logo

E   |     |  

පෙන්වන්න


2024 ජනවාරි මස 12 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2024 ජනවාරි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2024 ජනවාරි මස 23 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට ප.ව. 5.00

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම – තවදුරටත් පැවැත්වීමට නියමිතයි

(2024.01.12 දින අංක 104 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 60 බලන්න)

ප.ව. 5.00 ආණ්ඩුවේ කටයුතු අවසන් වූ වහාම:

ලංකාවේ නීති අධ්‍යාපනය පිළිබඳව සමාලෝචනය කර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව – ඉදිරිපත් කිරීමට

(2024.01.10 දින නිකුත් කළ අංක 2(17) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ පළ කළ අංක පා. 82/2024 දරන දින නියමයක් නොමැති යෝජනාව බලන්න.)

පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රීන්ගේ සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත් සලකා බැලීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි —
(i) හදට හද භාරකාර අරමුදල
(ii) ශ්‍රී ලංකා බැප්ටිස්ට් සංගමය
(iii) ශ්‍රී බාලාභිවෘධි වර්ධන සමිතිය
(iv) සමාධි ප්‍රජා සංවර්ධන පදනම
(v) දස්සනා බෞද්ධ සංවිධානය 

(2024.01.12 දින අංක 104 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 72, 73, 74, 75 සහ 76 බලන්න)

පහත සඳහන් සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත් දෙවැනිවර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි —
(i) දැදිගම ශ්‍රී මෛත්‍රී ප්‍රඥාර්ථ බෞද්ධ අධ්‍යාපන දහම් සභාව
(ii) සවීර පදනම
(iii) පවිත්‍රා වන්නිආරච්චි සහෘද පදනම 

(2024.01.12 දින අංක 104 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 90, 92 සහ 93 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකයි)
 

2024 ජනවාරි මස 24 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම පිළිබඳ විවාදය තවදුරටත් පැවැත්වීම
ප.ව. 5.00 (i) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත යටතේ නියෝග
(2024.01.12 දින අංක 104 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 64 බලන්න)

(ii) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය
(iii) විදේශ විනිමය පනත යටතේ නියමය

(පිළිවෙළින් 2023.11.01 සහ 2023.12.13 දිනැති අංක 2356/20 හා 2363/26 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද ඉහත අයිතමයන් 2024.01.09 සහ 2024.01.11 යන දිනවල පාර්ලිමේන්තුවට පිළිගන්වන ලදී. ඒ පිළිබඳ යෝජනා 2024.01.12 දිනැති අංක 2(18) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ ඇතුළත් වනු ඇත)

ඉහත අංක (i), (ii) සහ (iii) අයිතමයන් විවාදයකින් තොරව අනුමත කිරීමට නියමිතයි

ආණ්ඩුවේ කටයුතු අවසන් වූ වහාම:
වේත්‍රධාරීවරයාගේ සේවය පිළිබඳ සඳහනක් සිදුකිරීමට නියමිතය
 

2024 ජනවාරි මස 25 වැනි බ්‍රහස්පතින්දා

  පාර්ලිමේන්තු රැස්වීම් නැත
(පෝය දිනය)
 
2024 ජනවාරි මස 26 වැනි සිකුරාදා
  පාර්ලිමේන්තු රැස්වීම් නැත

2023 දෙසැම්බර් මස 12 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2024 ජනවාරි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2024 ජනවාරි මස 09 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) ‍ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii) ජාතික ජලශාස්ත්‍රීය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(iii) කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග

(2023.12.12 දින අංක 99 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 12, 13 සහ 21 බලන්න)

(iv) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත යටතේ නියෝග
(2023.06.01 දින අංක 2334/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද අතර 2023.12.09 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලදී. ඒ පිළිබඳ යෝජනාව 2023.12.13 දින නිකුත් වීමට නියමිත අංක 2(16) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත.)

ආණ්ඩුවේ කටයුතු අවසන් වූ වහාම:
පහත සඳහන් සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත් දෙවැනිවර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි —

(i) ශ්‍රී ලංකා වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
(ii) ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත 

(2023.12.12 දින අංක 99 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 39 සහ 43 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
   

2024 ජනවාරි මස 10 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න (ප්‍රශ්න 04 යි)
පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 05 යි)
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පත — විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2023 නොවැම්බර් 08)
(ii) සමථකරණය තුළින් ඇතිවන්නා වූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීම පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(iii) සමථ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම

(2023.12.12 දින අංක 99 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 9, 14 සහ 15 බලන්න)

(iv) ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2023.12.02 දින අංක 2(15) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ 2023.12.13 දිනට නියමිත අයිතම අංක 1 බලන්න)

(v) නොතාරිස් (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(vi) වංචා වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම

(2023.12.07 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලදී)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකයි)
 

2024 ජනවාරි මස 11 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 විරුද්ධ පාර්ශ්වය විසින් ඉදිරිපත් කිරීමට නියමිත කල් තැබීමේ විවාදය
 
2024 ජනවාරි මස 12 වැනි සිකුරාදා
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00

ඉදිරිපත් කිරීමට නියමිත පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා —

(i) විදේශගත ශ්‍රමිකයන්ට සුබසාධනය සැලසීම
(ගරු චමින්ද විජේසිරි මහතා)
(ii) ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හා කල්බදු ණය පහසුකම් ආයතන දැඩි නියාමනයකට ලක්කිරීම (ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය)
(iii) දේශීය සහල් වර්ගයන්හි පෝෂ්‍ය ගුණය පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම (ගරු බුද්ධික පතිරණ මහතා)
(iv) වැවිලි තේ කර්මාන්ත ක්‍රමය වෙනුවට කුඩා තේ වතු ක්‍රමයක් ස්ථාපිත කිරීම (ගරු වේලු කුමාර් මහතා)
(v) පාසල් සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රමවේදය ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීම (ගරු නීතිඥ සාගර කාරියවසම් මහතා) 

(2023.10.11 දින නිකුත් කරන ලද අංක 2(13) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකය බලන්න)

ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකයි)

2023 ඔක්තෝබර් මස 19 සහ නොවැම්බර් 08 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2023 නොවැම්බර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2023 නොවැම්බර් මස 07 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 දස්සනා බෞද්ධ සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 ධීවර සහ ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2023.10.19 දින අංක 67 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 51 සහ 17 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකයි)
   

2023 නොවැම්බර් මස 08 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 08යි)
පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(ii) සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම

(2023.10.19 දින අංක 67 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 18 සහ 20 බලන්න)

(iii) දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2023.11.07 දින අංක 69 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 21 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2023 නොවැම්බර් මස 09 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 විවාදයකින් තොරව සම්මත කිරීමට -

(i) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමය

(ii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(iii) කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග
(iv) අංක 01 දරන පරිපූරක ඇස්තමේන්තුව  — අනුමත කිරීමට
(මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය)

(2023.11.08 දින අංක 70 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 4, 5, 6 සහ 7 බලන්න)
පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත්කිරීම සඳහා යෝජනා සම්මතය - අනුමත කිරීමට
ප.ව. 5.30 යෝජනා සම්මතය සඳහා ඡන්ද විමසීම
 
2023 නොවැම්බර් මස 10 වැනි සිකුරාදා
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 (i) පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත — සලකා බැලීම
(ii) පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(iii) පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 ගලහ භද්‍රවතී ජාතික භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථාන භාරය පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2023.10.19 දින අංක 67 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 31, 56, 57 සහ 21 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)

2023 ඔක්තෝබර් මස 6 සහ 19 යන දිනවලදී රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2023 ඔක්තෝබර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2023 ඔක්තෝබර් මස 17 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 (i) පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිළිබඳව බ්‍රිතාන්‍යයේ “චැනල් 4” නාලිකාව විසින් විකාශය කරන ලද වැඩසටහන මඟින් එල්ල කරන චෝදනා විමර්ශනය කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
(මෙම යෝජනාව 2023.09.22 දිනැති අංක 2(8) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ ඇතුළත් කරන ලදී)

(ii) බලපිටිය ශ්‍රී රාහුලාරාම පුරාණ විහාරස්ථ සාමණේර ආකල්ප සංවර්ධන භික්ෂු විද්‍යාලය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — සලකා බැලීම
(iii) ශ්‍රී ලංකා බැප්ටිස්ට් සංගමය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම

(2023.10.06 දින අංක 64 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 74 සහ 103 බලන්න)
පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ ශත සංවත්සරය වෙනුවෙන් පවත්වන කල් තැබීමේ විවාදය
 

2023 ඔක්තෝබර් මස 18 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ බහුමානය ප්‍රදානය කිරීමේ පනත් කෙටුම්පත— දෙවැනිවර කියවීම
(ii) අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග දෙකක්

(2023.10.06 දින අංක 64 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 59, 68 සහ 69 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 

2023 ඔක්තෝබර් මස 19 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00

(i) රේගු ආඥා පනත යටතේ නියෝග
(ii) රේගු ආඥාපනත යටතේ යෝජනා සම්මතය
(2023.10.06 දින අංක 64 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 56 සහ 55 බලන්න)

(iii) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් තුනක්
(iv) මුදල් පනත යටතේ නිවේදන දෙකක්
(v) මුදල් පනත යටතේ නියෝග දෙකක්
(vi) සුරාබදු ආඥාපනත යටතේ නිවේදන දෙකක්

(පිළිවෙළින් 2023.05.31, 2023.06.16, 2023.06.30, 2023.05.31, 2023.07.13, 2023.04.25, 2023.07.25, 2023.06.16 සහ 2023.06.30 දිනැති අංක 2334/23, 2336/69, 2338/58, 2334/24, 2340/42, 2329/19, 2342/24, 2336/70 සහ 2338/57 දරන අතිවිශේෂ ගැසට් පත්‍ර 2023.10.03 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද අතර, ඒ පිළිබඳ යෝජනා 2023.10.06 දින නිකුත් කිරීමට නියමිත අංක 2(10) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ ඇතුළත් වනු ඇත)

ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකයි)
 
2023 ඔක්තෝබර් මස 20 වැනි සිකුරාදා
පෙ.ව. 09.30 (i) සමාගම් පනත යටතේ නියෝග
(ii) මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා පනත යටතේ නිවේදනය

(2023.10.19 දින අංක 67 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 12 සහ 13 බලන්න)

(iii) අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය
(2023.09.17 දිනැති අංක 2349/44 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය කල් ඉකුත් වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් නව ගැසට් පත්‍රයක් නිකුත් කරන්නේ නම්, එය 2023.10.19 දින පාර්ලිමේන්තුවට පිළිගැන්වීමට නියමිත අතර, ඒ පිළිබඳ යෝජනා සම්මතය, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව, 2023.10.20 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කෙරෙනු ඇත)

අයිතම අංක (i), (ii) සහ (iii) - අනුමත කිරීමට (විවාදයකින් තොරව)
පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 ජාත්‍යන්තර මානුෂික නීතින් උල්ලංඝණය කරමින් ඇවිලෙන ඊශ්‍රායල්- පලස්තීන යුද ගැටුමට සාමකාමී විසදුමක් සදහා ක්ෂණික මැදිහත්වීමක් සිදු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිමින් පැවැත්වෙන කල් තැබීමේ විවාදය

(විරුද්ධ පාර්ශ්වයෙන් ඉදිරිපත් කිරීමට සහ ආණ්ඩු පාර්ශ්වයෙන් ස්ථිර කිරීමට නියමිතය)

2023 සැප්තැම්බර් මස 22 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2023 ඔක්තෝබර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2023 ඔක්තෝබර් මස 03 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(ii) මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(iii) සමථ මණ්ඩල (විශේෂ වර්ගවල ආරවුල්) පනත යටතේ නියෝග
(iv) අධිකරණ සංවිධාන පනත යටතේ නියමය

(2023.09.22 දින අංක 60 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 4, 5, 18 සහ 19 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
   

2023 ඔක්තෝබර් මස 04 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතයන් තුනක්
(පිළිවෙළින් 2023.06.16, 2023.06.30 සහ 2023.07.21 දිනැති අංක 2336/72, 2338/54 සහ 2341/64 දරන අතිවිශේෂ ගැසට් පත්‍ර 2023.09.19 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද අතර, ඒ පිළිබඳ යෝජනා 2023.09.22 දින අංක 2(8) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ ඇතුළත් කෙරෙනු ඇත)

(ii) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන්
(පිළිවෙළින් 2023.05.17, 2023.05.20, 2023.06.22 සහ 2023.07.13 දිනැති අංක 2332/14, 2332/53, 2337/16 සහ 2340/45 දරන අතිවිශේෂ ගැසට් පත්‍ර 2023.09.19 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද අතර, ඒ පිළිබඳ යෝජනා 2023.09.22 දින අංක 2(8) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ ඇතුළත් කෙරෙනු ඇත)

(iii) ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු භාර පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2023.09.22 දින අංක 60 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 3 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකයි)
 

2023 ඔක්තෝබර් මස 05 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත— දෙවැනිවර කියවීම
(ii) සිවිල් ගුවන් සේවා (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(iii) සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග
(iv) නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙන යන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබාදීමේ පනත යටතේ නියෝග

(2023.09.22 දින අංක 60 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 10, 11, 15 සහ 23 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2023 ඔක්තෝබර් මස 06 වැනි සිකුරාදා
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 “ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයින් රට හැර යාමේ ප්‍රවණතාවය” පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය)

2023 සැප්තැම්බර් මස 08 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2023 සැප්තැම්බර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2023 සැප්තැම්බර් මස 19 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝග
(2023.09.08 දින අංක 56 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 60 බලන්න)

(ii) කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග
(2023.06.02 දිනැති අංක 2334/47 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය 2023.09.05 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද අතර, ඒ පිළිබඳ යෝජනාව 2023.09.08 දින නිකුත් කිරීමට නියමිත අංක 2(6) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ ඇතුළත් වනු ඇත)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි)
 

2023 සැප්තැම්බර් මස 20 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 වන සංරක්ෂණ ආඥාපනත යටතේ නියෝග (451 අධිකාරය වූ)
(2023.08.21 දිනැති අංක 2346/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය 2023.09.05 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද අතර, ඒ පිළිබඳ යෝජනාව 2023.09.08 දින නිකුත් කිරීමට නියමිත අංක 2(6) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ ඇතුළත් වනු ඇත)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2023 සැප්තැම්බර් මස 21 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය - අනුමත කිරීමට* (විවාදයකින් තොරව)
*( 2023.08.17 දිනැති අංක 2345/57 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය කල් ඉකුත් වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් නව ගැසට් පත්‍රයක් නිකුත් කරන්නේ නම්, එය 2023.09.20 දින පාර්ලිමේන්තුවට පිළිගැන්වීමට නියමිත අතර, ඒ පිළිබඳ යෝජනා සම්මතය, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව, 2023.09.21 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කෙරෙනු ඇත.)
පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 “පාස්කු ඉරිදා ප්‍රහාරය සහ වත්මන් ජාතික ආරක්ෂක තත්වය” පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) – තවදුරටත් පැවැත්වීමට නියමිතයි
 
2023 සැප්තැම්බර් මස 22 වැනි සිකුරාදා
පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 “පාස්කු ඉරිදා ප්‍රහාරය සහ වත්මන් ජාතික ආරක්ෂක තත්වය” පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) - තවදුරටත් පැවැත්වීම

2023 සැප්තැම්බර් මස 01 සහ 05 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2023 සැප්තැම්බර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2023 සැප්තැම්බර් මස 05 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2023.08.25 දින අංක 52 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 10 බලන්න)
ප.ව. 5.00

ආණ්ඩුවේ කටයුතු අවසන් වූ වහාම:
ශ්‍රී බාලාභිවෘධි වර්ධන සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම

(2023.08.25 දින අංක 52 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 31 බලන්න)

සමාධි ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2023.08.25 දින අංක 52 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 32 බලන්න)

වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (ඉල්ලා අස්කර ගැනීමට නියමිතයි)
(2023.08.25 දින අංක 52 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 23 බලන්න)

ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
   

2023 සැප්තැම්බර් මස 06 වැනි බදාදා

පෙ.ව. 09.30 (i) විදේශ විනිමය පනත යටතේ නියමය
(ii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(මෙම අයිතමයන් දෙක විවාදයකින් තොරව අනුමත කිරීමට නියමිතය)

(2023.09.05 දින අංක 53 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 5 සහ 6 බලන්න)

(iii) ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත — සලකා බැලීම
(2023.09.05 දින අංක 53 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 7 බලන්න)
පෙ.ව. 09.30 සිට ප.ව. 4.30 සෞඛ්‍ය අමාත්‍ය ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාස භංගත්වය පළ කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය - තවදුරටත් පැවැත්වීමට නියමිතයි
(2023.07.25 දින නිකුත් කළ අංක 2(1) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ පළ කළ අංක පා. 29/2023 දරන දින නියමයක් නොමැති යෝජනාව බලන්න.)
ප.ව. 4.30 සිට ප.ව. 7.30 (i) දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම – තවදුරටත් පැවැත්වීම
(ii) සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම – තවදුරටත් පැවැත්වීම
(2023.09.05 දින අංක 53 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 9 සහ 10 බලන්න)
 

2023 සැප්තැම්බර් මස 07 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප.ව. 4.30 සෞඛ්‍ය අමාත්‍ය ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාස භංගත්වය පළ කිරීමේ යෝජනාව පිළිබඳ කල් තැබූ විවාදය - තවදුරටත් පැවැත්වීම
ප.ව. 4.30 සිට ප.ව. 7.30 සංශෝධන පනත් කෙටුම්පත් ද්විත්වයේ දෙවැනිවර කියවීම පිළිබඳ කල් තැබූ විවාදය තවදුරටත් පැවැත්වීම
(i) දේශීය ආදායම්
(ii) සමාජ ආරක්ෂණ දායකත්ව බදු
ප.ව. 7.00 පනත් කෙටුම්පත්වල දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම
ප.ව. 7.00 සිට ප.ව. 7.30 ඉහත පනත් කෙටුම්පත්වල කාරක සභා අවස්ථාව සහ තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම
 
2023 සැප්තැම්බර් මස 08 වැනි සිකුරාදා
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 සෞඛ්‍ය අමාත්‍ය ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාස භංගත්වය පළ කිරීමේ යෝජනාව පිළිබඳ කල් තැබූ විවාදය - තවදුරටත් පැවැත්වීම
ප.ව. 5.30 ඡන්ද විමසීම

2023 අගෝස්තු මස 11 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2023 අගෝස්තු මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2023 අගෝස්තු මස 22 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) පුරාවස්තු ආඥාපනත යටතේ නි‍යෝග (188 වන අධිකාරය වූ)
(2023.08.11 දින අංක 48 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 32 බලන්න)

(ii) සංචාරක කටයුතු පනත යටතේ නියමය
(2023.08.11 දින අංක 48 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 30 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2023 අගෝස්තු මස 23 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(2023.08.11 දින අංක 48 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 27 බලන්න)

(ii) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමය
(2023.08.08 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද 2023.06.16 දිනැති අංක 2336/71 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය බලන්න. ඒ පිළිබඳ යෝජනාව 2023.08.11 දින නිකුත් වීමට නියමිත පාර්ලිමේන්තුවේ අංක 2(2) දරන පරිපූරකයේ ඇතුළත් වනු ඇත)

(iii) කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග
(2023.08.10 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද 2023.08.04 දිනැති අංක 2343/60 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය බලන්න. ඒ පිළිබඳ යෝජනාව 2023.08.11 දින නිකුත් වීමට නියමිත පාර්ලිමේන්තුවේ අංක 2(2) දරන පරිපූරකයේ ඇතුළත් වනු ඇත)

(iv) ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය
(2023.08.11 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද 2023.07.04 දිනැති අංක 2339/08 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය බලන්න. ඒ පිළිබඳ යෝජනාව 2023.08.11 දින නිකුත් වීමට නියමිත පාර්ලිමේන්තුවේ අංක 2(2) දරන පරිපූරකයේ ඇතුළත් වනු ඇත)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකයි)
 

2023 අගෝස්තු මස 24 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය - අනුමත කිරීමට* (විවාදයකින් තොරව)
*(2023.07.17 දිනැති අංක 2341/03 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය කල් ඉකුත් වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් නව ගැසට් පත්‍රයක් නිකුත් කරන්නේ නම්, එය 2023.08.23 දින පාර්ලිමේන්තුවට පිළිගැන්වීමට නියමිත අතර, ඒ පිළිබඳ යෝජනා සම්මතය, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව, 2023.08.24 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කෙරෙනු ඇත.)
පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 “ශ්‍රී ලංකා ක්‍රිකට්” පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය)
 
2023 අගෝස්තු මස 25 වැනි සිකුරාදා
පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 ශෝක ප්‍රකාශ යෝජනා -

(i) අභාවප්‍රාප්ත ගරු එස්. ඒ. ආර්. මද්දුමබණ්ඩාර මහතා, හිටපු පා.ම.
(ii) අභාවප්‍රාප්ත ගරු බී. සිරිසේන කුරේ මහතා, හිටපු පා.ම.
(iii) අභාවප්‍රාප්ත ගරු (පූජ්‍ය) උඩවත්තේ නන්ද හිමි, හිටපු පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks