝස්තු මස 10 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 | “වර්තමානයේ වතු ප්‍රජාව මුහුණදෙන සමාජ-ආර්ථික ගැටලු” පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) |
| 2023 අගෝස්තු මස 11 වැනි සිකුරාදා | |
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 |
ඉදිරිපත් කිරීමට නියමිත පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා — (2023.07.07 දින නිකුත් කළ අංක 1(18) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකය බලන්න) |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකයි) |
2023 ජූලි මස 7 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2023 ජූලි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2023 ජූලි මස 18 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 1.30 | (i) රේගු ආඥාපනත යටතේ යෝජනා සම්මතය (235 අධිකාරය) (2023.07.05 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද 2023.03.28 දිනැති අංක 2325/07 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය බලන්න. ඒ පිළිබඳ යෝජනාව 2023.07.07 දින නිකුත් වීමට නියමිත පාර්ලිමේන්තුවේ අංක 1(18) දරන පරිපූරකයේ ඇතුළත් වනු ඇත) (ii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි (2023.07.06 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද 2023.06.09 දිනැති අංක 2335/26 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය බලන්න. ඒ පිළිබඳ යෝජනාව 2023.07.07 දින නිකුත් වීමට නියමිත පාර්ලිමේන්තුවේ අංක 1(18) දරන පරිපූරකයේ ඇතුළත් වනු ඇත) |
| ප.ව. 1.30 සිට ප.ව. 5.30 | පලස්තීන ජනතාව වර්තමානයේ මුහුණදී සිටින දුෂ්කරතා පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) |
|
2023 ජූලි මස 19 වැනි බදාදා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 | (i) දූෂණ විරෝධී පනත් කෙටුම්පත — කාරක සභාව (2023.07.07 දින අංක 40 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 23 බලන්න) (ii) අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත — කාරක සභාව (2023.07.07 දින අංක 40 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 24 බලන්න) ආණ්ඩුවේ කටයුතු අවසන් වූ වහාම: හදට හද භාරකාර අරමුදල (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (ඉදිරිපත් කිරීමට) (2023.07.07 දින අංක 40 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 66 බලන්න) |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
|
2023 ජූලි මස 20 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 | (i) ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2023.07.07 දින අංක 40 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 26 බලන්න) |
| ප.ව. 5.00 | (ii) අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය - අනුමත කිරීමට (විවාදයකින් තොරව) (2023.06.17 දිනැති අංක 2336/78 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය කල් ඉකුත් වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් නව ගැසට් පත්‍රයක් නිකුත් කරන්නේ නම්, එය 2023.07.19 දින පාර්ලිමේන්තුවට පිළිගැන්වීමට නියමිත අතර, ඒ පිළිබඳ යෝජනා සම්මතය, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව, 2023.07.20 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කෙරෙනු ඇත) |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
| 2023 ජූලි මස 21 වැනි සිකුරාදා | |
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 | බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2023.07.07 දින අංක 40 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 28 බලන්න) |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
2023 ජුනි මස 30 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2023 ජූලි මස 01 වැනි දින සහ ජූලි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2023 ජූලි මස 01 වැනි සෙනසුරාදා |
|
| පෙ.ව. 09.30 සිට ප.ව. 7.30 | ස්වෛරීත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය - අනුමත කිරීමට |
| ප.ව. 7.30 | ඡන්ද විමසීම |
| 2023 ජූලි මස 04 වැනි අඟහරුවාදා | පාර්ලිමේන්තු රැස්වීම් නැත |
|
2023 ජූලි මස 05 වැනි බදාදා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 | විවිධ ව්‍යවස්ථාපිත ආයතනයන්හි වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා අටක් (08) – විවාදයකින් තොරව අනුමත කිරීමට (2023.06.22 දින අංක 35 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 16 සිට 23 දක්වා බලන්න) |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 | “උසාවිවල අධිකරණ කටයුතු ප්‍රමාදය සහ එයට සම්බන්ධ කරුණු” පිළිබඳ කල් තැබීමේ විවාදය (ආණ්ඩු සහ විරුද්ධ පාර්ශ්වය) |
|
2023 ජූලි මස 06 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 09.30 සිට ප.ව. 5.00 |
(i) දූෂණ විරෝධී පනත් කෙටුම්පත – දෙවැනිවර කියවීම |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
| 2023 ජූලි මස 07 වැනි සිකුරාදා | |
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 |
(i) ගුවන් ප්‍රවාහන (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
2023 ජුනි මස 8 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2023 ජුනි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2023 ජුනි මස 20 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 | පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2023.06.08 දින අංක 31 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 19 බලන්න) |
| ප.ව. 5.00 | පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම:- බලපිටිය ශ්‍රී රාහුලාරාම පුරාණ විහාරස්ථ සාමණේර ආකල්ප සංවර්ධන භික්ෂු විද්‍යාලය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2023.06.08 දින අංක 31 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 57 බලන්න) |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2023 ජුනි මස 21 වැනි බදාදා |
|
| පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 | (i) දූෂණ විරෝධී පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (ii) අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (iii) සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (පිළිවෙළින් 2023.06.08 දින අංක 31 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 16, 15 සහ 17 බලන්න) |
| ප.ව. 5.30 | අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ නියමයන් — අනුමත කිරීමට * (විවාදයකින් තොරව) *(2023.05.17 දිනැති අංක 2332/12 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය කල් ඉකුත් වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් නව ගැසට් පත්‍රයක් නිකුත් කරන්නේ නම්, එය 2023.06.20 දින පාර්ලිමේන්තුවට පිළිගැන්වීමට නියමිත අතර, ඒ පිළිබඳ යෝජනා සම්මතය, පාර්ලිමේන්තුවේ ස්.නි. 27 අත්හිටුවනු ලදුව, 2023.06.21 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කෙරෙනු ඇත.) |
|
2023 ජුනි මස 22 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 | 2023.06.01 දින ගරු ජනාධිපතිතුමා විසින් ජාතිය අමතා කළ කතාව පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) |
| 2023 ජුනි මස 23 වැනි සිකුරාදා | |
| පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 | ශෝක ප්‍රකාශ යෝජනා - (i) අභාවප්‍රාප්ත ගරු ලැරීන් පෙරේරා මහත්මිය, හිටපු පා.ම. (ii) අභාවප්‍රාප්ත ගරු රෙජිනෝල්ඩ් කුරේ මහතා, හිටපු පා.ම. (iii) අභාවප්‍රාප්ත ගරු බුද්ධික කුරුකුලරත්න මහතා, හිටපු පා.ම. (iv) අභාවප්‍රාප්ත ගරු මුත්තු සිවලිංගම් මහතා, හිටපු පා.ම. |
2023 මැයි මස 26 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2023 ජුනි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2023 ජුනි මස 06 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 | (i) සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග දෙකක් (2023.05.26 දින අංක 28 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 9 සහ 10 බලන්න) (ii) වෙළඳ නැව් පනත යටතේ නියෝග දහතුනක් (iii) නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙන යන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබාදීමේ පනත යටතේ නියෝග (පිළිවෙළින් 2022.01.06 දිනැති අංක 2261/49, 2261/50, 2261/51, 2261/52, 2261/53, 2261/54, 2261/55, 2261/56, 2261/57 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල සහ 2022.01.13 දිනැති අංක 2262/31, 2022.08.09 දිනැති අංක 2292/18, 2022.09.22 දිනැති අංක 2298/32, 2022.10.26 දිනැති අංක 2303/16 සහ 2022.07.07 දිනැති අංක 2287/24 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ වූ ඉහත සඳහන් නියෝග, 2023.05.23 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද අතර ඒ පිළිබඳ යෝජනා 2023.05.26 දින නිකුත් කළ අංක 1(14) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ ඇතුළත් කරන ලදී.) |
| ප.ව. 5.00 | “2019 නොවැම්බර් සිට මේ දක්වා රටේ ආර්ථිකයේ පසුබෑම පිළිබඳ සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ” නාමය “රජය විසින් ප්‍රකාශයට පත්කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව” ලෙස සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාව - විවාදයකින් තොරව සම්මත කිරීමට (ඒ පිළිබඳ යෝජනාව 2023.05.26 දින නිකුත් කළ අංක 1(14) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් කරන ලදී) |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2023 ජුනි මස 07 වැනි බදාදා |
|
| පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 | “කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළු ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණ පාන ගැටලු” පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) |
|
2023 ජුනි මස 08 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 |
(i) ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (iv) (351 අධිකාරය වූ) ආගාමික හා විගාමික පනත යටතේ නියෝග |
| ප.ව. 5.00 |
(i) විවිධ ව්‍යවස්ථාපිත ආයතනයන්හි වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා හතක් (07) – විවාදයකින් තොරව අනුමත කිරීමට (ii) “රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව” පත්කිරීම සඳහා වූ යෝජනාව (පා. 26/2023) — ඉදිරිපත් කිරීමට නියමිතයි (2023.04.04 දිනැති අංක 1(7) දරන න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ විෂය අංක පා. 26/2023 බලන්න) |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
| 2023 ජුනි මස 09 වැනි සිකුරාදා | |
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 |
ඉදිරිපත් කිරීමට නියමිත පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා — (2023.05.12 දින නිකුත් කළ අංක 1(13) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකය බලන්න) |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
2023 මැයි මස 11 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2023 මැයි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2023 මැයි මස 23 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 | (i) ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2023.05.11 දින අංක 23 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 7 බලන්න) (ii) වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගය (iii) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය (iv) (52 අධිකාරය වූ) සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය (v) දුම්කොළ බදු (සංශෝධන) පනත යටතේ නියෝග (vi) මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය (vii) ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත යටතේ නියමය (viii) 2003 අංක 25 දරන මුදල් පනත යටතේ නියෝගය (පිළිවෙළින් 2023.12.31 දිනැති අංක 2312/67, 2312/68, 2312/70, 2312/71, 2312/73 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල සහ 2023.01.26 හා 2022.12.09 දිනැති අංක 2316/32, 2309/37 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ වූ ඉහත සඳහන් නියෝග, නිවේදන සහ නියමයන්, 2023.05.09 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද අතර ඒ පිළිබඳ යෝජනා, 2023.05.12 දින නිකුත් කිරීමට නියමිත අංක 1(13) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත.) |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2023 මැයි මස 24 වැනි බදාදා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 | 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පනතේ 7 වගන්තිය යටතේ එකී කොමිෂන් සභාවේ තත්කාලීන සභාපති ධුරය හා සාමාජිකත්වය දරන ජේ.ඩබ්ලිව්.එම්.ජේ.පී.කේ. රත්නායක මහතා එම සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සඳහා යෝජනාව – අනුමත කිරීමට (මේ පිළිබඳ අමාත්‍යවරයාගේ වාර්තාව 2023.05.09 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද අතර ඒ පිළිබඳ යෝජනාව 2023.05.12 දින නිකුත් කිරීමට නියමිත අංක 1(13) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත.) |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
|
2023 මැයි මස 25 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 09.30 සිට ප.ව. 12.30 | විශ්‍රාම යන පාර්ලිමේන්තුවේ මහලේකම් ඩබ්ලිව්.බී.ඩී. දසනායක මහතාගේ සේවය ඇගයීමේ යෝජනාව |
| ප.ව. 12.30 සිට ප.ව. 5.00 | (i) 2003 අංක 25 දරන මුදල් පනත යටතේ නියමය (ii) 2004 අංක 11 දරන මුදල් පනත යටතේ නියෝග (iii) 2018 අංක 35 දරන මුදල් පනත යටතේ නියෝගය (iv) 2018 අංක 35 දරන මුදල් පනත යටතේ නියෝග (පිළිවෙළින් 2022.01.11, 2023.01.01, 2022.12.31 සහ 2023.02.10 දිනැති අංක 2314/16, 2312/80, 2312/69 සහ 2318/53 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ වූ ඉහත සඳහන් නියම සහ නියෝග, 2023.05.09 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද අතර ඒ පිළිබඳ යෝජනා 2023.05.12 දින නිකුත් කිරීමට නියමිත අංක 1(13) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත.) (v) ආදායම් මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු නොගෙවා මඟහැරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුව සහ චෙක් ජනරජ ආණ්ඩුව අතර, 2023 පෙබරවාරි 03 දින ඇතිකර ගත් ගිවිසුම – අනුමත කිරීමට (ඉහත සඳහන් ගිවිසුම 2023.05.11 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද අතර ඒ පිළිබඳ යෝජනාව 2023.05.12 දින නිකුත් කිරීමට නියමිත අංක 1(13) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත.) |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
| 2023 මැයි මස 26 වැනි සිකුරාදා | |
| පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 | හිටපු කථානායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව |
2023 අප්‍රේල් 28, මැයි 9 සහ මැයි 11 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2023 මැයි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2023 මැයි මස 09 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 | (i) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග දෙකක් (එක් නියෝගයක් සඳහා 2023.04.28 දින අංක 20 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 3 ත්, අනෙක් නියෝගය සඳහා 2023.03.28 දිනැති අංක 2325/06 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයත් බලන්න. මෙම නියෝග 2023.04.25 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද අතර, ඒ පිළිබඳ යෝජනාව 2023.04.28 දින නිකුත් කිරීමට නියමිත අංක 1(10) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත.) (ii) වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියෝගය (2023.04.03 දිනැති අංක 2326/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය 2023.04.25 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද අතර, ඒ පිළිබඳ යෝජනාව 2023.04.28 දින නිකුත් කිරීමට නියමිත අංක 1(10) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත.) (iii) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් අටක් (පිළිවෙළින් 2022.11.30, 2023.01.04, 2023.01.25, 2023.02.20, 2023.03.04, 2023.03.07, 2023.03.07 සහ 2023.03.17 දිනැති අංක 2308/17, 2313/34, 2316/28, 2320/04, 2321/76, 2322/20, 2322/21 සහ 2323/40 දරන අතිවිශේෂ ගැසට් පත්‍ර 2023.04.26 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද අතර, ඒ පිළිබඳ යෝජනා 2023.04.28 දින නිකුත් කිරීමට නියමිත අංක 1(10) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත.) (iv) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි තුනක් (2023.03.24 දිනැති අංක 2324/45 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය සහ 2023.04.06 දිනැති අංක 2326/41 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පිළීවෙළින් 2023.04.25 සහ 2023.04.28 යන දිනයන්හි පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද අතර, ඒ පිළිබඳ යෝජනා 2023.04.28 දින නිකුත් කිරීමට නියමිත අංක 1(10) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත.) (v) සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනත යටතේ නියෝග (2022.12.22 දිනැති අංක 2311/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය 2023.04.27 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද අතර, ඒ පිළිබඳ යෝජනාව 2023.04.28 දින නිකුත් කිරීමට නියමිත අංක 1(10) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත.) |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2023 මැයි මස 10 වැනි බදාදා |
|
| පෙ.ව. 09.30 සිට ප.ව. 6.00 | “මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ විනාශය” පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) - ඉදිරියට කරගෙන යෑමට නියමිතයි |
|
2023 මැයි මස 11 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 09.30 | රතනතිස්ස සාම පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - සලකා බැලීම – ඉදිරිපත් කිරීමට නියමිතයි (පනත් කෙටුම්පත පිළිබඳව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ වාර්තාව 2023.05.09 දින පාර්ලිමේන්තුවට පිළිගන්වනු ඇත.) |
| පෙ.ව. 09.30 සිට ප.ව. 6.00 | “මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ විනාශය” පිළිබඳ කල් තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම (විරුද්ධ පාර්ශ්වය) (2023.04.28 දින අංක 20 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 7 බලන්න) |
| 2023 මැයි මස 12 වැනි සිකුරාදා | |
| පෙ.ව. 09.30 | දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ යෝජනා සම්මතය – අනුමත කිරීමට (පාර්ලිමේන්තුවේ ස්.නි. 27 අත්හිටුවනු ලදුව, මෙම අයිතමය 2023.05.12 දින අංක 24 දරන න්‍යාය පත්‍රයේ ඇතුළත් කරන ලදී.) |
| පෙ.ව. 09.30 සිට ප.ව. 6.00 | සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය (2023.05.11 දින අංක 23 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 2 බලන්න.) |
| ප.ව. 6.00 | ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු වූ නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව (පා.27/2023) – ඉදිරිපත් කිරීමට (2023.05.10 දින නිකුත් කළ අංක 1(12) දරන පරිපූරකයේ පළ කරන ලද අංක පා.27/2023 දරන මෙම යෝජනාව, පාර්ලිමේන්තුවේ ස්.නි. 27 අත්හිටුවනු ලදුව, 2023.05.12 දින අංක 24 දරන න්‍යාය පත්‍රයේ ඇතුළත් කරන ලදී.) |
2023 අප්‍රේල් මස 20 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2023 අප්‍රේල් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2023 අප්‍රේල් මස 25 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 | අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය (2023.04.04 දින අංක 16 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 6 බලන්න) |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2023 අප්‍රේල් මස 26 වැනි බදාදා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 | (i) අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය – අනුමත කිරීමට (විවාදයකින් තොරව) (2023.04.17 දිනැති අංක 2328/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය 2023.04.25 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද අතර ඒ පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේ ස්.නි. 27 අත්හිටුවනු ලදුව, 2023.04.26 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කරනු ඇත) (ii) ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතය – තවදුරටත් පැවැත්වීමට නියමිතයි (2023.04.18 දින නිකුත් කළ අංක 1(9) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ විෂය අංක 1 බලන්න) |
| ප.ව. 5.00 | ආණ්ඩුවේ කටයුතු අවසන් වූ වහාම :
(පිළිවෙළින් 2023.04.04 සහ 2023.04.18 යන දිනවල නිකුත් කළ අංක 1(7) සහ 1(9) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකවල විෂය අංක 3 සිට 14 සහ 2 බලන්න)
|
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
|
2023 අප්‍රේල් මස 27 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 | ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතය පිළිබඳ කල් තැබූ විවාදය තවදුරටත් පැවැත්වීම |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
| 2023 අප්‍රේල් මස 28 වැනි සිකුරාදා | |
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 | (i) ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතය පිළිබඳ විවාදය තවදුරටත් පැවැත්වීම |
| ප.ව. 5.00 | (ii) දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම – අනුමත කිරීමට (විවාදයකින් තොරව) (2023.03.24 දින නිකුත් කළ අංක 1(6) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ විෂය අංක 1 බලන්න) |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |