01

E   |   த   |  

පෙන්වන්න


2013 ජූනි මස 6 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2013 ජූනි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2013 ජූනි මස 18 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 04.00 පාර්ලිමේන්තු ශිෂ්‍යත්ව මණ්ඩලය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(මෙම පනත් කෙටුම්පත 2013.06.04 දින සභාවට ඉදිරිපත් කරන ලදී)
ප.ව. 04.00 සිට ප.ව. 07.00 ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ කල් තැබීමේ විවාදය (විපක්ෂය විසින්)
 

2013 ජූනි මස 19 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 07.30 ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාව පිළිබඳ කල් තැබීමේ විවාදය (විපක්ෂය විසින්)
 

2013 ජූනි මස 20 වැනි බ්‍රහස්පතින්දා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 රාජ්‍ය ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය (සංශෝධන) පනත් කෙටුම්පත
(මෙම පනත් කෙටුම්පත 2013.06.06 දින අංක 280 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 2 වශයෙන් සඳහන් වේ)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩුව විසින්)
 

2013 ජූනි මස 21 වැනි සිකුරාදා

ප.ව. 01.30 සිට ප.ව. 02.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.30 සිට ප.ව. 06.30 අභාවප්‍රාප්ත ගරු ජයලත් ජයවර්ධන මහතා, පා.ම. පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩුව විසින්)
 





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks