logo

E   |     |  

පෙන්වන්න


2022 නොවැම්බර් මස 25 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2022 නොවැම්බර් මස 30 වැනි බදාදා දින සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2022 නොවැම්බර් මස 30 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට ප.ව. 7.00 විසර්ජන පනත් කෙටුම්පත (2023) කාරක සභා අවස්ථාවේ විවාදය
ප.ව. 7.00

විසර්ජන පනත් කෙටුම්පත (2023) කාරක සභා අවස්ථාවේ විවාදය අවසන් වූ වහාම —

(i) විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2022.11.25 දින අංක 41 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 17 බලන්න)

(ii) දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ යෝජනා සම්මතය
(2022.11.23 දින අංක 1(16) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 1 බලන්න)

(පාර්ලිමේන්තුව විසින් විවාදයක් නොමැතිව සම්මත කිරීමට නියමිතයි)

2022 ඔක්තෝබර් මස 27 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2022 නොවැම්බර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2022 නොවැම්බර් මස 08 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 “රටේ වත්මන් තත්ත්වය” පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය)
 

2022 නොවැම්බර් මස 09 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00

(i) එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය
(ii) සුරාබදු ආඥාපනත යටතේ නිවේදන දෙකක්
(iii) මුදල් පනත යටතේ නියෝගය
(iv) විදේශ විනිමය පනත යටතේ නියෝග
(2022.10.21 දින අංක 26 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 13 සිට 17 දක්වා බලන්න)

(v) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි තුනක්
(2022.10.21 දින අංක 26 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 18 සහ 2022.10.21 දින නිකුත් කළ පාර්ලිමේන්තුවේ අංක 1(11) දරන පරිපූරකයේ අයිතම අංක 4 සහ 5 බලන්න)

ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි)
 

2022 නොවැම්බර් මස 10 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00

පහත සඳහන් පනත් කෙටුම්පත්වල දෙවැනිවර කියවීම:—
(i) සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටිය
(ii) අධිකරණ සංවිධාන (සංශෝධන)
(iii) පළාත්බද මහාධිකරණ (විශේෂ විධිවිධාන) (සංශෝධන)
(iv) සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන)
(v) උඩරට විවාහ හා දික්කසාද (සංශෝධන)
(vi) විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන)
(vii) අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)
(viii) ළමයින් සහ තරුණ තැනැත්තන් (සංශෝධන)
(ix) අන්තරායකර සත්ත්ව (සංශෝධන)
(2022.10.21 දින අංක 26 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 5 සිට 8; 10 සහ 11; 2 සිට 4 දක්වා බලන්න)

(x) බන්ධනාගාර ආඥාපනත යටතේ රීති
(xi) ධීවර හා ජලජ සම්පත් පනත යටතේ නියෝග තුනක්
(2022.10.21 දින අංක 26 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 23 සහ 19 සිට 21 දක්වා බලන්න)

ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2022 නොවැම්බර් මස 11 වැනි සිකුරාදා
පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 ශෝක ප්‍රකාශ යෝජනා —
(i) අභාවප්‍රාප්ත ගරු චන්ද්‍රකුමාර විජය ගුණවර්ධන, හිටපු පා.ම.
(ii) අභාවප්‍රාප්ත ගරු ටී. බී. ඒකනායක, හිටපු පා.ම.
(iii) අභාවප්‍රාප්ත ගරු ක. තුරෙයිරෙත්නසිංහම්, හිටපු පා.ම.
(iv) අභාවප්‍රාප්ත ගරු (පූජ්‍ය) බද්දේගම සමිත හිමි, හිටපු පා.ම.

2022 ඔක්තෝබර් මස 7 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2022 ඔක්තෝබර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2022 ඔක්තෝබර් මස 18 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 ඛණිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2022 ඔක්තෝබර් මස 19 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii) නොතාරිස් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(iii) ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(iv) ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(v) අන්තිම කැමති පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(vi) වංචා වැළැක්වීමේ (සං‍ශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම


(2022.10.07 දින අංක 22 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ පිළිවෙළින් විෂය අංක 48, 36, 37, 39, 41 සහ 42 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි)
 

2022 ඔක්තෝබර් මස 20 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (තවදුරටත් පැවැත්වීමට නියමිතයි)
(2022.10.07 දින අංක 22 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 33 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 
2022 ඔක්තෝබර් මස 21 වැනි සිකුරාදා
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම තවදුරටත් පැවැත්වීම
ප.ව. 5.30 දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම
ප.ව. 5.30 සිට පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාව

2022 සැප්තැම්බර් මස 29 සහ ඔක්තෝබර් මස 06 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2022 ඔක්තෝබර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2022 ඔක්තෝබර් මස 03 වැනි සඳුදා

පෙ.ව. 09.30 සිට ප.ව. 4.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 50 යි)
 

2022 ඔක්තෝබර් මස 04 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 (i) ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය
(ii) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය
(iii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි දෙකක්

(2022.09.23 දිනැති පාර්ලිමේන්තුවේ අංක 1(7) දරන පරිපූරකයේ විෂය අංක 2 සිට 5 දක්වා බලන්න)

(iv) “ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ (Ease of Doing Business Index) අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැඟී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව” පත් කිරීමේ යෝජනාව - ඉදිරිපත් කිරීමට නියමිතයි

(2022.09.09 දිනැති පාර්ලිමේන්තුවේ අංක 1(4) දරන පරිපූරකයේ දින නියමයක් නොමැති (පා. 33/2022) යෝජනාව බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2022 ඔක්තෝබර් මස 05 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 12.30 උදර්පණ පනත යටතේ නියමය
(2022.09.23 දින අංක 17 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 19 බලන්න)
ප.ව. 1.00 සිට ප.ව. 5.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම
[විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2022 සැප්තැම්බර් 22)] — සම්මත කිරීමට නියමිතයි

(2022.09.23 දින අංක 17 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 2 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි)
 

2022 ඔක්තෝබර් මස 06 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය (විවාදයකින් තොරව සම්මත කිරීමට)
පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 ගරු ජනාධිපතිතුමා විසින් 2022.10.06 දින කරන ලද ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදය (තවදුරටත් පැවැත්වීමට නියමිතයි)
 
2022 ඔක්තෝබර් මස 07 වැනි සිකුරාදා
පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 ගරු ජනාධිපතිතුමා විසින් 2022.10.06 දින කරන ලද ප්‍රකාශය පිළිබඳ කල් තැබූ විවාදය තවදුරටත් පැවැත්වීම

2022 සැප්තැම්බර් මස 14 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2022 සැප්තැම්බර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2022 සැප්තැම්බර් මස 20 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 ජාතික සභාව ස්ථාපිත කිරීම සඳහා වූ යෝජනා සම්මතය
(2022.09.09 දින නිකුත් කළ පාර්ලිමේන්තුවේ අංක 1(4) දරන පරිපූරකයේ විෂය අංක 1 බලන්න)
 

2022 සැප්තැම්බර් මස 21 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 “රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීමේ අවශ්‍යතාව” පිළිබඳ කල් තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය)
 

2022 සැප්තැම්බර් මස 22 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 12.30 (i) ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2022.09.09 දින අංක 13 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 33 බලන්න)
(ii) සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග
(2022.09.09 දින අංක 13 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 49 බලන්න)
ප.ව. 1.00 සිට ප.ව. 4.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම
(2022.09.07 දින නිකුත් කළ පාර්ලිමේන්තුවේ අංක 1(3) දරන පරිපූරකයේ විෂය අංක 1 බලන්න)
ප.ව. 4.30 සිට ප.ව. 4.50 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි)
ප.ව. 4.50 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 
2022 සැප්තැම්බර් මස 23 වැනි සිකුරාදා
පෙ.ව. 09.30 සිට ප.ව. 12.30 දෙවැනි එළිසබෙත් මහරැජිනගේ අභාවය පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව
ප.ව. 1.00 සිට ප.ව. 5.30 නවවැනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ගරු අමරකීර්ති අතුකෝරළ මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව තවදුරටත් පැවැත්වීම

2022 සැප්තැම්බර් මස 6 වැනි දින සභාවේදී සහ සැප්තැම්බර් මස 1 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එකඟ වූ පරිදි, 2022 සැප්තැම්බර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පහත සඳහන් පරිදි වේ:-

 

2022 සැප්තැම්බර් මස 06 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට පෙ.ව. 10.45 ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි

(2022.08.31 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද 2022.08.05 දිනැති අංක 2291/44 දරන අති විශේෂ ගැසට් පත්‍රය බලන්න. ඒ පිළිබඳ යෝජනාව 2022.09.01 දින නිකුත් කළ අංක 1(2) දරන පරිපූරකයේ පළ විය)

(ඉහත අයිතමය විවාදයක් නොමැතිව සම්මත කිරීමට නියමිතයි)
පෙ.ව. 10.45 සිට ප.ව. 5.30 “ශ්‍රී ලංකාවේ ළමයින් හා මව්වරුන් අතර මන්දපෝෂණය” පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය)
 

2022 සැප්තැම්බර් මස 07 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 “ශ්‍රී ලංකාවේ ළමයින් හා මව්වරුන් අතර මන්දපෝෂණය” පිළිබඳ කල් තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම
 

2022 සැප්තැම්බර් මස 08 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 (i) කාර්මික ආරවුල් (සංශෝධන) පනත් කෙටුම්පත (130 වන පනත් කෙටුම්පත) — දෙවැනිවර කියවීම
(ii) කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(iii) කාර්මික ආරවුල් (සංශෝධන) පනත් කෙටුම්පත (132 වන පනත් කෙටුම්පත) — දෙවැනිවර කියවීම

(2022.09.07 දින අංක 11 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා බලන්න)

(ඉහත අයිතමයන් තුන විවාදයක් නොමැතිව සම්මත කිරීමට නියමිතයි)
පෙ.ව. 11.00 (iv) අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය
(විවාදයක් නොමැතිව සම්මත කිරීමට නියමිතයි)
(2022.09.07 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද 2022.10.03 දිනැති අංක 2272/09 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය බලන්න. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව, මේ පිළිබඳ අදාළ යෝජනාව 2022.09.08 දිනැති පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් වනු ඇත)
පෙ.ව. 11.00 සිට ප.ව. 5.30 (v)   සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2022.09.07 දින අංක 11 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 4 බලන්න)
 
2022 සැප්තැම්බර් මස 09 වැනි සිකුරාදා
පෙ.ව. 09.30 සිට ප.ව. 4.30 නවවැනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ගරු අමරකීර්ති අතුකෝරළ මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව තවදුරටත් පැවැත්වීම

2022 අගෝස්තු මස 10 සහ 24 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් අගෝස්තු මස 29 වැනි දින සිට සැප්තැම්බර් මස 02 වැනි දින දක්වා වූ රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2022 අගෝස්තු මස 29 වැනි සඳුදා

පෙ.ව. 09.30 සිසිර ජයකොඩි සියපත පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — සලකා බැලීම
(මෙම පනත් කෙටුම්පත සලකා බැලීම නවවැනි පාර්ලිමේන්කුවේ දෙවැනි සභාවාරය තුළ 2022.07.05 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කර තිබුණි)
පෙ.ව. 09.30 සිට ප.ව. 4.30 “විදුලිබල ගාස්තු විශාල ප්‍රමාණයකින් වැඩි වීම හේතුවෙන් මහජනතාව මුහුණ පා ඇති දුෂ්කරතා” පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය)
 

2022 අගෝස්තු මස 30 වැනි අඟහරුවාදා

ප.ව. 1.00 සිට ප.ව. 2.00

විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(ගරු ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය)

(මෙම පනත් කෙටුම්පත 2022.08.09 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, 2022.08.12 දින නිකුත් කළ අංක 1 දරන පාර්ලි‍මේන්තුවේ න්‍යාය පුස්තකයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වේ)

 

2022 අගෝස්තු මස 31 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (තවදුරටත් පැවැත්වීම)
 

2022 සැප්තැම්බර් මස 01 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (තවදුරටත් පැවැත්වීම)
 

2022 සැප්තැම්බර් මස 02 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට ප.ව. 4.30 විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (තවදුරටත් පැවැත්වීම)
කාරක සභා අවස්ථාව සහ පනත් කෙටුම්පතේ තුන්වැනි වර කියවීම

(i) විදේශ විනිමය පනත යටතේ නියෝග දෙකක්
(ii) විදේශ විනිමය පනත යටතේ නියමය
(iii) රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතය
(iv) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් දෙකක්

(2022.08.12 දින නිකුත් කළ අංක 1 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ විෂය අංක 10 සිට 15 දක්වා බලන්න)

2022 අගෝස්තු මස 03 වැනි දින රැස්වූ දේශපාලන පක්ෂවල නායකයින් විසින් 2022 අගෝස්තු මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2022 අගෝස්තු මස 09 වැනි අඟහරුවාදා

ප.ව. 1.00 සිට ප.ව. 4.30 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(4) සහ 33(අ) ව්‍යවස්ථා ප්‍රකාරව ගරු ජනාධිපතිතුමා විසින් 2022 අගෝස්තු 03 වැනිදා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල්තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) – තවදුරටත් පැවැත්වීමට නියමිතයි
 

2022 අගෝස්තු මස 10 වැනි බදාදා

පෙ.ව. 10.00 සිට ප.ව. 4.30 ගරු ජනාධිපතිතුමා විසින් 2022 අගෝස්තු 03 වැනිදා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල්තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම
 

2022 අගෝස්තු මස 11 වැනි බ්‍රහස්පතින්දා

  පාර්ලිමේන්තු රැස්වීම් නැත
(ප්‍රසිද්ධ නිවාඩු දිනය - පුර පසළොස්වක පෝය දිනය)
 

2022 අගෝස්තු මස 12 වැනි සිකුරාදා

පෙ.ව. 10.00 සිට ප.ව. 4.30 ගරු ජනාධිපතිතුමා විසින් 2022 අගෝස්තු 03 වැනිදා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල්තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks