logo

E   |     |  

පෙන්වන්න

2013 අගෝස්තු මස 22 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2013 සැප්තැම්බර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2013 සැප්තැම්බර් මස 3 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 (i) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග
(2013.08.22 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 2013.08.23 දින නිකුත් කළ අංක 9(3) දරන පරිපූරකයේ පළ වූ 2013.08.01 දිනැති අංක 1821/40 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය බලන්න)
(ii) ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියෝගය
(2013.08.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 2013.08.23 දින නිකුත් කළ අංක 9(3) දරන පරිපූරකයේ පළ වූ 2013.07.15 දිනැති අංක 1819/3 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2013 සැප්තැම්බර් මස 4 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 රජයේ සේවකයන්ට අදාළ කාරණා පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය)
 
2013 සැප්තැම්බර් මස 5 වැනි බ්‍රහස්පතින්දා

පාර්ලිමේන්තු රැස්වීම් නැත
 
2013 සැප්තැම්බර් මස 6 වැනි සිකුරාදා

පාර්ලිමේන්තු රැස්වීම් නැත

2013 අගෝස්තු මස 8 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2013 අගෝස්තු මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2013 අගෝස්තු මස 20 වැනි අඟහරුවාදා

පාර්ලිමේන්තු රැස්වීම නැත (පෝය දිනය)
 
2013 අගෝස්තු මස 21 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 07.00 රතුපස්වල සිද්ධිය පිළිබඳ කල් තැබීමේ විවාදය - (විරුද්ධ පාර්ශ්වය)
 
2013 අගෝස්තු මස 22 වැනි බ්‍රහස්පතින්දා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 04.30 (i) අභාවප්‍රාප්ත ගරු ජනදාස පීරිස් මහතා, පා.ම.
(ii) අභාවප්‍රාප්ත ගරු ආරියපාල වල්පිටගම මහතා, පා.ම.
- පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා
ප.ව. 04.30 සිට ප.ව. 06.30 ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(2013.07.18 දිනැති අංක 1819/32 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද මෙ‍ම රෙගුලාසි, 2013.08.07 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර 2013.08.08 දින නිකුත් වූ අංක 9(2) දරන පරිපූරකයේ පළ කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2013 අගෝස්තු මස 23 වැනි සිකුරාදා

පාර්ලිමේන්තු රැස්වීම නැත

2013 ජූලි මස 25 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2013 අගෝස්තු මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2013 අගෝස්තු මස 6 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් දෙකක්
(2013.07.25 දින අංක 292 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 6 සහ 7 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 
2013 අගෝස්තු මස 7 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 රේගු ආඥාපනත යටතේ ‍යෝජනාව
(2013.07.25 දින අංක 292 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 8 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2013 අගෝස්තු මස 8 වැනි බ්‍රහස්පතින්දා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 07.00 ඉඩම් ගැටලු පිළිබඳ කල් තැබීමේ විවාදය (ITAK පක්ෂය)
 
2013 අගෝස්තු මස 9 වැනි සිකුරාදා

පාර්ලිමේන්තු රැස්වීම නැත (ප්‍රසිද්ධ නිවාඩු දිනය)

2013 ජූලි මස 11 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2013 ජූලි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2013 ජූලි මස 23 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම
(මෙ‍ම පනත් කෙටුම්පත 2013.07.11 දින අංක 288 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 3 වශයෙන් සඳහන් වේ)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 
2013 ජූලි මස 24 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම පිළිබඳ කල් තැබීමේ විවාදය – කරගෙන යෑමට නියමිතයි
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2013 ජූලි මස 25 වැනි බ්‍රහස්පතින්දා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 (i) දේශීය ආදායම් පනත යටතේ යෝජනාව
(මෙ‍ය 2013.07.11 දින අංක 288 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 6 වශයෙන් සඳහන් වේ)
(ii) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් දෙකක්
(2012.12.08 දිනැති අංක 1787/41 සහ 2013.02.08 දිනැති අංක 1796/20 දරන අති විශේෂ ගැසට් පත්‍රයන්හි පළ කරන ලද මෙ‍ම නියමයන් 2013.07.12 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී)
(iii) මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය
(2013.05.10 දිනැති අංක 1809/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ වූ මෙම නියෝගය 2013.07.11 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී)
(iv) සුරාබදු ආඥාපනත යටතේ අංක. 957 දරන නිවේදනය
(2013.04.03 දිනැති අංක 1804/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ වූ මෙම නිවේදනය 2013.07.12 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී)

(ඉහත (ii), (iii) සහ (iv) සම්බන්ධ යෝජනා 2013.07.12 දින නිකුත් කළ අංක. 9 දරන න්‍යාය පුස්තකයේ පළ කරන ලදී.)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 
2013 ජූලි මස 26 වැනි සිකුරාදා

ප.ව. 01.30 සිට ප.ව. 02.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.30 සිට ප.ව. 06.30 (i) අභාවප්‍රාප්ත ගරු මොහොමඩ් මහරූෆ් මහතා, පා.ම.
(ii) අභාවප්‍රාප්ත ගරු විජේරත්න බණ්ඩා මහතා, පා.ම.
- පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2013 ජූනි මස 20 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2013 ජූලි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2013 ජූලි මස 9 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග
(2013.06.05 දිනැති අංක 1813/14 සහ 1813/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයන්හි පළ කරන ලද මෙම නියෝග, 2013.06.20 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 
2013 ජූලි මස 10 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තීරණය - විගණකාධිපතිවරයාගේ වැටුප
(මෙ‍ම තීරණය 2013.06.20 දින අංක 284 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 7 වශයෙන් සඳහන් වේ)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2013 ජූලි මස 11 වැනි බ්‍රහස්පතින්දා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 සේවක අර්ධසාධක අරමුදල පනත යටතේ නියෝග
(2013.05.13 දිනැති අංක 1810/20 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද මෙම නියෝග, 2013.06.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2013 ජූලි මස 12 වැනි සිකුරාදා

ප.ව. 01.30 සිට ප.ව. 02.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.30 සිට ප.ව. 06.30 මෑතකදී පරිසරයේ ඇති වී තිබෙන දේශගුණික විපර්යාස පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය)

2013 ජූනි මස 6 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2013 ජූනි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2013 ජූනි මස 18 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 04.00 පාර්ලිමේන්තු ශිෂ්‍යත්ව මණ්ඩලය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(මෙම පනත් කෙටුම්පත 2013.06.04 දින සභාවට ඉදිරිපත් කරන ලදී)
ප.ව. 04.00 සිට ප.ව. 07.00 ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ කල් තැබීමේ විවාදය (විපක්ෂය විසින්)
 
2013 ජූනි මස 19 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 07.30 ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාව පිළිබඳ කල් තැබීමේ විවාදය (විපක්ෂය විසින්)
 
2013 ජූනි මස 20 වැනි බ්‍රහස්පතින්දා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 රාජ්‍ය ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය (සංශෝධන) පනත් කෙටුම්පත
(මෙම පනත් කෙටුම්පත 2013.06.06 දින අංක 280 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 2 වශයෙන් සඳහන් වේ)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩුව විසින්)
 
2013 ජූනි මස 21 වැනි සිකුරාදා

ප.ව. 01.30 සිට ප.ව. 02.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.30 සිට ප.ව. 06.30 අභාවප්‍රාප්ත ගරු ජයලත් ජයවර්ධන මහතා, පා.ම. පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩුව විසින්)
 
© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks