පෙන්වන්න
2024 මැයි මස 9 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් සභාවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2024 මැයි මස 13 වැනි සඳුදා |
|
| පෙ.ව. 09.30 සිට ප.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 | (i) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි දෙකක් (ii) සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය (iii) ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි (iv) මුදල් පනත යටතේ නියෝග දෙකක් (v) විදේශ විනිමය පනත යටතේ නියෝග හතරක් (vi) විසර්ජන පනත යටතේ යෝජනා සම්මතයන් හයක් (vii) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමය (viii) රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතය (2024.05.09 දින අංක 21 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 12, 32, 13, 17, 19, 20, 21, 28, 29, 30, 22, 23, 24, 25, 26, 27, 38 සහ 39 බලන්න) (ix) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි (මෙම නියෝග 2024.05.07 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනාව 2024.05.10 දින නිකුත් වීමට නියමිත අංක 1(8) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත) |
| ප.ව. 5.00 | (x) 2022 වර්ෂය සඳහා ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව – අනුමත කිරීමට (විවාදයකින් තොරව) පහත සඳහන් සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත් සලකා බැලීම : (xi) පවිත්‍රා වන්නිආරච්චි සහෘද පදනම (xii) අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය (xiii) සවීර පදනම (xiv) කැලණිය බෞද්ධ කාන්තා පුණ්‍යායතන සමිතිය (2024.05.09 දින අංක 21 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 53, 54, 55, 56 සහ 57 බලන්න) |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2024 මැයි මස 14 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 09.30 සිට ප.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 | පලස්තීන අර්බුදය පිළිබඳ කල්තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) |
2024 අප්‍රේල් මස 26 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2024 මැයි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2024 මැයි මස 07 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 | (i) බෙදුම් නඩු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (ii) බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන)(සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (iii) සත්‍ය ශ්‍රී ගණපති භක්ති ජන සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (ඉදිරිපත් කිරීමට) (2024.04.26 දින අංක 18 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 6, 8 සහ 46 බලන්න) |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2024 මැයි මස 08 වැනි බදාදා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 | අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න (ප්‍රශ්න 04 යි) |
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 05 යි) |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 | (i) රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද පනත යටතේ නියෝග (ii) ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝග (2024.04.26 දින අංක 18 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 30 සහ 31 බලන්න) |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකයි) |
|
2024 මැයි මස 09 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 | සාප්පු හා කාර්යාලීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2024.04.26 දින අංක 18 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 3 බලන්න) |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
| 2024 මැයි මස 10 වැනි සිකුරාදා | |
| පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 | ශෝක ප්‍රකාශ යෝජනා — (i) අභාවප්‍රාප්ත ගරු යූ. එල්. එම්. ෆාරුක්, හිටපු පා.ම. (ii) අභාවප්‍රාප්ත ගරු එම්. එන්. අබ්දුල් මජීඩ්, හිටපු පා.ම. (iii) අභාවප්‍රාප්ත ගරු අසෝක ජයවර්ධන, හිටපු පා.ම. (iv) අභාවප්‍රාප්ත ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා, හිටපු පා.ම. |
2024 අප්‍රේල් මස 5 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2024 අප්‍රේල් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2024 අප්‍රේල් මස 24 වැනි බදාදා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | (i) අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (ii) විෂවර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග ආඥාපනත යටතේ නියෝග (2024.04.02 දින අංක 15 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 11 සහ 19 බලන්න) |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 | පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කල්තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) |
|
2024 අප්‍රේල් මස 25 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | (i) මෝටර් වාහන පනත යටතේ නියෝග දෙකක් (2024.04.02 දින අංක 15 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 20 සහ 21 බලන්න) (ii) සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය (iii) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය (iv) ආගාමික හා විගාමික පනත යටතේ නියෝග (2024.04.02 දින නිකුත් කළ අංක 1(5) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ අයිතම අංක 3, 4 සහ 13 බලන්න) |
| පෙ.ව. 10.30 | අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය - අනුමත කිරීමට (විවාදයකින් තොරව) (2024.04.03 දිනැති අංක 2378/21 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය කල් ඉකුත් වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් නව ගැසට් පත්‍රයක් නිකුත් කරන්නේ නම්, එය 2024.04.24 දින පාර්ලිමේන්තුවට පිළිගැන්වීමට නියමිත අතර, ඒ පිළිබඳ යෝජනා සම්මතය, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව, 2024.04.25 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කෙරෙනු ඇත) |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 | පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කල්තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම (විරුද්ධ පාර්ශ්වය) |
|
2024 අප්‍රේල් මස 26 වැනි සිකුරාදා |
|
| පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 | පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කල්තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම (විරුද්ධ පාර්ශ්වය) |
2024 මාර්තු මස 22 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් සභාවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2024 අප්‍රේල් මස 01 වැනි සඳුදා |
|
| පෙ.ව. 09.30 සිට ප.ව. 4.30 | ආයුර්වේද පනත යටතේ නියෝග (මෙම නියෝග 2024.03.19 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනාව 2024.03.22 දින නිකුත් වීමට නියමිත අංක 1(4) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත) |
| ප.ව. 4.30 | පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම:- අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත (2024.03.22 දින නිකුත් වීමට නියමිත අංක 1(4) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ මෙය පළ වනු ඇත) |
| ප.ව. 4.30 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2024 අප්‍රේල් මස 02 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 09.30 සිට ප.ව. 4.00 | (i) බැංකු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (ii) කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග (iii) එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය (iv) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි (2024.03.22 දින අංක 13 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 9, 2, 1 සහ 16 බලන්න) |
| ප.ව. 4.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
2024 මාර්තු මස 14 සහ 19 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2024 මාර්තු මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2024 මාර්තු මස 19 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 | කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනාව – තවදුරටත් පැවැත්වීමට නියමිතයි (2024.03.07 දින නිකුත් කළ අංක 1(3) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ පළ කළ අංක පා. 27/2024 දරන දින නියමයක් නොමැති යෝජනාව බලන්න) |
|
2024 මාර්තු මස 20 වැනි බදාදා |
|
| පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 | කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනාව – තවදුරටත් පැවැත්වීමට නියමිතයි (2024.03.19 දින අංක 10 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 බලන්න) |
|
2024 මාර්තු මස 21 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 09.30 සිට ප.ව. 5.00 | කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනාව තවදුරටත් පැවැත්වීම |
| ප.ව. 4.30 |
ඡන්ද විමසීම ගරු කථානායකතුමාට එරෙහි විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අවසන් වූ වහාම: |
| 2024 මාර්තු මස 22 වැනි සිකුරාදා | |
| පෙ.ව. 09.30 සිට ප.ව. 12.30 | ශෝක ප්‍රකාශ යෝජනා — (i) අභාවප්‍රාප්ත ගරු ආර්. එම්. කරුණාරත්න මහතා, හිටපු පා.ම. (ii) අභාවප්‍රාප්ත ගරු බන්දුල බස්නායක මහතා, හිටපු පා.ම. (iii) අභාවප්‍රාප්ත ගරු (ආචාර්ය) පී.එම්.බී. සිරිල් මහතා, හිටපු පා.ම. |
| ප.ව. 12.30 සිට ප.ව. 6.00 | තම වී අස්වැන්න විකිණීමේදී ගොවීන්ට මුහුණ පෑමට සිදුවන දුෂ්කරතා සහ අනෙකුත් අදාළ කරුණු පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) |
2024 මාර්තු මස 1 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2024 මාර්තු මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2024 මාර්තු මස 05 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 4.30 | පහත සඳහන් පනත් කෙටුම්පත්වල කල් තැබූ දෙවැනිවර කියවීමේ විවාදය තවදුරටත් පැවැත්වීම: (i) සුරක්ෂිතලත් ගනුදෙනු (ii) භාර ලදුපත් (සංශෝධන) (iii) උකස් (සංශෝධන) (iv) කල්බදු මූල්‍යකරණ (සංශෝධන) (v) දේශීය භාර ලදුපත් (සංශෝධන) (vi) සමාගම් (සංශෝධන) (vii) ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) (2024.02.22 දින අංක 6 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 1, 2, 3, 4, 5, 6 සහ 7 බලන්න) (viii) ධීවර අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා තුනක් (3) - අනුමත කිරීමට (විවාදයකින් තොරව) (2024.02.22 දින අංක 6 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 24, 25 සහ 26 බලන්න) |
| ප.ව. 4.30 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2024 මාර්තු මස 06 වැනි බදාදා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 | අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න (ප්‍රශ්න 04 යි) |
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 05 යි) |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 | පහත සඳහන් පනත් කෙටුම්පත්වල කල් තැබූ දෙවැනිවර කියවීමේ විවාදය තවදුරටත් පැවැත්වීම: (i) සුරක්ෂිතලත් ගනුදෙනු (ii) භාර ලදුපත් (සංශෝධන) (iii) උකස් (සංශෝධන) (iv) කල්බදු මූල්‍යකරණ (සංශෝධන) (v) දේශීය භාර ලදුපත් (සංශෝධන) (vi) සමාගම් (සංශෝධන) (vii) ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) (2024.02.22 දින අංක 6 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 1, 2, 3, 4, 5, 6 සහ 7 බලන්න) (viii) සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (ix) එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2024.02.22 දින අංක 6 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 13 සහ 12 බලන්න) |
| ප.ව. 5.00 | අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය - අනුමත කිරීමට (විවාදයකින් තොරව) (2024.02.03 දිනැති අංක 2369/58 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය කල් ඉකුත් වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් නව ගැසට් පත්‍රයක් නිකුත් කරන්නේ නම්, එය 2024.03.05 දින පාර්ලිමේන්තුවට පිළිගැන්වීමට නියමිත අතර, ඒ පිළිබඳ යෝජනා සම්මතය, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව, 2024.03.06 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කෙරෙනු ඇත) |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
|
2024 මාර්තු මස 07 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 | වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි පිළිබඳ කල්තැබීමේ විවාදය (ආණ්ඩු සහ විරුද්ධ පාර්ශ්වය) |
| 2024 මාර්තු මස 08 වැනි සිකුරාදා | |
| පාර්ලිමේන්තු රැස්වීම් නැත (ප්‍රසිද්ධ නිවාඩු දිනය) |
|
2024 පෙබරවාරි මස 15 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2024 පෙබරවාරි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2024 පෙබරවාරි මස 20 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 09.30 සිට ප.ව. 5.00 | පහත සඳහන් පනත් කෙටුම්පත්වල දෙවැනිවර කියවීම: (i) සුරක්ෂිතලත් ගනුදෙනු (ii) භාර ලදුපත් (සංශෝධන) (iii) උකස් (සංශෝධන) (iv) කල්බදු මූල්‍යකරණ (සංශෝධන) (v) දේශීය භාර ලදුපත් (සංශෝධන) (vi) සමාගම් (සංශෝධන) (vii) ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) (2024.02.09 දින අංක 1 දරන න්‍යාය පුස්තකයේ අයිතම අංක 1, 2, 3, 4, 5, 6 සහ 7 බලන්න) (viii) ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය (ix) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි (2024.02.09 දින අංක 1 දරන න්‍යාය පුස්තකයේ අයිතම අංක 19 සහ 18 බලන්න) |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2024 පෙබරවාරි මස 21 වැනි බදාදා |
|
| පෙ.ව. 09.30 | අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතයන් දෙකක් – අනුමත කිරීමට (විවාදයකින් තොරව) (2024.02.13 දිනැති අංක 2371/11 සහ 2371/16 දරන අතිවිශේෂ ගැසට් පත්‍ර 2024.02.20 දින පාර්ලිමේන්තුවට පිළිගැන්වීමට නියමිත අතර, ඒ පිළිබඳ යෝජනා සම්මතයන්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව, 2024.02.21 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කරනු ඇත.) |
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | (i) අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග (ii) අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග (iii) අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග (2024.02.09 දින අංක 1 දරන න්‍යාය පුස්තකයේ අයිතම අංක 21, 22 සහ 23 බලන්න) |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 | රටේ වත්මන් තත්ත්වය පිළිබඳ කල්තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) |
|
2024 පෙබරවාරි මස 22 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 | හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ගරු සනත් නිශාන්ත මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව |
| 2024 පෙබරවාරි මස 23 වැනි සිකුරාදා | |
| පාර්ලිමේන්තු රැස්වීම් නැත පෝය දිනය (ප්‍රසිද්ධ නිවාඩු දිනය) |
|
2024 පෙබරවාරි මස 01 වැනි දින රැස්වූ දේශපාලන පක්ෂවල නායකයින් විසින් 2024 පෙබරවාරි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2024 පෙබරවාරි මස 07 වැනි බදාදා |
|
| පෙ.ව. 10.30 | ගරු ජනාධිපතිතුමා සභාගර්භයට පැමිණීම සමඟ නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම |
|
2024 පෙබරවාරි මස 08 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(4) සහ 33(අ) ව්‍යවස්ථා ප්‍රකාරව ගරු ජනාධිපතිතුමා විසින් 2024 පෙබරවාරි 07 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල්තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය) – තවදුරටත් පැවැත්වීමට නියමිතයි |
|
2024 පෙබරවාරි මස 09 වැනි සිකුරාදා |
|
| පෙ.ව. 09.30 | අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය - අනුමත කිරීමට (විවාදයකින් තොරව) (2024.01.03 දිනැති අංක 2365/29 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය කල් ඉකුත් වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් නව ගැසට් පත්‍රයක් නිකුත් කරන්නේ නම්, එය 2024.02.08 දින පාර්ලිමේන්තුවට පිළිගැන්වීමට නියමිත අතර, ඒ පිළිබඳ යෝජනා සම්මතය, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව, 2024.02.09 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කෙරෙනු ඇත.) |
| පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(4) සහ 33(අ) ව්‍යවස්ථා ප්‍රකාරව ගරු ජනාධිපතිතුමා විසින් 2024 පෙබරවාරි 07 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල්තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම |