බලන්න

01

E   |   த   |  

පෙන්වන්න


2023 මැයි මස 11 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2023 මැයි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2023 මැයි මස 23 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2023.05.11 දින අංක 23 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 7 බලන්න)

(ii)   වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගය
(iii)  නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය
(iv)  (52 අධිකාරය වූ) සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය
(v)   දුම්කොළ බදු (සංශෝධන) පනත යටතේ නියෝග
(vi)  මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය
(vii) ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත යටතේ  නියමය   
  

(viii) 2003 අංක 25 දරන මුදල් පනත යටතේ නියෝගය

(පිළිවෙළින් 2023.12.31 දිනැති අංක 2312/67, 2312/68, 2312/70, 2312/71, 2312/73 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල සහ 2023.01.26 හා 2022.12.09 දිනැති අංක 2316/32, 2309/37 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ වූ ඉහත සඳහන් නියෝග, නිවේදන සහ නියමයන්, 2023.05.09 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද අතර ඒ පිළිබඳ යෝජනා, 2023.05.12 දින නිකුත් කිරීමට නියමිත අංක 1(13) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත.)

ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2023 මැයි මස 24 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පනතේ 7 වගන්තිය යටතේ එකී කොමිෂන් සභාවේ තත්කාලීන සභාපති ධුරය හා සාමාජිකත්වය දරන ජේ.ඩබ්ලිව්.එම්.ජේ.පී.කේ. රත්නායක මහතා එම සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සඳහා යෝජනාව – අනුමත කිරීමට

(මේ පිළිබඳ අමාත්‍යවරයාගේ වාර්තාව 2023.05.09 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද අතර ඒ පිළිබඳ යෝජනාව 2023.05.12 දින නිකුත් කිරීමට නියමිත අංක 1(13) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත.)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි)
 

2023 මැයි මස 25 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප.ව. 12.30 විශ්‍රාම යන පාර්ලිමේන්තුවේ මහලේකම් ඩබ්ලිව්.බී.ඩී. දසනායක මහතාගේ සේවය ඇගයීමේ යෝජනාව
ප.ව. 12.30 සිට ප.ව. 5.00 (i)    2003 අංක 25 දරන මුදල් පනත යටතේ නියමය
(ii)    2004 අංක 11 දරන මුදල් පනත යටතේ නියෝග
(iii)    2018 අංක 35 දරන මුදල් පනත යටතේ නියෝගය
(iv)    2018 අංක 35 දරන මුදල් පනත යටතේ නියෝග

(පිළිවෙළින් 2022.01.11, 2023.01.01, 2022.12.31 සහ 2023.02.10 දිනැති අංක 2314/16, 2312/80, 2312/69 සහ 2318/53 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ වූ ඉහත සඳහන් නියම සහ නියෝග, 2023.05.09 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද අතර ඒ පිළිබඳ යෝජනා 2023.05.12 දින නිකුත් කිරීමට නියමිත අංක 1(13) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත.)

(v) ආදායම් මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු නොගෙවා මඟහැරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුව සහ චෙක් ජනරජ ආණ්ඩුව අතර, 2023 පෙබරවාරි 03 දින ඇතිකර ගත් ගිවිසුම
– අනුමත කිරීමට
(ඉහත සඳහන් ගිවිසුම 2023.05.11 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද අතර ඒ පිළිබඳ යෝජනාව 2023.05.12 දින නිකුත් කිරීමට නියමිත අංක 1(13) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත.)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 
2023 මැයි මස 26 වැනි සිකුරාදා
පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 හිටපු කථානායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව

2023 අප්‍රේල් 28, මැයි 9 සහ මැයි 11 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2023 මැයි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2023 මැයි මස 09 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග දෙකක්
(එක් නියෝගයක් සඳහා 2023.04.28 දින අංක 20 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 3 ත්, අනෙක් නියෝගය සඳහා 2023.03.28 දිනැති අංක 2325/06 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයත් බලන්න. මෙම නියෝග 2023.04.25 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද අතර, ඒ පිළිබඳ යෝජනාව 2023.04.28 දින නිකුත් කිරීමට නියමිත අංක 1(10) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත.)

(ii) වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියෝගය
(2023.04.03 දිනැති අංක 2326/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය 2023.04.25 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද අතර, ඒ පිළිබඳ යෝජනාව 2023.04.28 දින නිකුත් කිරීමට නියමිත අංක 1(10) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත.)

(iii) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් අටක්
(පිළිවෙළින් 2022.11.30, 2023.01.04, 2023.01.25, 2023.02.20, 2023.03.04, 2023.03.07, 2023.03.07 සහ 2023.03.17 දිනැති අංක 2308/17, 2313/34, 2316/28, 2320/04, 2321/76, 2322/20, 2322/21 සහ 2323/40 දරන අතිවිශේෂ ගැසට් පත්‍ර 2023.04.26 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද අතර, ඒ පිළිබඳ යෝජනා 2023.04.28 දින නිකුත් කිරීමට නියමිත අංක 1(10) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත.)

(iv) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි තුනක්
(2023.03.24 දිනැති අංක 2324/45 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය සහ 2023.04.06 දිනැති අංක 2326/41 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පිළීවෙළින් 2023.04.25 සහ 2023.04.28 යන දිනයන්හි පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද අතර, ඒ පිළිබඳ යෝජනා 2023.04.28 දින නිකුත් කිරීමට නියමිත අංක 1(10) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත.)

(v) සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනත යටතේ නියෝග
(2022.12.22 දිනැති අංක 2311/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය 2023.04.27 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද අතර, ඒ පිළිබඳ යෝජනාව 2023.04.28 දින නිකුත් කිරීමට නියමිත අංක 1(10) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත.)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2023 මැයි මස 10 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට ප.ව. 6.00 “මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ විනාශය” පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) - ඉදිරියට කරගෙන යෑමට‍ නියමිතයි
 

2023 මැයි මස 11 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 රතනතිස්ස සාම පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - සලකා බැලීම – ඉදිරිපත් කිරීමට නියමිතයි

(පනත් කෙටුම්පත පිළිබඳව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ වාර්තාව 2023.05.09 දින පාර්ලිමේන්තුවට පිළිගන්වනු ඇත.)
පෙ.ව. 09.30 සිට ප.ව. 6.00 “මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ විනාශය” පිළිබඳ කල් තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම (විරුද්ධ පාර්ශ්වය)

(2023.04.28 දින අංක 20 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 7 බලන්න)
 
2023 මැයි මස 12 වැනි සිකුරාදා
පෙ.ව. 09.30 දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ යෝජනා සම්මතය – අනුමත කිරීමට

(පාර්ලිමේන්තුවේ ස්.නි. 27 අත්හිටුවනු ලදුව, මෙම අයිතමය 2023.05.12 දින අංක 24 දරන න්‍යාය පත්‍රයේ ඇතුළත් කරන ලදී.)
පෙ.ව. 09.30 සිට ප.ව. 6.00 සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය

(2023.05.11 දින අංක 23 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 2 බලන්න.)

ප.ව. 6.00 ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු වූ නිව් ‍ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් ‍යන නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව (පා.27/2023) – ඉදිරිපත් කිරීමට

(2023.05.10 දින නිකුත් කළ අංක 1(12) දරන පරිපූරකයේ පළ කරන ලද අංක පා.27/2023 දරන මෙම යෝජනාව, පාර්ලිමේන්තුවේ ස්.නි. 27 අත්හිටුවනු ලදුව, 2023.05.12 දින අංක 24 දරන න්‍යාය පත්‍රයේ ඇතුළත් කරන ලදී.)

2023 අප්‍රේල් මස 20 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2023 අප්‍රේල් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2023 අප්‍රේල් මස 25 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය
(2023.04.04 දින අංක 16 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 6 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2023 අප්‍රේල් මස 26 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය – අනුමත කිරීමට (විවාදයකින් තොරව)
(2023.04.17 දිනැති අංක 2328/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය 2023.04.25 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද අතර ඒ පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේ ස්.නි. 27 අත්හිටුවනු ලදුව, 2023.04.26 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කරනු ඇත)

(ii) ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතය – තවදුරටත් පැවැත්වීමට නියමිතයි
(2023.04.18 දින නිකුත් කළ අංක 1(9) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ විෂය අංක 1 බලන්න)
ප.ව. 5.00 ආණ්ඩුවේ කටයුතු අවසන් වූ වහාම :
  • විවිධ ව්‍යවස්ථාපිත ආයතනයන්හි වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා දහතුනක් (13) — අනුමත කිරීමට

(පිළිවෙළින් 2023.04.04 සහ 2023.04.18 යන දිනවල නිකුත් කළ අංක 1(7) සහ 1(9) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකවල විෂය අංක 3 සිට 14 සහ 2 බලන්න)

  • පහත සඳහන් පනත් කෙටුම්පත්වල දෙවැනිවර කියවීම —
    (i) කැලණිය බෞද්ධ කාන්තා පුණ්‍යායතන සමිතිය (සංස්ථාගත කිරීමේ)
    සහ
    (ii) ශ්‍රී ලංකා බදුකරණ කාර්යායතනය (සංස්ථාගත කිරීමේ)(සංශෝධන)
    (2023.04.04 දින අංක 16 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 34 සහ 42 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි)
 

2023 අප්‍රේල් මස 27 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතය පිළිබඳ කල් තැබූ විවාදය තවදුරටත් පැවැත්වීම
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 
2023 අප්‍රේල් මස 28 වැනි සිකුරාදා
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතය පිළිබඳ විවාදය තවදුරටත් පැවැත්වීම
ප.ව. 5.00 (ii) දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම – අනුමත කිරීමට (විවාදයකින් තොරව)

(2023.03.24 දින නිකුත් කළ අංක 1(6) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ විෂය අංක 1 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි)

2023 මාර්තු මස 24 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2023 අප්‍රේල් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2023 අප්‍රේල් මස 04 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය
(2023.03.24 දින අංක 15 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 1 බලන්න)

(ii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(2023.03.22 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද 2023.02.22 දිනැති අංක 2320/46 සහ 2320/47 දරන අතිවිශේෂ ගැසට් පත්‍ර බලන්න. ඒ පිළිබඳ යෝජනා 2023.03.24 දින නිකුත් කිරීමට නියමිත පාර්ලිමේන්තුවේ අංක 1(6) දරන පරිපූරකයේ ඇතුළත් වනු ඇත)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි)
 

2023 අප්‍රේල් මස 05 වැනි බදාදා

  පාර්ලිමේන්තු රැස්වීම් නැත
(ප්‍රසිද්ධ නිවාඩු දිනය - පුර පසළොස්වක පෝය දිනය)
 

2023 අප්‍රේල් මස 06 වැනි බ්‍රහස්පතින්දා

  පාර්ලිමේන්තු රැස්වීම් නැත
(කාරක සභාව විසින් තීරණය කළ පරිදි)
 
2023 අප්‍රේල් මස 07 වැනි සිකුරාදා
  පාර්ලිමේන්තු රැස්වීම් නැත
(ප්‍රසිද්ධ නිවාඩු දිනය – මහ සිකුරාදා දිනය)

2023 මාර්තු මස 16 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2023 මාර්තු මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2023 මාර්තු මස 21 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) නීති අධ්‍යාපන සභා ආඥාපනත යටතේ රීති (276 අධිකාරය වූ) – (විවාදයක් නොමැතිව) සම්මත කිරීමට නියමිතයි
(2023.03.10 දින නිකුත් කළ අංක 1(5) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ විෂය අංක 7 බලන්න)

(ii) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධව විමර්ශනය කිරීමට සහ ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය — විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2023 මාර්තු 09)
(2023.03.10 දින අංක 11 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 18 බලන්න)

(iii) ඛනිජතෙල් සම්පත් පනත යටතේ නියෝග
(2023.03.10 දින නිකුත් කළ අංක 1(5) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ විෂය අංක 8 බලන්න)

ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2023 මාර්තු මස 22 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතයන් දෙකක්
(2023.02.17 දිනැති අංක 2319/80 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය කල් ඉකුත් වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් නව ගැසට් පත්‍රයක් නිකුත් කරන්නේ නම්, එය සහ 2023.03.13 දිනැති අංක 2323/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය යන ද්විත්වයම 2023.03.21 දින පාර්ලිමේන්තුවට පිළිගැන්වීමට නියමිත අතර, ඒ පිළිබඳ යෝජනා සම්මතයන්, පාර්ලිමේන්තුවේ ස්.නි. 27 අත්හිටුවනු ලදුව, 2023.03.22 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කරනු ඇත)

(ii) විසර්ජන පනත යටතේ යෝජනා සම්මතයන් හයක්
(2023.03.03 දින නිකුත් කළ අංක 1(4) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ විෂය අංක 1 සිට 6 දක්වා බලන්න)

(iii) රේගු ආඥාපනත යටතේ යෝජනා සම්මතය (235 අධිකාරය)
(2023.03.10 දින නිකුත් කළ අංක 1(5) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ විෂය අංක 4 බලන්න)

ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි)
 

2023 මාර්තු මස 23 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත යටතේ නියෝග
(ii) සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ නියෝග

(2023.03.10 දින නිකුත් කළ අංක 1(5) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ විෂය අංක 1 සහ 2 බලන්න)
ප.ව. 5.00 ආණ්ඩුවේ කටයුතු අවසන් වූ වහාම :
විවිධ ව්‍යවස්ථාපිත ආයතනයන්හි වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා තුනක් (03) – (විවාදයක් නොමැතිව) අනුමත කිරීමට
(2023.03.10 දින නිකුත් කළ අංක 1(5) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ විෂය අංක 9 සිට 11 දක්වා බලන්න)

පහත සඳහන් පනත් කෙටුම්පත්වල දෙවැනිවර කියවීම —
(i) ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත; සහ
(ii) ශෛලී අධ්‍යාපනික පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
(2023.03.10 දින අංක 11 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 31 සහ 44 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 
2023 මාර්තු මස 24 වැනි සිකුරාදා
පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් ගිවිසුම පිළිබඳව 2023.03.22 දින ගරු ජනාධිපතිතුමා විසින් කරන ලද ප්‍රකාශය” පිළිබඳ කල්තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම

(2023.03.23 දින සභාව විසින් තීරණය කරන ලද පරිදි)

2023 මාර්තු මස 01 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2023 මාර්තු මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2023 මාර්තු මස 07 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 4.00 මෝ‍ටර් වාහන පනත ය‍‍ටතේ නියෝග තුනක්
(2023.02.24 දින අංක 7 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 5 සහ 10 සහ 2023.02.24 දින නිකුත් කළ අංක 1(3) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකය බලන්න)
ප.ව. 4.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2023 මාර්තු මස 08 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය - අනුමත කිරීමට (විවාදයකින් තොරව)
(2023.02.27 දිනැති අංක 2321/07 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය 2023.03.07 දින පාර්ලිමේන්තුවට පිළිගැන්වීමට නියමිත අතර, ඒ පිළිබඳ යෝජනාව, පාර්ලිමේන්තුවේ ස්.නි. 27 අත්හිටුවනු ලදුව, 2023.03.08 දිනැති පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කරනු ඇත)
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00

(i) සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය
(2023.02.24 දින අංක 7 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 4 බලන්න)

(ii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි හයක්
(පිළිවෙළින් 2023.02.24 දින නිකුත් කළ අංක 1(3) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ විෂය අංක 1 සහ 2023.02.24 දින අංක 7 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 සහ 8 හා 9 බලන්න)

(iii) කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග
(2023.02.24 දින අංක 7 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 11 බලන්න)

ප.ව. 5.00

(i) විවිධ ව්‍යවස්ථාපිත ආයතනයන්හි වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා විසි හතරක් (24) – අනුමත කිරීමට
(2023.02.24 දින අංක 7 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 12 සිට 15 දක්වා සහ 2023.02.24 දින නිකුත් කළ අංක 1(3) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ විෂය අංක 4 සිට 23 දක්වා බලන්න)

(ii) ඉන්දිරා පිළිකා භාරය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (ඉදිරිපත් කිරීමට නියමිතයි)
(2023.02.24 දින අංක 7 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 43 බලන්න)

ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි)
 

2023 මාර්තු මස 09 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.30

“සර්වජන ඡන්ද බලය” පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) – තවදුරටත් පැවැත්වීමට නියමිතයි

 
2023 මාර්තු මස 10 වැනි සිකුරාදා
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.30

“සර්වජන ඡන්ද බලය” පිළිබඳ කල් තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම

2023 පෙබරවාරි මස 10 සහ 21 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2023 පෙබරවාරි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2023 පෙබරවාරි මස 21 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට ප.ව. 5.00 (i) ශ්‍රී ලංකා තේ මණ්ඩල පනත යටතේ නියෝග හතරක්
(ii) සමාගම් පනත යටතේ නියෝග

(2023.02.10 දින අංක 3 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 4 සිට 8 දක්වා බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2023 පෙබරවාරි මස 22 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට ප.ව. 5.00 ‍කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග දෙකක්
(2023.02.21 දින අංක 4 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 6 සහ 7 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි)
 

2023 පෙබරවාරි මස 23 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප.ව. 5.00 අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය - අනුමත කිරීමට
(2023.02.21 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද 2023.02.17 දිනැති අංක 2319/80 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය බලන්න. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව, ඒ පිළිබඳ යෝජනාව 2023.02.22 දිනැති පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කරන ලදී)
ප.ව. 5.00 ආණ්ඩුවේ කටයුතු අවසන් වූ වහාම:

පහත සඳහන් පනත් කෙටුම්පත්වල දෙවැනිවර කියවීම -

(i) ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
(ii) රතනතිස්ස සාම පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
(2023.02.21 දින අංක 4 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 12 සහ 13 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 
2023 පෙබරවාරි මස 24 වැනි සිකුරාදා
පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 ශෝක ප්‍රකාශ යෝජනා —
(i) අභාවප්‍රාප්ත ගරු රොහාන් අබේගුණසේකර මහතා, හිටපු පා.ම.
(ii) අභාවප්‍රාප්ත ගරු අබ්දුල් බායිස් කමර්ඩීන් මහතා, හිටපු පා.ම.
(iii) අභාවප්‍රාප්ත ගරු අතාවුද සෙනෙවිරත්න මහතා, හිටපු පා.ම.
(iv) අභාවප්‍රාප්ත ගරු තිස්ස ආර්. බළල්ල මහතා, හිටපු පා.ම.

2023 පෙබරවාරි මස 03 වැනි දින රැස්වූ දේශපාලන පක්ෂවල නායකයින් විසින් 2023 පෙබරවාරි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2023 පෙබරවාරි මස 08 වැනි බදාදා

පෙ.ව. 10.00 ගරු ජනාධිපතිතුමා සභාගර්භයට පැමිණීම සමඟ නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම
 

2023 පෙබරවාරි මස 09 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 (i) සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ නියෝග
(2023.01.20 දින අංක 58 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 3 බලන්න)

(ii) විවිධ ව්‍යවස්ථාපිත ආයතනයන්හි වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා පනස් එකක් (51) – අනුමත කිරීමට
(2023.01.20 දින නිකුත් කළ අංක 2(3) දරන න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ විෂය අංක 5 සිට 55 දක්වා බලන්න)

(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාවේ (4) අනු ව්‍යවස්ථාව යටතේ නියම කරන ලද විධිවිධාන අනුව නවවැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභාවාරය තුළදී යථා පරිදි පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන එන ලද ඉහත අංක (i) සහ (ii) දරන අයිතමයන් පිළිබඳව ආණ්ඩුව විසින් ඉදිරි පියවර ගනු ලබනු ඇත.)
පෙ.ව. 10.00 සිට ප.ව. 5.00 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(4) සහ 33(අ) ව්‍යවස්ථා ප්‍රකාරව ගරු ජනාධිපතිතුමා විසින් 2023 පෙබරවාරි 08 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල්තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය) – තවදුරටත් පැවැත්වීමට නියමිතයි
 

2023 පෙබරවාරි මස 10 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට ප.ව. 5.00 ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල්තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks