01

E   |   த   |  

පෙන්වන්න


2024 දෙසැම්බර් මස 6 සහ 16 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2024 දෙසැම්බර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2024 දෙසැම්බර් මස 17 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 09.45 අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුම
ප‍ෙ.ව. 09.45 සිට ප‍ෙ.ව. 11.00

කථානායකවරයෙකු ඡන්දයෙන් තෝරා පත්කර ගැනීම

(පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 2 සහ 4 සමඟ කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64 (3) ව්‍යවස්ථාව ප්‍රකාරව)

ප‍ෙ.ව. 11.00 සිට මධ්‍යාහ්න 12.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
මධ්‍යාහ්න 12.00 සිට ප.ව. 3.00

පරිපූරක මුදල,— ශීර්ෂය 102— වැඩසටහන 01
- තවදුරටත් පැවැත්වීමට නියමිතය

(2024.12.06 දින නිකුත් කළ අංක 1(2) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ අයිතම අංක 1 බලන්න)

ප.ව. 3.00 සිට ප.ව. 6.30 “ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම” පිළිබඳ කල් තැබීමේ විවාදය - විරුද්ධ පාර්ශ්වය විසින් ඉදිරිපත් කිරීමට නියමිතයි
 
 

2024 දෙසැම්බර් මස 18 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00

පරිපූරක මුදල,— ශීර්ෂය 102— වැඩසටහන 01
- කල් තබන ලද විවාදය තවදුරටත් පැවැත්වීම

ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකයි)
 

2024 දෙසැම්බර් මස 19 වැනි බ්‍රහස්පතින්දා

පාර්ලිමේන්තු රැස්වීම නැත
 

2024 දෙසැම්බර් මස 20 වැනි සිකුරාදා

පාර්ලිමේන්තු රැස්වීම නැත
 

2024 නොවැම්බර් මස 25 සහ දෙසැම්බර් මස 3 යන දිනවල රැස්වූ දේශපාලන පක්ෂවල නායකයින් විසින් 2024 දෙසැම්බර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2024 දෙසැම්බර් මස 03 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 ජනාධිපතිතුමා විසින් 2024 නොවැම්බර් 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය – තවදුරටත් පැවැත්වීමට නියමිතයි
 

2024 දෙසැම්බර් මස 04 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට ප.ව. 5.00 ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබූ විවාදය තවදුරටත් පැවැත්වීම
ප.ව. 5.00 ඡන්ද විමසීම
ප.ව. 5.30 සිට ප.ව. 9.30 අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රටේ ඇති වූ තත්ත්වය පිළිබඳ කල් තැබීමේ විවාදය - විරුද්ධ පාර්ශ්වය විසින් ඉදිරිපත් කිරීමට නියමිතය
 

2024 දෙසැම්බර් මස 05 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප.ව. 5.30

(i) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනා සම්මතය
[අතුරු සම්මත ගිණුම – 2025]

(ii) පරිපූරක ඇස්තමේන්තු 12 ක්
– තවදුරටත් පැවැත්වීමට නියමිතයි

(මෙම අයිතමයන් 2024.12.03 දින නිකුත් කිරීමට නියමිත අංක 1(1) දරන පාර්ලිමේන්තු න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ පළ කෙරෙන අතර, ඒ පිළිබඳ යෝජනාව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව, 2024.12.05 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කෙරෙනු ඇත.)

 

2024 දෙසැම්බර් මස 06 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට ප.ව. 5.30

කල් තබන ලද විවාදය තවදුරටත් පැවැත්වීම -
(i) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනා සම්මතය
[අතුරු සම්මත ගිණුම – 2025]

(ii) පරිපූරක ඇස්තමේන්තු 12 ක්

2024 සැප්තැම්බර් මස 2 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2024 සැප්තැම්බර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2024 සැප්තැම්බර් මස 03 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(ii) අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම

(2024.08.21 දින අංක 46 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 8 සහ 10 බලන්න)

(iii) සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2024.08.09 දින නිකුත් කළ අංක 1(17) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ පළ කළ 2024.09.03 දිනට නියම කර ඇති අංක 2 විෂයය බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
 

2024 සැප්තැම්බර් මස 04 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.00 සිට ප.ව. 5.00

(i) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(2024.08.21 දින අංක 46 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 21 බලන්න)

(ii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(iii) කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග දෙකක්

(2024.08.23 දින නිකුත් කළ අංක 1(18) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ පළ කළ අයිතම අංක 3, 1 සහ 2 බලන්න)

(iv) ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය
(2024.08.21 දින අංක 46 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 20 බලන්න)

(v) ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය
(vi) ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති

(පිළිවෙළින් 2024.08.09 සහ 2024.07.01 දිනැති අංක 2396/60 සහ 2391/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍ර 2024.09.03 දින පාර්ලිමේන්තුවට පිළිගැන්වීමට නියමිත අතර, ඒ පිළිබඳ යෝජනා සම්මතයන්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව, 2024.09.04 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කෙරෙනු ඇත)

ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 

2024 සැප්තැම්බර් මස 05 වැනි බ්‍රහස්පතින්දා

පාර්ලිමේන්තු රැස්වීම නැත
 

2024 සැප්තැම්බර් මස 06 වැනි සිකුරාදා

පාර්ලිමේන්තු රැස්වීම නැත
 

2024 අගෝස්තු මස 8 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2024 අගෝස්තු මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2024 අගෝස්තු මස 20 වැනි අඟහරුවාදා

පාර්ලිමේන්තු රැස්වීම නැත
 

2024 අගෝස්තු මස 21 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය
(ii) කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග

(2024.08.08 දින අංක 44 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 20 සහ 21 බලන්න)

ආණ්ඩුවේ කටයුතු අවසන් වූ වහාම:

පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම:—
(iii) වර්ල්ඩ් ලයි‍ෆ් ලයින් යෝගා ආයතනය (සංස්ථාගත කිරීමේ)

(2024.08.08 දින අංක 44 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 46 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකයි)
 

2024 අගෝස්තු මස 22 වැනි බ්‍රහස්පතින්දා

පාර්ලිමේන්තු රැස්වීම නැත
 

2024 අගෝස්තු මස 23 වැනි සිකුරාදා

පාර්ලිමේන්තු රැස්වීම නැත
 

2024 අගෝස්තු මස 2 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2024 අගෝස්තු මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2024 අගෝස්තු මස 06 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම:—
පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත

(මෙය 2024.08.06 දින අංක 42 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් ඇතුළත් වනු ඇත)
පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 නිල්වලා ග‍‍ඟ ආශ්‍රිතව ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ කල්තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය)
   

2024 අගෝස්තු මස 07 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.00 සිට ප.ව. 5.30 2024 වසර-මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පිළිබඳ කල් තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය)
 

2024 අගෝස්තු මස 08 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත් දෙකක් — දෙවැනිවර කියවීම
(2024.07.26 දින අංක 41 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 7 සහ 8 බලන්න)
ප.ව. 5.00 අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය - අනුමත කිරීමට (විවාදයකින් තොරව)

(2024.07.04 දිනැති අංක 2391/27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය කල් ඉකුත් වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් නව ගැසට් පත්‍රයක් නිකුත් කරන්නේ නම්, එය 2024.08.07 දින පාර්ලිමේන්තුවට පිළිගැන්වීමට නියමිත අතර, ඒ පිළිබඳ යෝජනා සම්මතය, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව, 2024.08.08 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කෙරෙනු ඇත)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකයි)
 
2024 අගෝස්තු මස 09 වැනි සිකුරාදා
පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 ශෝක ප්‍රකාශ යෝජනා —
අභාවප්‍රාප්ත ගරු රොනී ද මැල් මහතා, හිටපු පා.ම.

2024 ජූලි මස 18 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2024 ජූලි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2024 ජූලි මස 23 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(ii) අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග

(2024.07.12 දින අංක 37 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 47, 59 සහ 60 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
   

2024 ජූලි මස 24 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 “ජාතික ආරක්‍ෂාවට, සියලු ආගම්වලට සහ රටේ සංස්කෘතියට කෘත්‍රිම බුද්ධි (AI) තාක්‍ෂණයේ බලපෑම සහ ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම” පිළිබඳ කල්තැබීමේ විවාදය
 

2024 ජූලි මස 25 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 (i) රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(ii) ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම

(2024.07.12 දින අංක 37 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 48 සහ 49 බලන්න)
 
2024 ජූලි මස 26 වැනි සිකුරාදා
පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 ශෝක ප්‍රකාශ යෝජනා —
(i) අභාවප්‍රාප්ත ගරු ඒ.එච්.එම්. අලවි මහතා, හිටපු පා.ම.
(ii) අභාවප්‍රාප්ත ගරු එම්.එන්. අබ්දුල් මජීඩ් මහතා, හිටපු පා.ම.
(iii) අභාවප්‍රාප්ත ගරු පාලිත තෙවරප්පෙරුම මහතා, හිටපු පා.ම.
(iv) අභාවප්‍රාප්ත ගරු මිල්රෝයි ප්‍රනාන්දු මහතා, හිටපු පා.ම.

2024 ජූලි මස 3 සහ 10 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2024 ජූලි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2024 ජූලි මස 09 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
ප.ව. 5.00 (ii) ජී.එස්.එම්.බී. ටෙක්නිකල් සර්විසස් (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව (2021)
(iii) ටවර් හෝල් රඟහල පදනමේ වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශ (2021)
(iv) ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව (2022)

(2024.07.02 දින අංක 33 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 5, 13, 15 සහ 19 බලන්න)
ඉහත අයිතම අංක (ii) – (iv) - විවාදයකින් තොරව සම්මත කිරීමට නියමිතයි


ආණ්ඩුවේ කටයුතු අවසන් වූ වහාම:

පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත් සලකා බැලීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි —
(v) මාතර සමය සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
(vi) ශෛලී අධ්‍යාපනික පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
(2024.07.02 දින අංක 33 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 20 සහ 21 බලන්න)

(vii) සමාධි භාවනා හා යෝගා මධ්‍යස්ථාන (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
(2024.06.20 දින නිකුත් කළ අංක 1(12) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ අයිතම අංක 7 බලන්න)


පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම:—

(viii) ශ්‍රී ලංකා සැලසුම් තාක්ෂණඥයින්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
(2024.07.02 දින අංක 33 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 36 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
   

2024 ජූලි මස 10 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) සුරාබදු ආඥාපනත යටතේ නිවේදන දෙකක්
(ii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි

(2024.06.20 දින නිකුත් කළ අංක 1(12) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ අයිතම අංක 3, 4, 5 සහ 6 බලන්න)

(iii) ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය
(2024.07.02 දින අංක 33 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 12 බලන්න)

ප.ව. 5.00 අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය - අනුමත කිරීමට (විවාදයකින් තොරව)
(2024.06.29 දිනැති අංක 2390/28 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය කල් ඉකුත් වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් නව ගැසට් පත්‍රයක් නිකුත් කරන්නේ නම්, එය 2024.07.09 දින පාර්ලිමේන්තුවට පිළිගැන්වීමට නියමිත අතර, ඒ පිළිබඳ යෝජනා සම්මතය, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව, 2024.07.10 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කෙරෙනු ඇත)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකයි)
 

2024 ජූලි මස 11 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අදාළ අනෙකුත් නීති ප්‍රකාරව 2024 සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 16 දක්වා කාලය අතරතුර ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව කල් තැබීමේ විවාදය

(මේ පිළිබඳ යෝජනාව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම. සහ ගරු අනුර දිසානායක මහතා, පා.ම. විසින් ඒකාබද්ධව යොමුකර ඇත)
 
2024 ජූලි මස 12 වැනි සිකුරාදා
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00

ඉදිරිපත් කිරීමට නියමිත පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා —

(i) ආක්‍රමණික පැළෑටි හා සතුන් හේතුවෙන් ජෛව විවිධත්වයට සිදුවන හානිය අවම කිරීම (ගරු බුද්ධික පතිරණ මහතා)
(ii) ක්‍රීඩා අමාත්‍යාංශයේ විගණන සහ නීති අංශ ශක්තිමත් කිරීමට වැඩසටහනක් සකස් කිරීම (ගරු රෝහණ බංඩාර මහතා)
(iii) ආගමික අන්තවාදය වැළැක්වීමේ අවශ්‍යතාවය (ගරු හේෂා විතානගේ මහතා)
(iv) අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ දී සිසු සිසුවියන් ලබා ගන්නා Z- අගය (Z- Score) මත සියලුම රාජ්‍ය අංශයේ රැකියා පුරප්පාඩු පිරවීම (ගරු ඩලස් අලහප්පෙරුම මහතා)
(v) කඳුරට වෘත්තීය සමිති විරු දිනය ප්‍රකාශයට පත්කිරීම (ගරු වේලු කුමාර් මහතා)
(vi) ශ්‍රී ලාංකික ශිෂ්‍ය ප්‍රජාවට සිය අනාගතය සාර්ථක කරගැනීම සඳහා ජාතික වෘත්තීය මාර්ගෝපදේශන විධිමත් අයුරින් ලබාදීම (ගරු  රොෂාන් රණසිංහ මහතා)

ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකයි)

2024 ජුනි මස 28 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් සභාවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2024 ජූලි මස 02 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට ප.ව. 5.00 විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතය – තවදුරටත් පැවැත්වීමට නියමිතයි
(2024.06.07 දින නිකුත් කළ අංක 1(13) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ අයිතම අංක 1 බලන්න. ඒ පිළිබඳ යෝජනා සම්මතය, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව, 2024.07.02 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කෙරෙනු ඇත)
 

2024 ජූලි මස 03 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට ප.ව. 5.00 විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතය පිළිබඳ කල් තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම
ප.ව. 5.00 ඡන්ද විමසීම
 





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks