පෙන්වන්න
2022 ජූලි මස 15 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් සභාවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2022 ජූලි මස 19 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 10.00 | ජනාධිපති ධුරය සඳහා නාම යෝජනා භාර ගනු ලැබීම |
|
2022 ජූලි මස 20 වැනි බදාදා |
|
| පෙ.ව. 10.00 | 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත යටතේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වීම |
2022 ජුනි මස 30 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2022 ජූලි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2022 ජූලි මස 04 වැනි සඳුදා |
|
| පෙ.ව. 10.00 සිට ප.ව. 3.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 50යි) |
|
2022 ජූලි මස 05 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 | (i) විදේශ විනිමය පනත යටතේ නියෝග (2022.06.22 දින අංක 41 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 1 බලන්න) (ii) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග (iii) රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතය (පිළිවෙළින්, 2022.06.22 දින නිකුත් කළ පාර්ලිමේන්තුවේ අංක 2(2) දරන පරිපූරකයේ විෂය අංක 2, 3 සහ 10 බලන්න) (iv) විසර්ජන පනත යටතේ යෝජනා සම්මතය (2022.06.23 දින නිකුත් කළ පාර්ලිමේන්තුවේ අංක 2(3) දරන පරිපූරකයේ විෂය අංක 1 බලන්න) (v) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය (vi) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි (පිළිවෙළින්, 2022.06.22 දින නිකුත් කළ පාර්ලිමේන්තුවේ අංක 2(2) දරන පරිපූරකයේ විෂය අංක 4 සිට 9 සහ 11 සහ 12 බලන්න) |
| ප.ව. 4.30 සිට ප.ව. 4.50 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
| ප.ව. 4.50 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2022 ජූලි මස 06 වැනි බදාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 | අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව (ප්‍රශ්න 04යි) |
| පෙ.ව. 10.30 සිට ප.ව. 4.30 | “රටේ වත්මන් තත්වය” පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) |
| 2022 ජූලි මස 07 වැනි බ්‍රහස්පතින්දා | |
| පාර්ලිමේන්තු රැස්වීම නැත | |
| 2022 ජූලි මස 08 වැනි සිකුරාදා | |
| පාර්ලිමේන්තු රැස්වීම නැත | |
2022 ජුනි මස 10 සහ 21 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2022 ජුනි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2022 ජුනි මස 21 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 | (i) සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (ii) අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2022.06.10 දින අංක 39 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 57 සහ 55 බලන්න) (මෙම අයිතමයන් දෙක විවාදයකින් තොරව සම්මත කිරීමට නියමිතයි) |
| පෙ.ව. 11.30 සිට ප.ව. 4.30 | (iii) කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2022.06.10 දින අංක 39 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 58 බලන්න) |
| ප.ව. 4.30 සිට ප.ව. 4.50 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
| ප.ව. 4.50 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2022 ජුනි මස 22 වැනි බදාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 | “රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පවතින ගැටලු” පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) |
|
2022 ජුනි මස 23 වැනි බ්‍රහස්පතින්දා |
|
| පාර්ලිමේන්තු රැස්වීම නැත (2022.06.21 දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කරන ලද පරිදි) |
|
|
2022 ජුනි මස 24 වැනි සිකුරාදා |
|
| පාර්ලිමේන්තු රැස්වීම නැත (2022.06.21 දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කරන ලද පරිදි) |
|
2022 ජුනි මස 2 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2022 ජුනි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2022 ජුනි මස 07 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 | (i) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි (2022.05.20 දින අංක 35 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 2 බලන්න) (ii) දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ යෝජනා සම්මතය (2022.05.20 දින නිකුත් කළ පාර්ලිමේන්තුවේ අංක 1(15) දරන පරිපූරකයේ විෂය අංක 1 බලන්න) (ඉහත විෂයයන් දෙක විවාදයක් නොමැතිව සම්මත කිරීමට නියමිතයි) |
| පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 | ගරු අග්‍රාමාත්‍යතුමා විසින් 2022.06.07 දින සිදුකිරීමට නියමිත විශේෂ ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය) |
|
2022 ජුනි මස 08 වැනි බදාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.00 සිට ප.ව. 5.30 | (i) විසර්ජන පනත යටතේ යෝජනා සම්මතයන් පහක් (2022.05.31 දින නිකුත් කළ පාර්ලිමේන්තුවේ අංක 1(16) දරන පරිපූරකයේ විෂය අංක 1 සිට 5 දක්වා බලන්න) (ii) පරිපූරක ඇස්තමේන්තුව – 2022 (මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය) (2022.06.07 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි) |
|
2022 ජුනි මස 09 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 | (i) ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත – දෙවැනිවර කියවීම (2022.05.20 දින නිකුත් කළ පාර්ලිමේන්තුවේ අංක 1(15) දරන පරිපූරකයේ විෂය අංක 2 බලන්න) (ii) ඛනිජතෙල් සම්පත් පනත යටතේ නියෝග (2022.05.20 දින අංක 35 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 1 බලන්න) |
| ප.ව. 4.30 සිට ප.ව. 4.50 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
| ප.ව. 4.50 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
| 2022 ජුනි මස 10 වැනි සිකුරාදා | |
| පෙ.ව. 10.00 සිට ප.ව. 5.30 | හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ගරු අමරකීර්ති අතුකෝරළ මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව |
2022 මැයි මස 17 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2022 මැයි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2022 මැයි මස 17 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.00 සිට ප.ව. 5.30 | “මෑතකදී ඇති වූ කෝලාහල හේතුවෙන් පොදු සහ පෞද්ගලික දේපලවලට සිදු වූ හානි” පිළිබඳ කල් තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය) - තවදුරටත් පැවැත්වීමට නියමිතයි |
|
2022 මැයි මස 18 වැනි බදාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.00 සිට ප.ව. 5.30 | “මෑතකදී ඇති වූ කෝලාහල හේතුවෙන් පොදු සහ පෞද්ගලික දේපලවලට සිදු වූ හානි” පිළිබඳ කල් තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම |
|
2022 මැයි මස 19 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 10.00 සිට ප.ව. 5.30 | “මෑතකදී ඇති වූ කෝලාහල හේතුවෙන් පොදු සහ පෞද්ගලික දේපලවලට සිදු වූ හානි” පිළිබඳ කල් තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම (සභාව විසින් 2022.05.18 දින තීරණය කළ පරිදි) |
|
2022 මැයි මස 20 වැනි සිකුරාදා |
|
| පෙ.ව. 10.00 සිට ප.ව. 5.30 | “මෑතකදී ඇති වූ කෝලාහල හේතුවෙන් පොදු සහ පෞද්ගලික දේපලවලට සිදු වූ හානි” පිළිබඳ කල් තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම (සභාව විසින් 2022.05.19 දින තීරණය කළ පරිදි) |
2022 අප්‍රේල් මස 22 සහ මැයි මස 5 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2022 මැයි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2022 මැයි මස 03 වැනි අඟහරුවාදා |
|
| පාර්ලිමේන්තු රැස්වීම නැත (ප්‍රසිද්ධ නිවාඩු දිනය - රාමසාන් උත්සව දිනය) |
|
|
2022 මැයි මස 04 වැනි බදාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.00 සිට ප.ව. 5.30 | ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා පිළිබඳව මුදල් අමාත්‍ය, ගරු එම්. යූ. එම්. අලි සබ්රි මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත අමාත්‍යාංශ නිවේදනය පිළිබඳ සාකච්ඡාව |
|
2022 මැයි මස 05 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.00 සිට ප.ව. 5.30 | (i) ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්ය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — සලකා බැලීමට නියමිතයි (2022.04.22 දින අංක 28 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 9 බලන්න) (ii) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා පිළිබඳව මුදල් අමාත්‍ය, ගරු එම්. යූ. එම්. අලි සබ්රි මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත අමාත්‍යාංශ නිවේදනය පිළිබඳ සාකච්ඡාව තවදුරටත් පැවැත්වීම |
| 2022 මැයි මස 06 වැනි සිකුරාදා | |
| පෙ.ව. 10.00 සිට ප.ව. 5.30 | ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා පිළිබඳව මුදල් අමාත්‍ය, ගරු එම්. යූ. එම්. අලි සබ්රි මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත අමාත්‍යාංශ නිවේදනය පිළිබඳ සාකච්ඡාව තවදුරටත් පැවැත්වීම |
2022 අප්‍රේල් මස 8 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2022 අප්‍රේල් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2022 අප්‍රේල් මස 19 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 | (i) වෛද්‍ය ආඥාපනත යටතේ නියෝග (2022.04.08 දින අංක 24 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 45 බලන්න) (ii) ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග (2022.04.08 දින අංක 24 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 46 බලන්න) |
| ප.ව. 4.30 සිට ප.ව. 4.50 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
| ප.ව. 4.50 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2022 අප්‍රේල් මස 20 වැනි බදාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 | (i) සුරාබදු ආඥාපනත යටතේ නිවේදන තුනක් (2022.04.08 දින අංක 24 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 51, 52 සහ 53 බලන්න) (ii) රේගු ආඥා පනත යටතේ යෝජනාව (2022.04.05 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද 2022.01.11 දිනැති අංක 2262/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය බලන්න. ඒ පිළිබඳ යෝජනාව 2022.04.08 දින නිකුත් කිරීමට නියමිත පාර්ලිමේන්තුවේ අංක 1(10) දරන පරිපූරකයේ පළ වනු ඇත) |
| ප.ව. 4.30 සිට ප.ව. 4.50 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
| ප.ව. 4.50 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
|
2022 අප්‍රේල් මස 21 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 | විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් හතරක් (2022.04.05 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද පිළිවෙළින් 2021.11.23, 2021.12.21, 2021.12.31 සහ 2022.01.11 දිනැති අංක 2255/8, 2259/9, 2260/72 සහ 2262/15 දරන අතිවිශේෂ ගැසට් පත්‍ර බලන්න. ඒ පිළිබඳ යෝජනා 2022.04.08 දින නිකුත් කිරීමට නියමිත පාර්ලිමේන්තුවේ අංක 1(10) දරන පරිපූරකයේ පළ වනු ඇත) |
| ප.ව. 4.30 සිට ප.ව. 4.50 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
| ප.ව. 4.50 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
| 2022 අප්‍රේල් මස 22 වැනි සිකුරාදා | |
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 | මෝටර් වාහන පනත යටතේ නියෝග තුනක් (2022.04.08 දින අංක 24 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 42, 43 සහ 44 බලන්න) |
| ප.ව. 4.30 සිට ප.ව. 4.50 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
| ප.ව. 4.50 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
2022 මාර්තු මස 24 සහ අප්‍රේල් මස 01 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2022 අප්‍රේල් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2022 අප්‍රේල් මස 05 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 | (i) වෛද්‍ය ආඥාපනත යටතේ නියෝග (ii) ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග (2022.03.24 දින අංක 19 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 6 සහ 7 බලන්න) |
| ප.ව. 4.30 | ආණ්ඩුවේ කටයුතු අවසන් වූ වහාම - අධිකරණයට අපහාස කිරීමේ පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2022.03.24 දින අංක 19 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 9 බලන්න) |
| ප.ව. 4.30 සිට ප.ව. 4.50 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
| ප.ව. 4.50 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2022 අප්‍රේල් මස 06 වැනි බදාදා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 | අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව (ප්‍රශ්න 04යි) |
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 | (i) මෝටර් වාහන පනත යටතේ නියෝග (2022.03.24 දින අංක 19 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 8 බලන්න) (ii) මෝටර් වාහන පනත යටතේ නියෝග (iii) මෝටර් වාහන පනත යටතේ නියෝග (2021.10.29 දිනැති අංක 2251/63 සහ 2021.08.14 දිනැති අංක 2240/37දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ වූ මෙම නියෝග පිළිවෙළින් 2022.03.22 සහ 2022.03.23 යන දිනයන්හි පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද අතර, ඒ පිළිබඳ යෝජනා 2022.03.25 දින නිකුත් කළ පාර්ලිමේන්තුවේ අංක 1(8) දරන පරිපූරකයේ ඇතුළත් විය) |
| ප.ව. 4.30 සිට ප.ව. 4.50 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
| ප.ව. 4.50 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
|
2022 අප්‍රේල් මස 07 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 | (i) අධිභාර බද්ද පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2022.03.24 දින අංක 19 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 3 බලන්න) (ii) වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියමයන් දෙකක් (පිළිවෙළින් 2022.01.06 දිනැති අංක 2261/58 සහ 2022.01.11 දිනැති අංක 2262/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ වූ මෙම නියෝග 2022.03.24 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද අතර, ඒ පිළිබඳ යෝජනා 2022.03.25 දින නිකුත් කළ පාර්ලිමේන්තුවේ අංක 1(8) දරන පරිපූරකයේ ඇතුළත් විය) |
| ප.ව. 4.30 සිට ප.ව. 4.50 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි) |
| ප.ව. 4.50 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
| 2022 අප්‍රේල් මස 08 වැනි සිකුරාදා | |
| පෙ.ව. 10.00 සිට ප.ව. 8.00 | “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව” පිළිබඳ කල් තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය) |