logo

E   |     |  

පෙන්වන්න

2014 ජනවාරි මස 24 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2014 පෙබරවාරි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2014 පෙබරවාරි මස 04 වැනි අඟහරුවාදා

පාර්ලිමේන්තු රැස්වීම් නැත (ප්‍රසිද්ධ නිවාඩු දිනය)
 
2014 පෙබරවාරි මස 05 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(මෙම පනත් කෙටුම්පත 2014.01.24 දිනැති අංක 337 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වේ)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2014 පෙබරවාරි මස 06 වැනි බ්‍රහස්පතින්දා

පාර්ලිමේන්තු රැස්වීම් නැත
 
2014 පෙබරවාරි මස 07 වැනි සිකුරාදා

ප.ව. 01.30 සිට ප.ව. 02.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.30 සිට ප.ව. 06.30 විදුලි බලය පිළිබඳ කල් තැබීමේ විවාදය (ප්‍ර.ජා.ස පක්ෂය)

2014 ජනවාරි මස 13 වැනි දින සහ 20 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2014 ජනවාරි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2014 ජනවාරි මස 21 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(මෙම පනත් කෙටුම්පත 2014.01.21 දින සඳහා නිකුත් කළ අංක 334 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 2 වශයෙන් සඳහන් වේ)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2014 ජනවාරි මස 22 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 04.00 මෝටර් වාහන පනත යටතේ නියෝග
(2013.04.11 දිනැති අංක 1805/34 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ වූ මෙම නියෝග, 2014.01.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත)
ප.ව. 04.00 සිට ප.ව. 06.30 ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග දෙකක්
(පිළිවෙළින් 2014.01.02 සහ 2014.01.08 දිනැති අංක 1843/40 සහ 1844/49 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයන්ගේ පළ වූ මෙම නියෝග, 2014.01.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 
2014 ජනවාරි මස 23 වැනි බ්‍රහස්පතින්දා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.00 ආර්ථිකය පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය)
 
2014 ජනවාරි මස 24 වැනි සිකුරාදා

ප.ව. 01.30 සිට ප.ව. 02.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.30 සිට ප.ව. 06.30 ශෝක ප්‍රකාශ යෝජනාව
- අභාවප්‍රාප්ත ගරු ඩී.ටී. පැස්කුවල් මහතා, පා.ම.
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)

2013 දෙසැම්බර් මස 12 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2014 ජනවාරි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ පහත දැක්වෙන දිනවලදී පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වීමට තීරණය කරන ලදී:-

2014 ජනවාරි මස 07 වැනි අඟහරුවාදා

2014 ජනවාරි මස 08 වැනි බදාදා

2014 ජනවාරි මස 09 වැනි බ්‍රහස්පතින්දා

2014 ජනවාරි මස 10 වැනි සිකුරාදා

2013 ඔක්තෝබර් මස 10 වැනි දින සහ 22 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2013 නොවැම්බර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2013 නොවැම්බර් මස 5 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 02.00 ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත – දෙවැනි වර කියවීම
(මෙම පනත් කෙටුම්පත 2013.10.22 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී)
ප.ව. 02.00 සිට ප.ව. 06.30 කෘෂිකර්මාන්තය හා සම්බන්ධ කරුණු පිළිබඳ කල් තැබීමේ විවාදය (ප්‍ර.ජා.ස.)
 
2013 නොවැම්බර් මස 6 වැනි බදාදා

පාර්ලිමේන්තු රැස්වීම නැත
 
2013 නොවැම්බර් මස 7 වැනි බ්‍රහස්පතින්දා

පාර්ලිමේන්තු රැස්වීම නැත
 
2013 නොවැම්බර් මස 8 වැනි සිකුරාදා

පාර්ලිමේන්තු රැස්වීම නැත

2013 ඔක්තෝබර් මස 22 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් මෙම සතිය තුළ සභාවේ කටයුතු පහත සඳහන් පරිදි සංශෝධනය කිරීමට එකඟ විය:-

2013 ඔක්තෝබර් මස 23 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 07.00 (i) ‍දේශීය ආදායම් පනත යටතේ යෝජනා හතරක්
(මෙම යෝජනා 2013.10.22 දින අංක 305 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 10 සිට 13 දක්වා සඳහන් වේ)
(ii) වෙළඳ නැව් පනත යටතේ නියෝග
(මෙම නියෝග 2013.10.22 දින අංක 305 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 14 වශයෙන් සඳහන් වේ)
ප.ව. 07.00 සිට ප.ව. 08.00 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2013 ඔක්තෝබර් මස 24 වැනි බ්‍රහස්පතින්දා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 04.30 ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(මෙම පනත් කෙටුම්පත 2013.10.22 දින අංක 305 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 19 වශයෙන් සඳහන් වේ)
ප.ව. 04.30 සිට ප.ව. 07.30 කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පදිංචිකරුවන් ඔවුන්ගේ නිවාස වලින් පිටමංකිරීම පිළිබඳ කල් තැබීමේ විවාදය (එ.ජා.ප)
 
2013 ඔක්තෝබර් මස 25 වැනි සිකුරාදා

ප.ව. 01.30 සිට ප.ව. 02.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.30 සිට ප.ව. 06.30 බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(මෙම පනත් කෙටුම්පත 2013.10.22 දින අංක 305 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 17 වශයෙන් සඳහන් වේ)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)

2013 ඔක්තෝබර් මස 10 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2013 ඔක්තෝබර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2013 ඔක්තෝබර් මස 22 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 (i) සුරාබදු ආඥාපනත යටතේ නියමයන් දෙකක්
(2013.07.29 දිනැති අංක 1821/3 සහ 1821/4 දරන අති විශේෂ ගැසට් පත්‍ර)
(ii) රේගු ආඥාපනත යටතේ යෝජනාව
(2013.07.29 දිනැති අංක 1821/18 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(iii) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් තුනක්
(පිළිවෙළින් 2013.07.11, 2013.07.31 සහ 2013.08.22 දිනැති අංක 1818/36, 1821/32 සහ 1824/22 දරන අති විශේෂ ගැසට් පත්‍ර)
(iv) මුදල් පනත යටතේ නියෝගය
(2013.07.11 දිනැති අංක 1818/30 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(v) මුදල් පනත යටතේ නියෝගය
(2013.08.23 දිනැති අංක 1824/23 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(vi) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය
(2013.07.29 දිනැති අංක 1821/1 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

(ඉහත (i) සිට (vi) දක්වා විෂයන් 2013.10.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඊට අදාළ යෝජනා 2013.10.11 දින නිකුත් වීමට නියමිත අංක 9(5) දරන පරිපූරකයේ පළ කෙරෙනු ඇත)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 
2013 ඔක්තෝබර් මස 23 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 (i) දේශීය ආදායම් පනත යටතේ යෝජනා හතරක්
(ශ්‍රී ලංකා ආණ්ඩුව සහ ලක්සම්බර්ග් මහා ආදිපාදී වසමේ ආණ්ඩුව, පලස්තීන රජය, සිෂෙල්ස් ජනරජ ආණ්ඩුව, සහ බෙලාරුස් ජනරජ ආණ්ඩුව අතර පිළිවෙළින් ඇතිකරගත් සම්මුතියක් සහ ගිවිසුම් තුනක්)

(ii) වෙළඳ නැව් පනත යටතේ නියෝග
(2013.07.12 දිනැති අංක 1818/37 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

(ඉහත (i) සහ (ii) විෂයන් 2013.10.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඊට අදාළ යෝජනා 2013.10.11 දින නිකුත් වීමට නියමිත අංක 9(5) දරන පරිපූරකයේ පළ කෙරෙනු ඇත)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2013 ඔක්තෝබර් මස 24 වැනි බ්‍රහස්පතින්දා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමයන් දෙකක්
(2013.09.23 දිනැති අංක 1829/23 සහ 1829/24 දරන අති විශේෂ ගැසට් පත්‍ර)

(ඉහත නියමයන් දෙක 2013.10.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඊට අදාළ යෝජනා 2013.10.11 දින නිකුත් වීමට නියමිත අංක 9(5) දරන පරිපූරකයේ පළ කෙරෙනු ඇත)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 
2013 ඔක්තෝබර් මස 25 වැනි සිකුරාදා

ප.ව. 01.30 සිට ප.ව. 02.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.30 සිට ප.ව. 06.30 2013.10.24 දින ආරම්භ කළ නියමයන් දෙක පිළිබඳ විවාදය තවදුරටත් පැවැත්වීම
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)

2013 ඔක්තෝබර් මස 3 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2013 ඔක්තෝබර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2013 ඔක්තෝබර් මස 8 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 විද්‍යාව හා තාක්ෂණය වැඩිදියුණු කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - ‍දෙවැනි වර කියවීම
(2013.09.04 දින අංක 300 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 1 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 
2013 ඔක්තෝබර් මස 9 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටෙත් නිවේදනය
(2013.09.03 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 2013.09.09 දින නිකුත් කළ අංක 9(4) දරන පරිපූරකයේ පළ වූ 2013.08.01 දිනැති අංක 1821/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2013 ඔක්තෝබර් මස 10 වැනි බ්‍රහස්පතින්දා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාව පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය)
 
2013 ඔක්තෝබර් මස 11 වැනි සිකුරාදා

ප.ව. 01.30 සිට ප.ව. 02.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.30 සිට ප.ව. 06.30 2013.10.10 දින ආරම්භ කළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාව පිළිබඳ කල් තැබීමේ විවාදය

2013 අගෝස්තු මස 22 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2013 සැප්තැම්බර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ පහත දැක්වෙන දිනවලදී පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වීමට තීරණය කරන ලදී:-

2013 සැප්තැම්බර් මස 17 වැනි අඟහරුවාදා
2013 සැප්තැම්බර් මස 18 වැනි බදාදා
2013 සැප්තැම්බර් මස 19 වැනි බ්‍රහස්පතින්දා
2013 සැප්තැම්බර් මස 20 වැනි සිකුරාදා

© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks