logo

E   |     |  

පෙන්වන්න


2024 අගෝස්තු මස 8 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2024 අගෝස්තු මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2024 අගෝස්තු මස 20 වැනි අඟහරුවාදා

පාර්ලිමේන්තු රැස්වීම නැත
 

2024 අගෝස්තු මස 21 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය
(ii) කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග

(2024.08.08 දින අංක 44 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 20 සහ 21 බලන්න)

ආණ්ඩුවේ කටයුතු අවසන් වූ වහාම:

පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම:—
(iii) වර්ල්ඩ් ලයි‍ෆ් ලයින් යෝගා ආයතනය (සංස්ථාගත කිරීමේ)

(2024.08.08 දින අංක 44 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 46 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකයි)
 

2024 අගෝස්තු මස 22 වැනි බ්‍රහස්පතින්දා

පාර්ලිමේන්තු රැස්වීම නැත
 

2024 අගෝස්තු මස 23 වැනි සිකුරාදා

පාර්ලිමේන්තු රැස්වීම නැත
 

2024 අගෝස්තු මස 2 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2024 අගෝස්තු මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2024 අගෝස්තු මස 06 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම:—
පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත

(මෙය 2024.08.06 දින අංක 42 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් ඇතුළත් වනු ඇත)
පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 නිල්වලා ග‍‍ඟ ආශ්‍රිතව ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ කල්තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය)
   

2024 අගෝස්තු මස 07 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.00 සිට ප.ව. 5.30 2024 වසර-මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පිළිබඳ කල් තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය)
 

2024 අගෝස්තු මස 08 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත් දෙකක් — දෙවැනිවර කියවීම
(2024.07.26 දින අංක 41 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 7 සහ 8 බලන්න)
ප.ව. 5.00 අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය - අනුමත කිරීමට (විවාදයකින් තොරව)

(2024.07.04 දිනැති අංක 2391/27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය කල් ඉකුත් වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් නව ගැසට් පත්‍රයක් නිකුත් කරන්නේ නම්, එය 2024.08.07 දින පාර්ලිමේන්තුවට පිළිගැන්වීමට නියමිත අතර, ඒ පිළිබඳ යෝජනා සම්මතය, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව, 2024.08.08 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කෙරෙනු ඇත)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකයි)
 
2024 අගෝස්තු මස 09 වැනි සිකුරාදා
පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 ශෝක ප්‍රකාශ යෝජනා —
අභාවප්‍රාප්ත ගරු රොනී ද මැල් මහතා, හිටපු පා.ම.

2024 ජූලි මස 18 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2024 ජූලි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2024 ජූලි මස 23 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(ii) අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග

(2024.07.12 දින අංක 37 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 47, 59 සහ 60 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
   

2024 ජූලි මස 24 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 “ජාතික ආරක්‍ෂාවට, සියලු ආගම්වලට සහ රටේ සංස්කෘතියට කෘත්‍රිම බුද්ධි (AI) තාක්‍ෂණයේ බලපෑම සහ ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම” පිළිබඳ කල්තැබීමේ විවාදය
 

2024 ජූලි මස 25 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 (i) රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(ii) ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම

(2024.07.12 දින අංක 37 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 48 සහ 49 බලන්න)
 
2024 ජූලි මස 26 වැනි සිකුරාදා
පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 ශෝක ප්‍රකාශ යෝජනා —
(i) අභාවප්‍රාප්ත ගරු ඒ.එච්.එම්. අලවි මහතා, හිටපු පා.ම.
(ii) අභාවප්‍රාප්ත ගරු එම්.එන්. අබ්දුල් මජීඩ් මහතා, හිටපු පා.ම.
(iii) අභාවප්‍රාප්ත ගරු පාලිත තෙවරප්පෙරුම මහතා, හිටපු පා.ම.
(iv) අභාවප්‍රාප්ත ගරු මිල්රෝයි ප්‍රනාන්දු මහතා, හිටපු පා.ම.

2024 ජූලි මස 3 සහ 10 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2024 ජූලි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2024 ජූලි මස 09 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
ප.ව. 5.00 (ii) ජී.එස්.එම්.බී. ටෙක්නිකල් සර්විසස් (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව (2021)
(iii) ටවර් හෝල් රඟහල පදනමේ වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශ (2021)
(iv) ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව (2022)

(2024.07.02 දින අංක 33 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 5, 13, 15 සහ 19 බලන්න)
ඉහත අයිතම අංක (ii) – (iv) - විවාදයකින් තොරව සම්මත කිරීමට නියමිතයි


ආණ්ඩුවේ කටයුතු අවසන් වූ වහාම:

පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත් සලකා බැලීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි —
(v) මාතර සමය සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
(vi) ශෛලී අධ්‍යාපනික පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
(2024.07.02 දින අංක 33 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 20 සහ 21 බලන්න)

(vii) සමාධි භාවනා හා යෝගා මධ්‍යස්ථාන (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
(2024.06.20 දින නිකුත් කළ අංක 1(12) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ අයිතම අංක 7 බලන්න)


පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම:—

(viii) ශ්‍රී ලංකා සැලසුම් තාක්ෂණඥයින්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
(2024.07.02 දින අංක 33 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 36 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
   

2024 ජූලි මස 10 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) සුරාබදු ආඥාපනත යටතේ නිවේදන දෙකක්
(ii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි

(2024.06.20 දින නිකුත් කළ අංක 1(12) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ අයිතම අංක 3, 4, 5 සහ 6 බලන්න)

(iii) ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය
(2024.07.02 දින අංක 33 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 12 බලන්න)

ප.ව. 5.00 අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය - අනුමත කිරීමට (විවාදයකින් තොරව)
(2024.06.29 දිනැති අංක 2390/28 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය කල් ඉකුත් වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් නව ගැසට් පත්‍රයක් නිකුත් කරන්නේ නම්, එය 2024.07.09 දින පාර්ලිමේන්තුවට පිළිගැන්වීමට නියමිත අතර, ඒ පිළිබඳ යෝජනා සම්මතය, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව, 2024.07.10 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කෙරෙනු ඇත)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකයි)
 

2024 ජූලි මස 11 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අදාළ අනෙකුත් නීති ප්‍රකාරව 2024 සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 16 දක්වා කාලය අතරතුර ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව කල් තැබීමේ විවාදය

(මේ පිළිබඳ යෝජනාව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම. සහ ගරු අනුර දිසානායක මහතා, පා.ම. විසින් ඒකාබද්ධව යොමුකර ඇත)
 
2024 ජූලි මස 12 වැනි සිකුරාදා
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00

ඉදිරිපත් කිරීමට නියමිත පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා —

(i) ආක්‍රමණික පැළෑටි හා සතුන් හේතුවෙන් ජෛව විවිධත්වයට සිදුවන හානිය අවම කිරීම (ගරු බුද්ධික පතිරණ මහතා)
(ii) ක්‍රීඩා අමාත්‍යාංශයේ විගණන සහ නීති අංශ ශක්තිමත් කිරීමට වැඩසටහනක් සකස් කිරීම (ගරු රෝහණ බංඩාර මහතා)
(iii) ආගමික අන්තවාදය වැළැක්වීමේ අවශ්‍යතාවය (ගරු හේෂා විතානගේ මහතා)
(iv) අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ දී සිසු සිසුවියන් ලබා ගන්නා Z- අගය (Z- Score) මත සියලුම රාජ්‍ය අංශයේ රැකියා පුරප්පාඩු පිරවීම (ගරු ඩලස් අලහප්පෙරුම මහතා)
(v) කඳුරට වෘත්තීය සමිති විරු දිනය ප්‍රකාශයට පත්කිරීම (ගරු වේලු කුමාර් මහතා)
(vi) ශ්‍රී ලාංකික ශිෂ්‍ය ප්‍රජාවට සිය අනාගතය සාර්ථක කරගැනීම සඳහා ජාතික වෘත්තීය මාර්ගෝපදේශන විධිමත් අයුරින් ලබාදීම (ගරු  රොෂාන් රණසිංහ මහතා)

ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකයි)

2024 ජුනි මස 28 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් සභාවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2024 ජූලි මස 02 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට ප.ව. 5.00 විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතය – තවදුරටත් පැවැත්වීමට නියමිතයි
(2024.06.07 දින නිකුත් කළ අංක 1(13) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ අයිතම අංක 1 බලන්න. ඒ පිළිබඳ යෝජනා සම්මතය, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව, 2024.07.02 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කෙරෙනු ඇත)
 

2024 ජූලි මස 03 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට ප.ව. 5.00 විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතය පිළිබඳ කල් තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම
ප.ව. 5.00 ඡන්ද විමසීම
 

2024 ජුනි මස 6 සහ 18 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2024 ජුනි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2024 ජුනි මස 18 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) සංචාරක කටයුතු පනත යටතේ නියමයන් පහක්
(ii) හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝග
(iii) රජයේ ඉඩම් ආඥාපනත යටතේ නියෝග
(iv) ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නි‍යෝග

(2024.06.06 දින අංක 28 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 35, 36, 37, 39, 40, 38, 41 සහ 42 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
   

2024 ජුනි මස 19 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) කැසිනෝ ව්‍යාපාර (නියාමන) පනත යටතේ රෙගුලාසි
(ii) කැසිනෝ ව්‍යාපාර (නියාමන) පනත යටතේ නියමය
(2024.06.18 දින අංක 30 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 9 සහ 10 බලන්න)

(iii) කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත යටතේ නිවේදනය
(2024.04.22 දිනැති අංක 2381/16 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය 2024.06.18 එනම් අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, ඒ පිළිබඳ යෝජනාව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව, 2024.06.19 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කෙරෙනු ඇත)

(iv) කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග
(v) පරිපූරක මුදල,— ශීර්ෂය 001— වැඩසටහන 02
(vi) පොල් සංවර්ධන පනත යටතේ යෝජනා සම්මතය
(2024.06.18 දින අංක 30 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 12, 27 සහ 11 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි)
 

2024 ජුනි මස 20 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත — විවාදය කල් තබනු ලැබූ ප්‍රශ්නය. (2024 ජූනි 04)
(ii) යුනෙස්කෝ සඳහා වූ ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාව පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2024.06.06 දින අංක 28 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 12 සහ 16 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 
2024 ජුනි මස 21 වැනි සිකුරාදා
  ප්‍රසිද්ධ නිවාඩු දිනය (පෝය දිනය)
මෙදින පාර්ලිමේන්තු රැස්වීම් නැත

2024 මැයි මස 28 සහ ජුනි 6 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2024 ජුනි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2024 ජුනි මස 04 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2024.05.10 දින නිකුත් කළ අංක 1(8) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ අයිතම අංක 1 බලන්න)
ප.ව. 5.00 (ii) ශ්‍රී ලංකා වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — සලකා බැලීම
(iii) දැදිගම ශ්‍රී මෛත්‍රී ප්‍රඥාර්ථ බෞද්ධ අධ්‍යාපන දහම් සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — සලකා බැලීම

(2024.05.22 දින අංක 25 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 37 සහ 38 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
   

2024 ජුනි මස 05 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න (ප්‍රශ්න 04 යි)
පෙ.ව. 10.00 සිට ප‍ෙ.ව.10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 05 යි)
ප‍ෙ.ව. 10.30 (i) ඉලෙක්‍ට්‍රොනික ගනුදෙනු පනත යටතේ නියෝග
(ii) සිවිල් ගුවන්සේවා පනත යටතේ රෙගුලාසි
(iii) ඛනිජතෙල් සම්පත් පනත යටතේ නියෝග

මෙම අයිතම තුන (03) විවාදයකින් තොරව අනුමත කිරීමට නියමිතයි

(2024.05.22 දින අංක 25 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 10, 35 සහ 36 බලන්න)
ප‍ෙ.ව. 10.30 සිට ප.ව. 5.30 අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් විරුද්ධ පාර්ශ්වය විසින් ඉදිරිපත් කිරීමට නියමිත කල් තැබීමේ විවාද‍ය
 

2024 ජුනි මස 06 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2024.05.22 දින අංක 25 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 5 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 
2024 ජුනි මස 07 වැනි සිකුරාදා
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(ii) වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියමය
(iii) දේශීය ආදායම් පනත යටතේ යෝජනාව
(iv) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් පහක්
(v) දේශීය ආදායම් (සංශෝධන) පනත යටතේ නියෝගය
(vi) සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ නියෝග
(vii) වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියෝගය

(2024.06.06 දින අංක 28 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 සහ 25 බලන්න)

(viii) සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය
(2024.05.17 දිනැති අංක 2384/30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය 2024.06.04 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, ඒ පිළිබඳ නිවේදන, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව, 2024.06.07 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කෙරෙනු ඇත)


ප.ව. 5.00 (ix) අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය - අනුමත කිරීමට (විවාදයකින් තොරව)
(2024.06.04 දිනැති අංක 2387/11 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය 2024.06.06 එනම් අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, ඒ පිළිබඳ යෝජනා සම්මතය, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව, 2024.06.07 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කෙරෙනු ඇත)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකයි)

2024 මැයි මස 14 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2024 මැයි මස 22 වැනි බදාදා දින සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2024 මැයි මස 22 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 09.45 ලිපිලේඛනාදිය, කාරක සභා වාර්තා, මහජන පෙත්සම් සහ පනත් කෙටුම්පත් පිළිගැන්වීම
පෙ.ව. 09.45 සිට ප.ව. 5.30 විරුද්ධ පාර්ශ්වය විසින් ඉදිරිපත් කිරීමට නියමිත කල් තැබීමේ විවාදය
 





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks