පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
පෙන්වන්න
2022 සැප්තැම්බර් මස 6 වැනි දින සභාවේදී සහ සැප්තැම්බර් මස 1 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එකඟ වූ පරිදි, 2022 සැප්තැම්බර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පහත සඳහන් පරිදි වේ:-
|
2022 සැප්තැම්බර් මස 06 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 10.45 | ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි (2022.08.31 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද 2022.08.05 දිනැති අංක 2291/44 දරන අති විශේෂ ගැසට් පත්‍රය බලන්න. ඒ පිළිබඳ යෝජනාව 2022.09.01 දින නිකුත් කළ අංක 1(2) දරන පරිපූරකයේ පළ විය) (ඉහත අයිතමය විවාදයක් නොමැතිව සම්මත කිරීමට නියමිතයි) |
| පෙ.ව. 10.45 සිට ප.ව. 5.30 | “ශ්‍රී ලංකාවේ ළමයින් හා මව්වරුන් අතර මන්දපෝෂණය” පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) |
|
2022 සැප්තැම්බර් මස 07 වැනි බදාදා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 | “ශ්‍රී ලංකාවේ ළමයින් හා මව්වරුන් අතර මන්දපෝෂණය” පිළිබඳ කල් තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම |
|
2022 සැප්තැම්බර් මස 08 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 | (i) කාර්මික ආරවුල් (සංශෝධන) පනත් කෙටුම්පත (130 වන පනත් කෙටුම්පත) — දෙවැනිවර කියවීම (ii) කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (iii) කාර්මික ආරවුල් (සංශෝධන) පනත් කෙටුම්පත (132 වන පනත් කෙටුම්පත) — දෙවැනිවර කියවීම (2022.09.07 දින අංක 11 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා බලන්න) (ඉහත අයිතමයන් තුන විවාදයක් නොමැතිව සම්මත කිරීමට නියමිතයි) |
| පෙ.ව. 11.00 | (iv) අත්යවශ්ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය (විවාදයක් නොමැතිව සම්මත කිරීමට නියමිතයි) (2022.09.07 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද 2022.10.03 දිනැති අංක 2272/09 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය බලන්න. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව, මේ පිළිබඳ අදාළ යෝජනාව 2022.09.08 දිනැති පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් වනු ඇත) |
| පෙ.ව. 11.00 සිට ප.ව. 5.30 | (v) සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2022.09.07 දින අංක 11 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 4 බලන්න) |
| 2022 සැප්තැම්බර් මස 09 වැනි සිකුරාදා | |
| පෙ.ව. 09.30 සිට ප.ව. 4.30 | නවවැනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ගරු අමරකීර්ති අතුකෝරළ මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව තවදුරටත් පැවැත්වීම |
2022 අගෝස්තු මස 10 සහ 24 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් අගෝස්තු මස 29 වැනි දින සිට සැප්තැම්බර් මස 02 වැනි දින දක්වා වූ රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2022 අගෝස්තු මස 29 වැනි සඳුදා |
|
| පෙ.ව. 09.30 | සිසිර ජයකොඩි සියපත පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — සලකා බැලීම (මෙම පනත් කෙටුම්පත සලකා බැලීම නවවැනි පාර්ලිමේන්කුවේ දෙවැනි සභාවාරය තුළ 2022.07.05 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කර තිබුණි) |
| පෙ.ව. 09.30 සිට ප.ව. 4.30 | “විදුලිබල ගාස්තු විශාල ප්රමාණයකින් වැඩි වීම හේතුවෙන් මහජනතාව මුහුණ පා ඇති දුෂ්කරතා” පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) |
|
2022 අගෝස්තු මස 30 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 1.00 සිට ප.ව. 2.00 |
විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (මෙම පනත් කෙටුම්පත 2022.08.09 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, 2022.08.12 දින නිකුත් කළ අංක 1 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වේ) |
|
2022 අගෝස්තු මස 31 වැනි බදාදා |
|
| පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 | විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (තවදුරටත් පැවැත්වීම) |
|
2022 සැප්තැම්බර් මස 01 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 | විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (තවදුරටත් පැවැත්වීම) |
|
2022 සැප්තැම්බර් මස 02 වැනි සිකුරාදා |
|
| පෙ.ව. 09.30 සිට ප.ව. 4.30 | විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (තවදුරටත් පැවැත්වීම) කාරක සභා අවස්ථාව සහ පනත් කෙටුම්පතේ තුන්වැනි වර කියවීම (i) විදේශ විනිමය පනත යටතේ නියෝග දෙකක් (ii) විදේශ විනිමය පනත යටතේ නියමය (iii) රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතය (iv) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් දෙකක් (2022.08.12 දින නිකුත් කළ අංක 1 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ විෂය අංක 10 සිට 15 දක්වා බලන්න) |
2022 අගෝස්තු මස 03 වැනි දින රැස්වූ දේශපාලන පක්ෂවල නායකයින් විසින් 2022 අගෝස්තු මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2022 අගෝස්තු මස 09 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 1.00 සිට ප.ව. 4.30 | ශ්‍රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 32(4) සහ 33(අ) ව්යවස්ථා ප්රකාරව ගරු ජනාධිපතිතුමා විසින් 2022 අගෝස්තු 03 වැනිදා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල්තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) – තවදුරටත් පැවැත්වීමට නියමිතයි |
|
2022 අගෝස්තු මස 10 වැනි බදාදා |
|
| පෙ.ව. 10.00 සිට ප.ව. 4.30 | ගරු ජනාධිපතිතුමා විසින් 2022 අගෝස්තු 03 වැනිදා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල්තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම |
|
2022 අගෝස්තු මස 11 වැනි බ්‍රහස්පතින්දා |
|
| පාර්ලිමේන්තු රැස්වීම් නැත (ප්‍රසිද්ධ නිවාඩු දිනය - පුර පසළොස්වක පෝය දිනය) |
|
|
2022 අගෝස්තු මස 12 වැනි සිකුරාදා |
|
| පෙ.ව. 10.00 සිට ප.ව. 4.30 | ගරු ජනාධිපතිතුමා විසින් 2022 අගෝස්තු 03 වැනිදා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල්තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම |
2022 ජූලි මස 15 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් සභාවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2022 ජූලි මස 19 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 10.00 | ජනාධිපති ධුරය සඳහා නාම යෝජනා භාර ගනු ලැබීම |
|
2022 ජූලි මස 20 වැනි බදාදා |
|
| පෙ.ව. 10.00 | 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත යටතේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වීම |
2022 ජුනි මස 30 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2022 ජූලි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2022 ජූලි මස 04 වැනි සඳුදා |
|
| පෙ.ව. 10.00 සිට ප.ව. 3.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 50යි) |
|
2022 ජූලි මස 05 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 | (i) විදේශ විනිමය පනත යටතේ නියෝග (2022.06.22 දින අංක 41 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 1 බලන්න) (ii) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග (iii) රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතය (පිළිවෙළින්, 2022.06.22 දින නිකුත් කළ පාර්ලිමේන්තුවේ අංක 2(2) දරන පරිපූරකයේ විෂය අංක 2, 3 සහ 10 බලන්න) (iv) විසර්ජන පනත යටතේ යෝජනා සම්මතය (2022.06.23 දින නිකුත් කළ පාර්ලිමේන්තුවේ අංක 2(3) දරන පරිපූරකයේ විෂය අංක 1 බලන්න) (v) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය (vi) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි (පිළිවෙළින්, 2022.06.22 දින නිකුත් කළ පාර්ලිමේන්තුවේ අංක 2(2) දරන පරිපූරකයේ විෂය අංක 4 සිට 9 සහ 11 සහ 12 බලන්න) |
| ප.ව. 4.30 සිට ප.ව. 4.50 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
| ප.ව. 4.50 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2022 ජූලි මස 06 වැනි බදාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 | අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව (ප්‍රශ්න 04යි) |
| පෙ.ව. 10.30 සිට ප.ව. 4.30 | “රටේ වත්මන් තත්වය” පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) |
| 2022 ජූලි මස 07 වැනි බ්‍රහස්පතින්දා | |
| පාර්ලිමේන්තු රැස්වීම නැත | |
| 2022 ජූලි මස 08 වැනි සිකුරාදා | |
| පාර්ලිමේන්තු රැස්වීම නැත | |
2022 ජුනි මස 10 සහ 21 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2022 ජුනි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2022 ජුනි මස 21 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 | (i) සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (ii) අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2022.06.10 දින අංක 39 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 57 සහ 55 බලන්න) (මෙම අයිතමයන් දෙක විවාදයකින් තොරව සම්මත කිරීමට නියමිතයි) |
| පෙ.ව. 11.30 සිට ප.ව. 4.30 | (iii) කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2022.06.10 දින අංක 39 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 58 බලන්න) |
| ප.ව. 4.30 සිට ප.ව. 4.50 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
| ප.ව. 4.50 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2022 ජුනි මස 22 වැනි බදාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 | “රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පවතින ගැටලු” පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) |
|
2022 ජුනි මස 23 වැනි බ්‍රහස්පතින්දා |
|
| පාර්ලිමේන්තු රැස්වීම නැත (2022.06.21 දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කරන ලද පරිදි) |
|
|
2022 ජුනි මස 24 වැනි සිකුරාදා |
|
| පාර්ලිමේන්තු රැස්වීම නැත (2022.06.21 දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කරන ලද පරිදි) |
|
2022 ජුනි මස 2 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2022 ජුනි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2022 ජුනි මස 07 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 | (i) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි (2022.05.20 දින අංක 35 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 2 බලන්න) (ii) දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ යෝජනා සම්මතය (2022.05.20 දින නිකුත් කළ පාර්ලිමේන්තුවේ අංක 1(15) දරන පරිපූරකයේ විෂය අංක 1 බලන්න) (ඉහත විෂයයන් දෙක විවාදයක් නොමැතිව සම්මත කිරීමට නියමිතයි) |
| පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 | ගරු අග්‍රාමාත්‍යතුමා විසින් 2022.06.07 දින සිදුකිරීමට නියමිත විශේෂ ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය) |
|
2022 ජුනි මස 08 වැනි බදාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.00 සිට ප.ව. 5.30 | (i) විසර්ජන පනත යටතේ යෝජනා සම්මතයන් පහක් (2022.05.31 දින නිකුත් කළ පාර්ලිමේන්තුවේ අංක 1(16) දරන පරිපූරකයේ විෂය අංක 1 සිට 5 දක්වා බලන්න) (ii) පරිපූරක ඇස්තමේන්තුව – 2022 (මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය) (2022.06.07 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි) |
|
2022 ජුනි මස 09 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 | (i) ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත – දෙවැනිවර කියවීම (2022.05.20 දින නිකුත් කළ පාර්ලිමේන්තුවේ අංක 1(15) දරන පරිපූරකයේ විෂය අංක 2 බලන්න) (ii) ඛනිජතෙල් සම්පත් පනත යටතේ නියෝග (2022.05.20 දින අංක 35 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 1 බලන්න) |
| ප.ව. 4.30 සිට ප.ව. 4.50 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
| ප.ව. 4.50 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
| 2022 ජුනි මස 10 වැනි සිකුරාදා | |
| පෙ.ව. 10.00 සිට ප.ව. 5.30 | හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ගරු අමරකීර්ති අතුකෝරළ මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව |
2022 මැයි මස 17 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2022 මැයි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2022 මැයි මස 17 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.00 සිට ප.ව. 5.30 | “මෑතකදී ඇති වූ කෝලාහල හේතුවෙන් පොදු සහ පෞද්ගලික දේපලවලට සිදු වූ හානි” පිළිබඳ කල් තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය) - තවදුරටත් පැවැත්වීමට නියමිතයි |
|
2022 මැයි මස 18 වැනි බදාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.00 සිට ප.ව. 5.30 | “මෑතකදී ඇති වූ කෝලාහල හේතුවෙන් පොදු සහ පෞද්ගලික දේපලවලට සිදු වූ හානි” පිළිබඳ කල් තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම |
|
2022 මැයි මස 19 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 10.00 සිට ප.ව. 5.30 | “මෑතකදී ඇති වූ කෝලාහල හේතුවෙන් පොදු සහ පෞද්ගලික දේපලවලට සිදු වූ හානි” පිළිබඳ කල් තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම (සභාව විසින් 2022.05.18 දින තීරණය කළ පරිදි) |
|
2022 මැයි මස 20 වැනි සිකුරාදා |
|
| පෙ.ව. 10.00 සිට ප.ව. 5.30 | “මෑතකදී ඇති වූ කෝලාහල හේතුවෙන් පොදු සහ පෞද්ගලික දේපලවලට සිදු වූ හානි” පිළිබඳ කල් තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම (සභාව විසින් 2022.05.19 දින තීරණය කළ පරිදි) |
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks