logo

E   |     |  

පෙන්වන්න

2022 මාර්තු මස 16 සහ 24 යන දිනයන්හි රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2022 මාර්තු මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2022 මාර්තු මස 22 වැනි අඟහරුවාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2022.03.11 දින අංක 16 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 48 බලන්න)
ප.ව. 4.30 සිට ප.ව. 4.50 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි)
ප.ව. 4.50 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2022 මාර්තු මස 23 වැනි බදාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ රෙගුලාසි
(2022.03.11 දින අංක 1(7) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 3 සහ 4 බලන්න)
ප.ව. 4.30 සිට ප.ව. 4.50 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි)
ප.ව. 4.50 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 
2022 මාර්තු මස 24 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 (i) එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2022.03.11 දින අංක 16 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 50 බලන්න)

(ii) දේශීය ආදායම් පනත යටතේ යෝජනා සම්මතය
(2022.03.11 දින අංක 16 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 47 බලන්න)
ප.ව. 4.30 සිට ප.ව. 4.50 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි)
ප.ව. 4.50 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2022 මාර්තු මස 25 වැනි සිකුරාදා
පෙ.ව. 10.00 අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය

(මෙදින (2022.03.24) පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද 2022.03.21 දිනැති අංක 2272/09 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය බලන්න. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 සහ 27 අත්හිටුවනු ලදුව, මේ පිළිබඳ යෝජනාව 2022.03.25 දිනැති පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් ඇතුළත් වනු ඇත)
පෙ.ව. 10.00 සිට ප.ව. 5.30 ශෝක ප්‍රකාශ යෝජනා;
(i) අභාවප්‍රාප්ත ගරු බැටී වීරකෝන් මහතා, හිටපු පා.ම.
(ii) අභාවප්‍රාප්ත ගරු කේ. තන්ගේෂ්වරි මෙනෙවිය, හිටපු පා.ම.
(iii) අභාවප්‍රාප්ත ගරු ජස්ටින් ගලප්පත්ති මහතා, හිටපු පා.ම.
(iv) අභාවප්‍රාප්ත ගරු එම්. එස්. සෙල්ලසාමි මහතා, හිටපු පා.ම.

2022 මාර්තු මස 3 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2022 මාර්තු මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2022 මාර්තු මස 08 වැනි අඟහරුවාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2022.02.25 දින අංක 1(5) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 1 බලන්න)
ප.ව. 4.30 සිට ප.ව. 4.50 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි)
ප.ව. 4.50 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2022 මාර්තු මස 09 වැනි බදාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2022.02.25 දින අංක 12 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 2 බලන්න)
ප.ව. 4.30 ආණ්ඩුවේ කටයුතු අවසන් වූ වහාම -
• සිසිර ජයකොඩි සියපත පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම

(2022.02.25 දින අංක 12 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 9 බලන්න)
ප.ව. 4.30 සිට ප.ව. 4.50 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි)
ප.ව. 4.50 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 
2022 මාර්තු මස 10 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.00 සිට ප.ව. 12.30 කම්කරු වන්දි (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2022.02.25 දින අංක 12 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 4 බලන්න)
පෙ.ව. 12.30 සිට ප.ව. 5.30 “රටේ පවතින විදුලිය සහ බලශක්ති අර්බුදය” පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය)
 
2022 මාර්තු මස 11 වැනි සිකුරාදා
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 3.00

ඉදිරිපත් කිරීමට නියමිත පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා —
(i) වයස අවුරුදු 60 ඉක්මවා ඇති පුද්ගලයන් සමාජය තුළ සක්‍රිය පුද්ගලයින් බවට පත් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම
(ගරු බුද්ධික පතිරණ මහතා)
(ii) දේශීය බීජ නිෂ්පාදන ක්‍රියාවලිය පණගැන්වීම
(ගරු රෝහණ බංඩාර මහතා)
(iii) ශ්‍රී ලංකාවේ මනෝ උපදේශකවරුන්/ මනෝ චිකිත්සකවරුන් නියාමනය කිරීම
(ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය)

(2022.02.11 දින අංක 1(3) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 1, 15 සහ 21 බලන්න)

ප.ව. 3.00 සිට ප.ව. 5.30 ඉඩම් සංවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2022.02.25 දින අංක 12 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 3 බලන්න)

2022 පෙබරවාරි මස 17 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2022 පෙබරවාරි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2022 පෙබරවාරි මස 22 වැනි අඟහරුවාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 (i) නිෂ්පාදන ද්‍රව්‍ය තැරැව්කරුවන්ට බලපත්‍ර දීමේ පනත යටතේ නියෝග
(ii) රබර් නැවත වගා කිරීමේ සහනාධාර පනත යටතේ නියෝග

(2022.02.11 දින අංක 8 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 31 සහ 32 බලන්න)
ප.ව. 4.30 සිට ප.ව. 4.50 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි)
ප.ව. 4.50 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2022 පෙබරවාරි මස 23 වැනි බදාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 5.30 විරුද්ධ පාර්ශ්වය විසින් ඉදිරිපත් කිරීමට නියමිත කල්තැබීමේ යෝජනාව
 
2022 පෙබරවාරි මස 24 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 (i) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(2022.02.11 දින අංක 8 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 22 බලන්න)

(ii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි හතරක්
(2022.02.11 දින අංක 1(3) දරන පාර්ලිමේන්තුවේ පරිපූරකයේ විෂය අංක 3 සිට 6 දක්වා බලන්න)
(iii) ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය
(2022.02.11 දින අංක 8 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 28 බලන්න)
(iv) වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(v) ගස් හෙලීම (පාලනය කිරීමේ) පනත යටතේ නියමය

(පිළිවෙළින් 2022.02.11 දින අංක 8 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 24 සහ 29 බලන්න)
ප.ව. 4.30 සිට ප.ව. 4.50 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි)
ප.ව. 4.50 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2022 පෙබරවාරි මස 25 වැනි සිකුරාදා
පෙ.ව. 10.00 සිට ප.ව. 5.30 ශෝක ප්‍රකාශ යෝජනා;
(i) අභාවප්‍රාප්ත ගරු ආනන්ද රත්නායක මහතා, හිටපු පා.ම.
(ii) අභාවප්‍රාප්ත ගරු ආර්.ආර්.ඩබ්ලිව්. රාජපක්ෂ මහතා, හිටපු පා.ම.
(iii) අභාවප්‍රාප්ත ගරු සෝමවීර චන්ද්‍රසිරි මහතා, හිටපු පා.ම.
(iv) අභාවප්‍රාප්ත ගරු පී.බී. දිසානායක මහතා, හිටපු පා.ම.
(v) අභාවප්‍රාප්ත ගරු එච්.ආර්. මිත්‍රපාල මහතා, හිටපු පා.ම.

2022 ජනවාරි මස 21 සහ පෙබරවාරි මස 7 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2022 පෙබරවාරි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2022 පෙබරවාරි මස 08 වැනි අඟහරුවාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 (i) ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග දෙකක්
(ii) මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම

(පිළිවෙළින් 2022.01.21 දින නිකුත් කළ අංක 4 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 6, 7 සහ 8 බලන්න)
ආණ්ඩුවේ කටයුතු අවසන් වූ වහාම:
ප.ව. 4.30 ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්යය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (ඉදිරිපත් කිරීමට නියමිතයි)
(2022.01.21 දින අංක 4 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 5 බලන්න)
ප.ව. 4.30 සිට ප.ව. 4.50 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි)
ප.ව. 4.50 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2022 පෙබරවාරි මස 09 වැනි බදාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 (i) අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(ii) පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීම පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(iii) අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(iv) සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(v) පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම 

(2022.01.21 දින අංක 4 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සහ 9 බලන්න)

(vi) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(2022.01.21 දින නිකුත් කළ අංක 1 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ විෂය අංක 12 බලන්න)
ප.ව. 4.30 සිට ප.ව. 4.50 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි)
ප.ව. 4.50 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 
2022 පෙබරවාරි මස 10 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 පහත විෂයන් පිළිබඳ කල් තබන ලද විවාදය -
(i) අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(ii) පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීම පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(iii) අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(iv) සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(v) පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(vi) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි

විවාදය තවදුරටත් පවත්වා සම්මත කිරීමට නියමිතය
ප.ව. 4.30 සිට ප.ව. 4.50 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි)
ප.ව. 4.50 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2022 පෙබරවාරි මස 11 වැනි සිකුරාදා
පෙ.ව. 10.00 සිට ප.ව. 4.30 හිටපු අමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ගරු මංගල සමරවීර මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව

2022 ජනවාරි මස 21 වැනි සිකුරාදා

පෙ.ව. 10.00 සිට ප.ව. 5.30 ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල්තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම
 
2022 ජනවාරි මස 11 සහ 13 යන දිනයන්හි රැස්වූ දේශපාලන පක්ෂවල නායකයින් විසින් 2022 ජනවාරි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2022 ජනවාරි මස 18 වැනි අඟහරුවාදා

පෙ.ව. 10.00 අතිගරු ජනාධිපතිතුමා සභාගර්භයට පැමිණීම සමඟ නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම
 
2022 ජනවාරි මස 19 වැනි බදාදා

ප.ව. 1.00 සිට ප.ව. 6.00 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(4) සහ 33(අ) ව්‍යවස්ථා ප්‍රකාරව අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල්තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය) – තවදුරටත් පැවැත්වීමට නියමිතයි
 
2022 ජනවාරි මස 20 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.00 සිට ප.ව. 6.00 අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල්තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම
 
2022 ජනවාරි මස 21 වැනි සිකුරාදා

පෙ.ව. 10.00 සිට ප.ව. 4.30 (i) අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(ii) පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීම පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(iii) අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(iv) සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම

(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාවේ (4) අනු ව්‍යවස්ථාව යටතේ නියම කරන ලද විධිවිධාන අනුව නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය තුළදී යථා පරිදි පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන එන ලද ඉහත අංක (i) සිට (iv) දක්වා වූ අයිතමයන් පිළිබඳව දෙවැනි සභාවාරයේ දී ඉදිරි පියවර ගනු ලබනු ඇත)
ආණ්ඩුවේ කටයුතු අවසන් වූ වහාම:
  ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්යය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම - ඉදිරිපත් කිරීමට නියමිතයි
ප.ව. 4.30 සිට ප.ව. 4.50 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි)
ප.ව. 4.50 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 
2021 ඔක්තෝබර් 21 සහ නොවැම්බර් 8 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2021 නොවැම්බර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2021 නොවැම්බර් මස 08 වැනි සඳුදා

පෙ.ව. 10.00 සිට ප.ව. 5.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 50යි)
(2021.10.26 දින නිකුත් වීමට නියමිත අංක 4(13) දරන පරිපූරකයේ මෙම ප්‍රශ්න 50 ඇතුළත් වනු ඇත)
 
2021 නොවැම්බර් මස 09 වැනි අඟහරුවාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි)
පෙ.ව. 11.00 සිට ප.ව. 5.30 2021 ජූලි 20 සහ 2021 ඔක්තෝබර් 06 හා 07 යන දිනයන්හි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද වාර්තා තුන පිළිබඳ කල්තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය)
 
2021 නොවැම්බර් මස 10 වැනි බදාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව (ප්‍රශ්න 04යි)
පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 8යි)
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 (i) විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(ii) ආගාමික හා විගාමික (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(iii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(2021.11.08 දින අංක 103 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 1, 2 සහ 3 බලන්න)

(iv) අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය
(අතිගරු ජනාධිපතිතුමා විසින් නිකුත් කරන ලදුව 2021.10.29 දිනැති අංක 2251/64 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ප්‍රකාශනය 2021.11.08 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලදී. ඒ පිළිබඳ යෝජනාව, ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව 2021.11.10 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ පළ කෙරෙනු ඇත)
ප.ව. 4.30 සිට ප.ව. 4.50 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි)
ප.ව. 4.50 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 
2021 නොවැම්බර් මස 11 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි)
පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 (i) කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන)(සංශෝධන) පනත් කෙටුම්පත – දෙවැනිවර කියවීම
(ii) සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස පනත් කෙටුම්පත – දෙවැනිවර කියවීම

(මෙම පනත් කෙටුම්පත් දෙක 2021.10.22 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය)

(iii) ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ පනත යටතේ නියෝගය
(iv) ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ නියෝග

(2021.10.21 දින අංක 101 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 8 සහ 10 බලන්න)
ප.ව. 4.30 සිට ප.ව. 4.50 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 02යි)
ප.ව. 4.50 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2021 නොවැම්බර් මස 12 වැනි සිකුරාදා
ප.ව. 2.00 අයවැය කථාව (2022)
(“විසර්ජන” පනත් කෙටුම්පත (2022) - දෙවැනිවර කියවීම)

2021 ඔක්තෝබර් මස 7 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2021 ඔක්තෝබර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2021 ඔක්තෝබර් මස 19 වැනි අඟහරුවාදා

පාර්ලිමේන්තු රැස්වීම් නැත (ප්‍රසිද්ධ නිවාඩු දිනය - මිලා-දුන්-නබි)
 
2021 ඔක්තෝබර් මස 20 වැනි බදාදා

පාර්ලිමේන්තු රැස්වීම් නැත (ප්‍රසිද්ධ නිවාඩු දිනය - වප් පුර පසළොස්වක පෝය දිනය)
 
2021 ඔක්තෝබර් මස 21 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි)
පෙ.ව. 11.00 සිට ප.ව. 3.00 (i) අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2021.10.07 දින අංක 99 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 6 බලන්න)

(ii) තරුණ වරදකරුවන් (පුහුණු පාසල්)(සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(iii) දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම

(මෙම පනත් කෙටුම්පත් දෙක 2021.10.07 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනා 2021.10.08 දින නිකුත් වීමට නියමිත පාර්ලිමේන්තුවේ අංක 4(11) දරන පරිපූරකයේ ඇතුළත් වනු ඇත)

(iv) (101 අධිකාරය වූ) සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ නියෝග
(2021.10.07 දින අංක 99 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 7 බලන්න)
ප.ව. 3.00 සිට ප.ව. 6.00 “ගොවීන් සඳහා පොහොර නිකුත් කිරීම හා සම්බන්ධ වර්තමාන ගැටලුකාරී තත්වය” පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය)
 
2021 ඔක්තෝබර් මස 22 වැනි සිකුරාදා

පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 10යි)
පෙ.ව. 11.00 සිට මධ්‍යාහ්න 12.00 ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමයන් දෙකක්
(2021.10.05 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද පිළිවෙළින් 2021.07.30 සහ 2021.09.06 දිනැති අංක 2238/40 සහ 2244/3 දරන අතිවිශේෂ ගැසට් පත්‍ර බලන්න. ඒ පිළිබඳ යෝජනා 2021.10.08 දින නිකුත් වීමට නියමිත පාර්ලිමේන්තුවේ අංක 4(11) දරන පරිපූරකයේ ඇතුළත් වනු ඇත)
මධ්‍යාහ්න 12.00 සිට ප.ව. 5.30 2021.03.10 සහ 2021.04.06 යන දිනයන්හි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) විසින් පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද වාර්තා පිළිබඳ කල්තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය)
 
© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks