පෙන්වන්න
2023 මාර්තු මස 24 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2023 අප්‍රේල් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2023 අප්‍රේල් මස 04 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 | (i) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය (2023.03.24 දින අංක 15 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 1 බලන්න) (ii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි (2023.03.22 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද 2023.02.22 දිනැති අංක 2320/46 සහ 2320/47 දරන අතිවිශේෂ ගැසට් පත්‍ර බලන්න. ඒ පිළිබඳ යෝජනා 2023.03.24 දින නිකුත් කිරීමට නියමිත පාර්ලිමේන්තුවේ අංක 1(6) දරන පරිපූරකයේ ඇතුළත් වනු ඇත) |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
|
2023 අප්‍රේල් මස 05 වැනි බදාදා |
|
| පාර්ලිමේන්තු රැස්වීම් නැත (ප්‍රසිද්ධ නිවාඩු දිනය - පුර පසළොස්වක පෝය දිනය) |
|
|
2023 අප්‍රේල් මස 06 වැනි බ්‍රහස්පතින්දා |
|
| පාර්ලිමේන්තු රැස්වීම් නැත (කාරක සභාව විසින් තීරණය කළ පරිදි) |
|
| 2023 අප්‍රේල් මස 07 වැනි සිකුරාදා | |
| පාර්ලිමේන්තු රැස්වීම් නැත (ප්‍රසිද්ධ නිවාඩු දිනය – මහ සිකුරාදා දිනය) |
|
2023 මාර්තු මස 16 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2023 මාර්තු මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2023 මාර්තු මස 21 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 | (i) නීති අධ්‍යාපන සභා ආඥාපනත යටතේ රීති (276 අධිකාරය වූ) – (විවාදයක් නොමැතිව) සම්මත කිරීමට නියමිතයි (2023.03.10 දින නිකුත් කළ අංක 1(5) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ විෂය අංක 7 බලන්න) (ii) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධව විමර්ශනය කිරීමට සහ ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය — විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2023 මාර්තු 09) (2023.03.10 දින අංක 11 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 18 බලන්න) (iii) ඛනිජතෙල් සම්පත් පනත යටතේ නියෝග (2023.03.10 දින නිකුත් කළ අංක 1(5) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ විෂය අංක 8 බලන්න) |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2023 මාර්තු මස 22 වැනි බදාදා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 | (i) අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතයන් දෙකක් (2023.02.17 දිනැති අංක 2319/80 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය කල් ඉකුත් වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් නව ගැසට් පත්‍රයක් නිකුත් කරන්නේ නම්, එය සහ 2023.03.13 දිනැති අංක 2323/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය යන ද්විත්වයම 2023.03.21 දින පාර්ලිමේන්තුවට පිළිගැන්වීමට නියමිත අතර, ඒ පිළිබඳ යෝජනා සම්මතයන්, පාර්ලිමේන්තුවේ ස්.නි. 27 අත්හිටුවනු ලදුව, 2023.03.22 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කරනු ඇත) (ii) විසර්ජන පනත යටතේ යෝජනා සම්මතයන් හයක් (2023.03.03 දින නිකුත් කළ අංක 1(4) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ විෂය අංක 1 සිට 6 දක්වා බලන්න) (iii) රේගු ආඥාපනත යටතේ යෝජනා සම්මතය (235 අධිකාරය) (2023.03.10 දින නිකුත් කළ අංක 1(5) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ විෂය අංක 4 බලන්න) |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
|
2023 මාර්තු මස 23 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 | (i) ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත යටතේ නියෝග (ii) සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ නියෝග (2023.03.10 දින නිකුත් කළ අංක 1(5) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ විෂය අංක 1 සහ 2 බලන්න) |
| ප.ව. 5.00 | ආණ්ඩුවේ කටයුතු අවසන් වූ වහාම : විවිධ ව්‍යවස්ථාපිත ආයතනයන්හි වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා තුනක් (03) – (විවාදයක් නොමැතිව) අනුමත කිරීමට (2023.03.10 දින නිකුත් කළ අංක 1(5) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ විෂය අංක 9 සිට 11 දක්වා බලන්න) පහත සඳහන් පනත් කෙටුම්පත්වල දෙවැනිවර කියවීම — (i) ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත; සහ (ii) ශෛලී අධ්‍යාපනික පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත (2023.03.10 දින අංක 11 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 31 සහ 44 බලන්න) |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
| 2023 මාර්තු මස 24 වැනි සිකුරාදා | |
| පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 | “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් ගිවිසුම පිළිබඳව 2023.03.22 දින ගරු ජනාධිපතිතුමා විසින් කරන ලද ප්‍රකාශය” පිළිබඳ කල්තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම (2023.03.23 දින සභාව විසින් තීරණය කරන ලද පරිදි) |
2023 මාර්තු මස 01 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2023 මාර්තු මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2023 මාර්තු මස 07 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 4.00 | මෝටර් වාහන පනත යටතේ නියෝග තුනක් (2023.02.24 දින අංක 7 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 5 සහ 10 සහ 2023.02.24 දින නිකුත් කළ අංක 1(3) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකය බලන්න) |
| ප.ව. 4.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2023 මාර්තු මස 08 වැනි බදාදා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 | අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය - අනුමත කිරීමට (විවාදයකින් තොරව) (2023.02.27 දිනැති අංක 2321/07 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය 2023.03.07 දින පාර්ලිමේන්තුවට පිළිගැන්වීමට නියමිත අතර, ඒ පිළිබඳ යෝජනාව, පාර්ලිමේන්තුවේ ස්.නි. 27 අත්හිටුවනු ලදුව, 2023.03.08 දිනැති පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කරනු ඇත) |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 |
(i) සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය (ii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි හයක් (iii) කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග |
| ප.ව. 5.00 |
(i) විවිධ ව්‍යවස්ථාපිත ආයතනයන්හි වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා විසි හතරක් (24) – අනුමත කිරීමට (ii) ඉන්දිරා පිළිකා භාරය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (ඉදිරිපත් කිරීමට නියමිතයි) |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
|
2023 මාර්තු මස 09 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 |
“සර්වජන ඡන්ද බලය” පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) – තවදුරටත් පැවැත්වීමට නියමිතයි |
| 2023 මාර්තු මස 10 වැනි සිකුරාදා | |
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 |
“සර්වජන ඡන්ද බලය” පිළිබඳ කල් තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම |
2023 පෙබරවාරි මස 10 සහ 21 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2023 පෙබරවාරි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2023 පෙබරවාරි මස 21 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 09.30 සිට ප.ව. 5.00 | (i) ශ්‍රී ලංකා තේ මණ්ඩල පනත යටතේ නියෝග හතරක් (ii) සමාගම් පනත යටතේ නියෝග (2023.02.10 දින අංක 3 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 4 සිට 8 දක්වා බලන්න) |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2023 පෙබරවාරි මස 22 වැනි බදාදා |
|
| පෙ.ව. 09.30 සිට ප.ව. 5.00 | කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග දෙකක් (2023.02.21 දින අංක 4 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 6 සහ 7 බලන්න) |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
|
2023 පෙබරවාරි මස 23 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 09.30 සිට ප.ව. 5.00 | අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය - අනුමත කිරීමට (2023.02.21 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද 2023.02.17 දිනැති අංක 2319/80 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය බලන්න. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව, ඒ පිළිබඳ යෝජනාව 2023.02.22 දිනැති පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කරන ලදී) |
| ප.ව. 5.00 | ආණ්ඩුවේ කටයුතු අවසන් වූ වහාම: පහත සඳහන් පනත් කෙටුම්පත්වල දෙවැනිවර කියවීම - (i) ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත (ii) රතනතිස්ස සාම පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත (2023.02.21 දින අංක 4 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 12 සහ 13 බලන්න) |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
| 2023 පෙබරවාරි මස 24 වැනි සිකුරාදා | |
| පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 | ශෝක ප්‍රකාශ යෝජනා — (i) අභාවප්‍රාප්ත ගරු රොහාන් අබේගුණසේකර මහතා, හිටපු පා.ම. (ii) අභාවප්‍රාප්ත ගරු අබ්දුල් බායිස් කමර්ඩීන් මහතා, හිටපු පා.ම. (iii) අභාවප්‍රාප්ත ගරු අතාවුද සෙනෙවිරත්න මහතා, හිටපු පා.ම. (iv) අභාවප්‍රාප්ත ගරු තිස්ස ආර්. බළල්ල මහතා, හිටපු පා.ම. |
2023 පෙබරවාරි මස 03 වැනි දින රැස්වූ දේශපාලන පක්ෂවල නායකයින් විසින් 2023 පෙබරවාරි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2023 පෙබරවාරි මස 08 වැනි බදාදා |
|
| පෙ.ව. 10.00 | ගරු ජනාධිපතිතුමා සභාගර්භයට පැමිණීම සමඟ නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම |
|
2023 පෙබරවාරි මස 09 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 | (i) සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ නියෝග (2023.01.20 දින අංක 58 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 3 බලන්න) (ii) විවිධ ව්‍යවස්ථාපිත ආයතනයන්හි වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා පනස් එකක් (51) – අනුමත කිරීමට (2023.01.20 දින නිකුත් කළ අංක 2(3) දරන න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ විෂය අංක 5 සිට 55 දක්වා බලන්න) (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාවේ (4) අනු ව්‍යවස්ථාව යටතේ නියම කරන ලද විධිවිධාන අනුව නවවැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභාවාරය තුළදී යථා පරිදි පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන එන ලද ඉහත අංක (i) සහ (ii) දරන අයිතමයන් පිළිබඳව ආණ්ඩුව විසින් ඉදිරි පියවර ගනු ලබනු ඇත.) |
| පෙ.ව. 10.00 සිට ප.ව. 5.00 | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(4) සහ 33(අ) ව්‍යවස්ථා ප්‍රකාරව ගරු ජනාධිපතිතුමා විසින් 2023 පෙබරවාරි 08 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල්තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය) – තවදුරටත් පැවැත්වීමට නියමිතයි |
|
2023 පෙබරවාරි මස 10 වැනි සිකුරාදා |
|
| පෙ.ව. 09.30 සිට ප.ව. 5.00 | ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල්තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම |
2023 ජනවාරි මස 13 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2023 ජනවාරි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2023 ජනවාරි මස 17 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 | (i) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි දෙකක් (පිළිවෙළින් 2022 දෙසැම්බර් 01 දින සහ නොවැම්බර් 23 දින පළ කරන ලද අංක 2307/12 සහ 2308/26 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද, 2023.01.05 දින නිකුත් කළ අංක 2(1) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 1 සහ 2 බලන්න.) (ii) විදේශ විනිමය පනත යටතේ නියෝග (2022 දෙසැම්බර් 02 දින පළ කරන ලද අංක 2308/51 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද, 2023.01.05 දින නිකුත් කළ අංක 2(1) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 3 බලන්න.) |
| ප.ව. 5.00 | “පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන)” නමැති පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත් දෙකක් — දෙවැනිවර කියවීම — ඉදිරිපත් කිරීමට (2023.01.05 දින නිකුත් කළ අංක 2(1) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 10 සහ 11 බලන්න.) |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
|
2023 ජනවාරි මස 18 වැනි බදාදා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 | පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2023.01.05 දින අංක 54 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 2 බලන්න.) |
| ප.ව. 5.00 | විවිධ ව්‍යවස්ථාපිත ආයතනයන්හි වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා විසි දෙකක් — ඉදිරිපත් කිරීමට |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
|
2023 ජනවාරි මස 19 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 | මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2023.01.05 දින අංක 54 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 4 බලන්න.) |
| ප.ව. 5.00 | (i) අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය — අනුමත කිරීමට (ii) 2019 නොවැම්බර් සිට මේ දක්වා රටේ ආර්ථිකයේ පසුබෑම පිළිබඳ සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව (පා. 34/2022) — ඉදිරිපත් කිරීමට (iii) ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩි වෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලින, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහාත්; හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව (පා. 38/2022) — ඉදිරිපත් කිරීමට (2022.12.21 දින අංක 2 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ විෂය අංක 2 සහ 5 බලන්න.) |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
| 2023 ජනවාරි මස 20 වැනි සිකුරාදා | |
| පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 | ශෝක ප්‍රකාශ යෝජනා — (i) අභාවප්‍රාප්ත ගරු උපාලි දසනායක මහතා, හිටපු පා.ම. (ii) අභාවප්‍රාප්ත ගරු (ආචාර්ය) නෙවිල් ප්‍රනාන්දු මහතා, හිටපු පා.ම. (iii) අභාවප්‍රාප්ත ගරු ගුණරත්න වීරකෝන් මහතා, හිටපු පා.ම. (iv) අභාවප්‍රාප්ත ගරු රාජා කොල්ලුරේ මහතා, හිටපු පා.ම. |
2022 දෙසැම්බර් මස 12 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2023 ජනවාරි මස 5 වැනි බ්‍රහස්පතින්දා දින සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2023 ජනවාරි මස 05 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 | (i) පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (ii) බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2022.12.09 දින අංක 52 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 37 සහ 38 බලන්න) |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
2022 දෙසැම්බර් මස 5 සහ 12 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් සභාවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2022 දෙසැම්බර් මස 09 වැනි සිකුරාදා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 | (i) එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (ii) දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2022.12.05 දින අංක 49 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 25 සහ 26 බලන්න) |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
|
2022 දෙසැම්බර් මස 13 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පනහක් |
| ප.ව. 5.30 | (i) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධව විමර්ශනය කිරීමට සහ ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව - ඉදිරිපත් කිරීමට නියමිතයි (ii) ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව - ඉදිරිපත් කිරීමට නියමිතයි (2022.12.09 දින නිකුත් කළ අංක 1(22) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 1 සහ 2 දරන දින නියමයක් නොමැති යෝජනා බලන්න) |