01

E   |   த   |  

පෙන්වන්න


2025 අගෝස්තු මස 21 සහ සැප්තැම්බර් 9 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 සැප්තැම්බර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2025 සැප්තැම්බර් මස 09 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අත්සන් කරනු ලැබුවා වූ ගිවිසුම පිළිබඳ යෝජනා සම්මතය
(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 ව්‍යවස්ථාව ප්‍රකාරව, යෝජනාව තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් අනුමත කළ යුතුය)
(ඉහත යෝජනා සම්මතය 2025.08.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, ඒ පිළිබඳ යෝජනාව 2025.08.22 දින නිකුත් කිරීමට නියමිත අංක 2(9) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
 

2025 සැප්තැම්බර් මස 10 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න (ප්‍රශ්න 04 යි)
පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 05 යි)
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 3.30 ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2025.09.09 දින අංක 79 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 6 බලන්න)
ප.ව. 3.30 ඡන්ද විමසීම
ප.ව. 3.30 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 

2025 සැප්තැම්බර් මස 11 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 (i) ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2025.08.21 දින අංක 77 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 5 බලන්න)
(ii)
a) පරිපූරක ඇස්තමේන්තුව අංක 01 — අනුමත කිරීමට
(නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය)
b) පරිපූරක ඇස්තමේන්තුව අංක 02 — අනුමත කිරීමට
(කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය)

(ඉහත a) සහ b) විෂයන් 2025.08.22 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, ඒ පිළිබඳ යෝජනා 2025.08.22 දින නිකුත් කිරීමට නියමිත අංක 2(9) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
 

2025 සැප්තැම්බර් මස 12 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 ශෝක ප්‍රකාශ යෝජනා —
(i) අභාවප්‍රාප්ත ගරු පී. දයාරත්න මහතා, හිටපු පා.ම.
(ii) අභාවප්‍රාප්ත ගරු ගාමිණී ලොකුගේ මහතා, හිටපු පා.ම.
(iii) අභාවප්‍රාප්ත ගරු ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා, හිටපු පා.ම.
(iv) අභාවප්‍රාප්ත ගරු එම්. එච්. සේගු ඉසඩීන් මහතා, හිටපු පා.ම.
(v) අභාවප්‍රාප්ත ගරු ඩබ්ලිව්. බී. රණතුංග මහතා, හිටපු පා.ම.

ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2025 අගෝස්තු මස 6 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 අගෝස්තු මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2025 අගෝස්තු මස 19 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 (i) සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2025.08.06 දින අංක 73 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 5 බලන්න)
(ii) රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ නියෝග – අනුමත කිරීමට
(2025.08.06 දින අංක 73 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 6 බලන්න)
(iii) විදේශ විනිමය පනත යටතේ නියමය – අනුමත කිරීමට
(2025.08.06 දින අංක 73 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 7 බලන්න)

ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2025 අගෝස්තු මස 20 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 (i) සමෘද්ධි (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2025.08.06 දින අංක 73 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 8 බලන්න)
(ii) රබර් පාලන (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2025.08.06 දින අංක 73 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 10 බලන්න)
(iii) ක්‍රීඩා පනත යටතේ නියෝග – අනුමත කිරීමට
(2025.08.06 දින අංක 73 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 11 බලන්න)
(iv) අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග – අනුමත කිරීමට
(2025.08.06 දින අංක 73 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 9 බලන්න)

ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
 

2025 අගෝස්තු මස 21 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 (i) (235 අධිකාරය වූ) රේගු ආඥා පනතේ 10 වගන්තිය යටතේ යෝජනා සම්මතය – අනුමත කිරීමට
(ii) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය – අනුමත කිරීමට
(iii) මුදල් පනත ය‍ටතේ නියෝගය – අනුමත කිරීමට
(iv) ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත යටතේ නියෝග – අනුමත කිරීමට

(ඉහත (i) සිට (iv) දක්වා අයිතමයන් 2025.08.06 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනා 2025.08.07 දින නිකුත් කිරීමට නියමිත අංක 2(8) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2025 අගෝස්තු මස 22 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 මෙරට මානව හිමිකම් සම්බන්ධ ගැටළු පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය)
 

2025 ජූලි මස 24 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 අගෝස්තු මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2025 අගෝස්තු මස 05 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 4.00 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිණිස වූ යෝජනා සම්මතය - සම්මත කිරීමට
(මේ පිළිබඳ යෝජනාව 2025.07.25 දින නිකුත් කරන ලද අංක 2(7) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ ඇතුළත් කරන ලදී)

ප.ව. 4.00 යෝජනා සම්මතය පිළිබඳ ඡන්ද විමසීම
ප.ව. 4.15 සිට ප.ව. 5.30 (i) ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත යටතේ නියෝග – අනුමත කිරීමට
(2025.07.24 දින අංක 70 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 5 බලන්න)
(ii) අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග – අනුමත කිරීමට
(2025.07.24 දින අංක 70 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 7 බලන්න)

ප.ව. 5.30 සිට ප.ව. 6.00 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 

2025 අගෝස්තු මස 06 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න (ප්‍රශ්න 04 යි)
පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 05 යි)
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 (i) ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2025.07.24 දින අංක 70 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 11 බලන්න)

(ii) දුම්කොළ බදු පනත යටතේ නියමය – අනුමත කිරීමට
(2025.07.24 දින අංක 70 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 3 බලන්න)

(iii) තේ (අපනයන බදු සහ පාලන) පනත යටතේ නියෝග – අනුමත කිරීමට
(2025.07.24 දින අංක 70 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 4 බලන්න)

ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
 

2025 අගෝස්තු මස 07 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට මධ්‍යාහ්න 12.00 විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (විවාදයක් නොමැතිව සම්මත කිරීමට)
(2025.07.24 දින අංක 70 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 6 බලන්න)
මධ්‍යාහ්න 12.00 සිට ප.ව. 5.30 රටේ වත්මන් ආර්ථික තත්වය පිළිබඳ කල් තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය)
 

2025 අගෝස්තු මස 08 වැනි සිකුරාදා

පාර්ලිමේන්තු රැස්වීම නැත (ප්‍රසිද්ධ නිවාඩු දිනය - පෝය දිනය)
 

2025 ජූලි මස 8 සහ 22 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 ජූලි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2025 ජූලි මස 22 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 (i) සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (පනත් කෙටුම්පත විශේෂ බහුතරයකින් සම්මත කරගැනීමට)
(2025.07.08 දින අංක 65 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 2 බලන්න)
(ii) සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (පනත් කෙටුම්පත විශේෂ බහුතරයකින් සම්මත කරගැනීමට)
(2025.07.08 දින අංක 65 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 3 බලන්න)
(iii) සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2025.07.08 දින අංක 65 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 4 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 6.00 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 

2025 ජූලි මස 23 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2025.07.08 දින අංක 65 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 5 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
 

2025 ජූලි මස 24 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ කල් තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය)
 

2025 ජූලි මස 25 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 ශෝක ප්‍රකාශ යෝජනා —
(i) අභාවප්‍රාප්ත ගරු රාජවරෝදයම් සම්පන්දන් මහතා, හිටපු පා.ම.
(ii) අභාවප්‍රාප්ත ගරු ලකී ජයවර්ධන මහතා, හිටපු පා.ම.
(iii) අභාවප්‍රාප්ත ගරු ඩබ්ලිව්. බී. ඒකනායක මහතා, හිටපු පා.ම.
(iv) අභාවප්‍රාප්ත ගරු ඒ. පිලපිටිය මහතා, හිටපු පා.ම.
(v) අභාවප්‍රාප්ත ගරු මාලනී ෆොන්සේකා මහත්මිය, හිටපු පා.ම.
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
 

2025 ජුනි මස 20 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 ජූලි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2025 ජූලි මස 08 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි – අනුමත කිරීමට
(මෙම රෙගුලාසි 2025.06.17 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනාව 2025.06.20 දින නිකුත් කරන ලද අංක 2(5) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ ඇතුළත් කරන ලදී)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2025 ජූලි මස 09 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න (ප්‍රශ්න 04 යි)
පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 05 යි)
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 2019.04.21 දින සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය)
 

2025 ජූලි මස 10 වැනි බ්‍රහස්පතින්දා

පාර්ලිමේන්තු රැස්වීම නැත (ප්‍රසිද්ධ නිවාඩු දිනය)
 

2025 ජූලි මස 11 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00

ඉදිරිපත් කිරීමට නියමිත පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා —
(i) ජාතික ක්‍රීඩා කණ්ඩායමක් නියෝජනය කරනු ලබන හෝ ජාතික මට්ටමේ වාර්තාවකට හිමිකම් කියනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ ඕනෑම උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අවකාශ සලසා දීම
(ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා)
(ii) සමුපකාර ග්‍රාමීය බැංකු පද්ධතිය නිසි අධීක්ෂණයකට ලක් කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීම (ගරු රෝහණ බංඩාර මහතා)
(iii) ජාතික නිෂ්පාදනයට පශු සම්පත් ක්ෂේත්‍රයෙන් ලැබෙන දායකත්වය ඉහළ නැංවීම (ගරු චමින්ද වි‍ජේසිරි මහතා)
(iv) සෑම තරුණයෙකුම ඵලදායි රැකියාවක නියුතු පුද්ගලයෙකු හෝ ස්වයං රැකියාවක නියුතු ව්‍යවසායකයෙකු බවට පත් කිරීම (ගරු රවී කරුණානායක මහතා)
(v) බිම් මට්ටමේ පවතින සියලුම‍ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ඇති ජනතා අප්‍රසාදය වළක්වා ගැනීමට කටයුතු කිරීම (ගරු ලාල් ප්‍රේමනාත් මහතා)
(vi) පිටිගල, උඩුගම, නෙලුව සහ දෙණියාය නගර අයත් පරිසර පද්ධතිය සංචාරක කලාපයක් ලෙස නම් කිරීම (ගරු ටී. කේ. ජයසුන්දර මහතා)

ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
 

2025 ජුනි මස 20 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 ජුනි මස 30 වැනි සඳුදා දින සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2025 ජුනි මස 30 වැනි සඳුදා

පෙ.ව. 09.30 මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය පිළිබඳව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ නිවේදනය
පෙ.ව. 10.00 සිට ප.ව. 4.30 මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදය
 

සැ.යු.: 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වන වගන්තියට අනුව “මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය” පාර්ලිමේන්තුවේ දී නිවේදනය කිරීම සඳහා, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 හි විධිවිධාන ප්‍රකාරව, ගරු අග්‍රාමාත්‍යවරිය විසින් ගරු කථානායකතුමා වෙත කරනු ලබන ඉල්ලීමක් මත, 2025 ජුනි 30 වන සඳුදා පාර්ලිමේන්තුව කැඳවීමට කාරක සභාව එකඟ විය.

2025 ජුනි මස 5 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 ජුනි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2025 ජුනි මස 17 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග – අනුමත කිරීමට
(මෙම නියෝග 2025.06.03 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනාව 2025.06.06 දින නිකුත් කිරීමට නියමිත අංක 2(4) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
 

2025 ජුනි මස 18 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත යටතේ නියමයන් – අනුමත කිරීමට
(මෙම නියෝග 2025.06.03 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනාව 2025.06.06 දින නිකුත් කිරීමට නියමිත අංක 2(4) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 

2025 ජුනි මස 19 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 (i) කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වැනි අදියරෙහි II පියවර යට‍තේ කිරි ගවයින් 15000 ක් ආනයනය කිරීම සඳහා අත්තිකාරම් ලබාදීම පිළිබඳ විශේෂ විගණන වාර්තාව
(මෙම විශේෂ විගණන වාර්තාව 2025.05.21 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලදී)

(ii) දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව
(මෙම වාර්තාව 2025.06.04 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලදී)
පිළිබඳ කල් තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය)
 

2025 ජුනි මස 20 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 (i) මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය – අනුමත කිරීමට
(ii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි දෙකක් – අනුමත කිරීමට

(ඉහත අංක (i) සහ (ii) අයිතමයන් 2025.06.03 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනා 2025.06.06 දින නිකුත් කිරීමට නියමිත අංක 2(4) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

සැ.යු.:

(i) සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන)
(ii) සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන)
(iii) සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) 


නමැති පනත් කෙටුම්පත්වල දෙවනවර කියවීම, එකී පනත් කෙටුම්පත්වලට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනු නොකළහොත්, දැනටමත් නියමිත කටයුතු වලට අමතරව මෙදින පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා පැවැත්වීමට කාරක සභාව එකඟ විය.

2025 මැයි මස 23 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 ජුනි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2025 ජුනි මස 03 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2025.05.23 දින අංක 55 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 3 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2025 ජුනි මස 04 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න (ප්‍රශ්න 04 යි)
පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 05 යි)
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත – කාරක සභාව
(මෙම පනත් කෙටුම්පත 2025.05.23 දින අංක 55 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 වශයෙන් සඳහන් වූ අතර 2025.05.23 දින දෙවැනිවර කියවීම සඳහා ඉදිරිපත් කරන ලදී)
ප.ව. 1.00 සිට ප.ව. 5.00 දූෂණ විරෝධී පනත යටතේ නියෝග – අනුමත කිරීමට
(මෙම නියෝග 2025.05.20 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනාව 2025.05.23 දින නිකුත් කරන ලද අංක 2(3) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ ඇතුළත් කරන ලදී)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
 

2025 ජුනි මස 05 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2025.05.23 දින අංක 55 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 4 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 

2025 ජුනි මස 06 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 ශෝක ප්‍රකාශ යෝජනා —
(i) අභාවප්‍රාප්ත ගරු රාජවරෝදයම් සම්පන්දන් මහතා, හිටපු පා.ම.
(ii) අභාවප්‍රාප්ත ගරු කෝසල නුවන් ජයවීර මහතා, හිටපු පා.ම.
(iii) අභාවප්‍රාප්ත ගරු ජේ.ආර්.පී. සූරියප්පෙරුම මහතා, හිටපු පා.ම.
(iv) අභාවප්‍රාප්ත ගරු මාවෛ එස්. සේනාධිරාජා මහතා, හිටපු පා.ම.
(v) අභාවප්‍රාප්ත ගරු ඩොනල්ඩ් දිසානායක මහතා, හිටපු පා.ම.
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
 





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks