01

E   |   த   |  

පෙන්වන්න


2025 මැයි මස 16 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 මැයි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-‍

 

2025 මැයි මස 20 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය - අනුමත කිරීමට
(2025.05.09 දින නිකුත් කළ අංක 2(1) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ පළ කළ 2025.05.20 දිනට නියම කර ඇති අංක 4 දරන විෂය බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 

2025 මැයි මස 21 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 (i) 2003 අංක 25 දරන මුදල් පනත යටතේ නියෝගය - අනුමත කිරීමට

(2025.05.09 දින නිකුත් කළ අංක 2(1) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ පළ කළ 2025.05.20 දිනට නියම කර ඇති අංක 2 දරන විෂය බලන්න)

(ii) 2018 අංක 35 දරන මුදල් පනත යටතේ නිවේදනය - අනුමත කිරීමට

(2025.05.09 දින නිකුත් කළ අංක 2(1) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ පළ කළ 2025.05.20 දිනට නියම කර ඇති අංක 3 දරන විෂය බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
 

2025 මැයි මස 22 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 (i) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි - අනුමත කිරීමට

(2025.05.09 දින නිකුත් කළ අංක 2(1) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ පළ කළ 2025.05.20 දිනට නියම කර ඇති අංක 1 දරන විෂය බලන්න)

(ii) විසර්ජන පනත යටතේ යෝජනා සම්මතයන් දහයක් - සම්මත කිරීමට

(2025.05.14 දින නිකුත් කළ අංක 2(2) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ පළ කළ 2025.05.22 දිනට නියම කර ඇති අංක 1 - 10 දක්වා විෂයන් බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2025 මැයි මස 23 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2025.05.09 දින අංක 51 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 45 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
 

 

සැ.යු.: 2025.05.22 දිනට නියමිත අයිතම අංක 1 වශයෙන් සඳහන් වන, 2025.05.09 දින නිකුත් කරන ලද පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ අංක 2(1) පරිපූරකයේ ප්‍රකාශයට පත් කරන ලද, “විදේශ ණය (අවලංගු කිරීමේ)” නම් පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම, එකී පනත් කෙටුම්පතට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු නොකළහොත්, දැනටමත් නියමිත කටයුතු වලට අමතරව 2025 මැයි 23 වන සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා පැවැත්වීමට කාරක සභාව එකඟ විය.

2025 මැයි මස 2 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 මැයි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2025 මැයි මස 06 වැනි අඟහරුවාදා

පාර්ලිමේන්තු රැස්වීම නැත
 

2025 මැයි මස 07 වැනි බදාදා

පාර්ලිමේන්තු රැස්වීම නැත
 

2025 මැයි මස 08 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතය
(2025.04.10 දින අංක 2 දරන න්‍යාය පුස්තකයේ අයිතම අංක 3 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 

2025 මැයි මස 09 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00

ඉදිරිපත් කිරීමට නියමිත පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා —
(i) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින්, හිටපු රාජ්‍ය නායකයන් හා එම වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු පරිදි කප්පාදු කිරීම
(ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා)
(ii) අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සහ බෙදා හැරීම සඳහා රාජ්‍ය අංශයේ මැදිහත්වීම ඉහළ නැංවීමේ වැඩසටහනක් සකස් කිරීම (ගරු රෝහණ බංඩාර මහතා)
(iii) විගණන වාර්තා මඟින් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීම (ගරු චමින්ද වි‍ජේසිරි මහතා)
(iv) ශ්‍රී ලංකාවේ සෑම පවුලකටම ජීවත්වීමට නිවසක් ලබා දීම (ගරු රවී කරුණානායක මහතා)
(v) පොදු ප්‍රවාහන ප්‍රමිතීන්ට අනුකූල බස් රථ පමණක් මෙරටට ගෙන්වීමට අදාළ නීති සකස් කිරීම (ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා)
(vi) “සංවර්ධන ‍යෝජනා” නමින් ශ්‍රී ලංකාව තුළ මේ දක්වා ඉදිකර ඇති එහෙත් කිසිදු ප්‍රයෝජනයකට නොගන්නා ලද සියලුම ගොඩනැගිලි මහජන ප්‍රයෝජනය සඳහා යොදා ගැනීමට කටයුතු කිරීම (ගරු ලාල් ප්‍රේමනාත් මහතා)

ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
 

2025 මාර්තු මස 15 සහ අප්‍රේල් 2 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 අප්‍රේල් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2025 අප්‍රේල් මස 08 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 (i) අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2025.03.21 දින අංක 46 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 2 බලන්න)

(ii) අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය – අනුමත කිරීමට නියමිතයි
(2025.03.21 දින නිකුත් කළ අංක 1(16) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ අයිතම අංක 1 බලන්න)
ප.ව. 5.30

2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතෙහි 5 වගන්තිය සමඟ කියවිය යුතු  3(ඈ) සහ 3(ඉ) වගන්ති ප්‍රකාරව විෂමාචාරය සහ ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම  සම්බන්ධයෙන් පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා එකී පනතෙහි 5 වගන්තිය ප්‍රකාරව පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනා සම්මතය පිළිබඳ දැනුම්දීම – විවාදයකින් තොරව සම්මත කිරීමට නියමිතයි

(2025.03.26 දින නිකුත් කළ අංක 1(17) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ අංක පා. 29/2025 දරන දින නියමයක් නොමැති යෝජනාව බලන්න)

ප.ව. 5.30 යෝජනා සම්මතය පිළිබඳ ඡන්ද විමසීම
 

2025 අප්‍රේල් මස 09 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න (ප්‍රශ්න 04 යි)
පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 05 යි)
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2025.03.21 දින අංක 46 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 3 බලන්න)
ප.ව. 5.00 විවිධ ව්‍යවස්ථාපිත ආයතනයන්හි වාර්ෂික වාර්තා දහහතක් – අනුමත කිරීමට නියමිතයි
(2025.03.21 දින නිකුත් කළ අංක 1(16) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ අයිතම අංක 2 සිට 18 දක්වා බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 7.00 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 

2025 අප්‍රේල් මස 10 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 2025.03.14 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද “බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” පිළිබඳ විවාදය (ආණ්ඩු පාර්ශ්වය) - තවදුරටත් පැවැත්වීමට නියමිතයි
 

2025 අප්‍රේල් මස 11 වැනි සිකුරාදා

පාර්ලිමේන්තු රැස්වීම නැත
 

2025 මාර්තු මස 15 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 මාර්තු මස 20 වැනි බ්‍රහස්පතින්දා දින සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2025 මාර්තු මස 20 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 6.00 විසර්ජන පනත් කෙටුම්පත - කාරක සභාව
ප.ව. 6.00 සිට ප.ව. 8.00 දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2025.03.15 දින අංක 41 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 11 බලන්න)
 

2025 පෙබරවාරි මස 10 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 පෙබරවාරි මස 14 වැනි සිකුරාදා දින සභාවේ කටයුතු සහ 2025 පෙබරවාරි මස 17 වැනි සඳුදා දින සංශෝධිත සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2025 පෙබරවාරි මස 14 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
(පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)” නමැති පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කරන ලද පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පිළිබඳ නිවේදනය.)

ප්‍රධාන වැඩකටයුතු ආරම්භ‌යේදී යෝජනා
 

2025 පෙබරවාරි මස 17 වැනි සඳුදා

පෙ.ව. 10.30 සිට අයවැය කථාව
(විසර්ජන පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම)
ගරු මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා

(2025.02.07 දින අංක 18 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 29 බලන්න)

* අයවැය කථාව අවසන් වූ වහාම ප.ව. 2.00 දක්වා රැස්වීම තාවකාලිකව අත්හිටුවීම
ප.ව. 2.00 සිට ප.ව. 7.00 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)” පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2025.02.07 දින අංක 18 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 30 බලන්න)
 

2025 ජනවාරි මස 23 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 පෙබරවාරි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2025 පෙබරවාරි මස 04 වැනි අඟහරුවාදා

පාර්ලිමේන්තු රැස්වීම නැත (ප්‍රසිද්ධ නිවාඩු දිනය)
 

2025 පෙබරවාරි මස 05 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න (ප්‍රශ්න 04 යි)
පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 05 යි)
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 3.30 (i) විදේශ විනිමය පනත යටතේ නියමය
(ii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි දෙකක්

(ඉහත (i) සහ (ii) අයිතමයන් 2025.01.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනා 2025.01.24 දින නිකුත් වීමට නියමිත අංක 1(6) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත)
ප.ව. 3.30 සිට ප.ව. 5.30 ආණ්ඩු පාර්ශ්වය විසින් ඉදිරිපත් කිරීමට නියමිත කල් තැබීමේ විවාදය
 

2025 පෙබරවාරි මස 06 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 බුද්ධිමය දේපළ පනත යටතේ නියෝග
(මෙම රෙගුලාසි 2025.01.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනාව 2025.01.24 දින නිකුත් වීමට නියමිත අංක 1(6) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකයි)
 

2025 පෙබරවාරි මස 07 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00

ඉදිරිපත් කිරීමට නියමිත පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා —
(i) වතු ආශ්‍රිතව පවතින මාර්ග රජයට පවරා ගැනීම (ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා)
(ii) සමුපකාර සඳහා භාණ්ඩ මිලදී ගැනීමේ ක්‍රියාවලියට නිසි ප්‍රසම්පාදන වැඩසටහනක් සකස් කිරීම (ගරු කිංස් නෙල්සන් මහතා)
(iii) රජය සතුව සහල් සංචිතයක් පවත්වාගෙන යාම සඳහා වැඩ පිළිවෙළක් සකස් කිරීම (ගරු රෝහණ බංඩාර මහතා)
(iv) කම්කරු සුබසාධන නිලධාරින් පත් කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීම (ගරු චමින්ද වි‍ජේසිරි මහතා)
(v) ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම (ගරු රවී කරුණානායක මහතා)
(vi) කොවිඩ්-19 වසංගතයෙන් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු මිහිදන් කිරීමෙන් වැළකී ආදාහනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කොට සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම (ගරු  නීතිඥ රවුෆ් හකීම් මහතා)

ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 

සැ.යු.: “පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)” නමැති පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය 2025 පෙබරවාරි මස 5 වන බදාදාට පෙර ගරු කථානායකතුමා වෙත ලැබුණහොත්, දැනට නියමිත කටයුතුවලට අමතරව, 2025.01.10 දිනැති අංක 1(5) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ 2025.01.24 දිනට නියමිත, අයිතම අංක 2 වශයෙන් සඳහන් වන, එකී පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම, 2025 පෙබරවාරි මස 6 වන බ්‍රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා පැවැත්වීමට ද කාරක සභාව එකඟ විය.

  

2025 ජනවාරි මස 10 සහ 23 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 ජනවාරි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2025 ජනවාරි මස 21 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 “ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය” පිළිබඳ කල්තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය) – තවදුරටත් පැවැත්වීමට නියමිතයි
 

2025 ජනවාරි මස 22 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 “ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය” පිළිබඳ කල්තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම (ආණ්ඩු පාර්ශ්වය)
 

2025 ජනවාරි මස 23 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 3.30 (i) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(මෙම රෙගුලාසි 2025.01.07 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනාව 2025.01.10 දින නිකුත් වීමට නියමිත අංක 1(5) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත)

(ii) ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නිවේදනය
(2025.01.10 දින අංක 11 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 29 බලන්න)

(iii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(2025.01.10 දින අංක 11 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 30 බලන්න)

(iv) වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියෝගය
(2025.01.10 දින අංක 11 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 31 බලන්න)
ප.ව. 3.30 සිට ප.ව. 5.30 විරුද්ධ පාර්ශ්වය විසින් ඉදිරිපත් කිරීමට නියමිත කල් තැබීමේ විවාදය
 

2025 ජනවාරි මස 24 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 ශෝක ප්‍රකාශ යෝජනා —
(i) අභාවප්‍රාප්ත ගරු රුක්මන් සේනානායක මහතා, හිටපු පා.ම.
(ii) අභාවප්‍රාප්ත ගරු ඒ. ඒ. රෙජිනල්ඩ් පෙරේරා මහතා, හිටපු පා.ම.
(
iii) අභාවප්‍රාප්ත ගරු සිරිනාල් ද මෙල් මහතා, හිටපු පා.ම.
(
iv) අභාවප්‍රාප්ත ගරු (වෛද්‍ය) අයි. එම්. ඉල්යාස් මහතා, හිටපු පා.ම.
 

2024 දෙසැම්බර් මස 31 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 ජනවාරි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2025 ජනවාරි මස 07 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 2024 වසර-මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පිළිබඳ කල් තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය)
 

2025 ජනවාරි මස 08 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න (ප්‍රශ්න 04 යි)
පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 05 යි)
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(ii) විදේශ විනිමය පනත යටතේ නියමය
(iii) ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනත ය‍ටතේ නියෝග
(iv) කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත යටතේ නියෝගය
(v) වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියෝගය
(vi) කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග

(ඉහත විෂය අංක (i) සිට (vi) දක්වා සඳහන් වන  අංක පිළිවෙළින් 2024.05.17, 2024.06.18, 2024.04.30, 2024.05.29, 2024.03.28 සහ 2024.07.26 දිනැති අංක  2384/35, 2389/08, 2382/11, 2386/09, 2377/39 සහ 2394/68 දරන අතිවිශේෂ ගැසට් පත්‍ර පිළිවෙළින් 2024.06.18, 2024.08.06, 2024.08.21 සහ 2024.09.03 යන දිනවලදී පාර්ලිමේන්තුවට පිළිගන්වන ලදී. 2025.01.07 දින මෙම අයිතම පාර්ලිමේන්තුවට පිළිගැන්වීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.  මේ පිළිබඳ යෝජනා, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව, 2025.01.08 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කෙරෙනු ඇත.)

ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකයි)
 

2025 ජනවාරි මස 09 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 (i) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමය
(ii) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් හයක්
(iii) සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ නිවේදනය

(පිළිවෙළින් 2024.09.05, 2024.05.17, 2024.07.31, 2024.10.02, 2024.10.14, 2024.11.01, 2024.11.30 සහ 2024.12.21 දිනැති අංක  2400/25, 2384/31, 2395/32, 2404/19, 2406/02, 2408/15, 2412/38 සහ 2415/66 දරන අතිවිශේෂ ගැසට් පත්‍ර 2025.01.07 දින පාර්ලිමේන්තුවට පිළිගන්වනු ලබන අතර ඒ පිළිබඳ යෝජනා, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව, 2025.01.09 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කෙරෙනු ඇත.)

(iv) ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නිවේදනය
(2024.12.18 දින අංක 7 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 2 බලන්න)

(v) ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය
(2024.12.20 දින නිකුත් කළ අංක 1(3) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ අයිතම අංක 1 බලන්න)

පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 විරුද්ධ පාර්ශ්වය විසින් ඉදිරිපත් කිරීමට නියමිත කල් තැබීමේ විවාදය
 

2025 ජනවාරි මස 10 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 ශෝක ප්‍රකාශ යෝජනා —
(i) අභාවප්‍රාප්ත ගරු කුමාර වෙල්ගම මහතා, හිටපු පා.ම.
(ii) අභාවප්‍රාප්ත ගරු එච්. නන්දසේන මහතා, හිටපු පා.ම.
(iii) අභාවප්‍රාප්ත ගරු ටියුඩර් ගුණසේකර මහතා, හිටපු පා.ම.
 





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks