පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
පෙන්වන්න
2014 සැප්තැම්බර් මස 7 වැනි දින සහ 23 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2014 සැප්තැම්බර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2014 සැප්තැම්බර් මස 23 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම (මෙම පනත් කෙටුම්පත 2014.08.22 දින අංක 12(2) දරන පරිපූරකයේ විෂය අංක 6 වශයෙන් සඳහන් වේ) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2014 සැප්තැම්බර් මස 24 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 03.00 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න |
|
2014 සැප්තැම්බර් මස 25 වැනි බ්‍රහස්පතින්දා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | නියඟය පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) |
|
2014 සැප්තැම්බර් මස 26 වැනි සිකුරාදා |
|
| ප.ව. 01.30 සිට ප.ව. 02.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.30 සිට ප.ව. 06.30 | සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) |
2014 අගෝස්තු මස 22 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2014 සැප්තැම්බර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2014 සැප්තැම්බර් මස 09 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග (මෙම නියෝග 2014.08.19 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනාව 2014.08.22 දින නිකුත් කළ අංක 12(2) දරන පරිපූරකයේ පළ කරන ලදී) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2014 සැප්තැම්බර් මස 10 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 04.00 | ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි (මෙම නියෝග 2014.08.19 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනාව 2014.08.22 දින නිකුත් කළ අංක 12(2) දරන පරිපූරකයේ පළ කරන ලදී) |
| ප.ව. 04.00 සිට ප.ව. 06.30 | හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ බිම් සවිය වැඩසටහනට අදාළ ඉඩම් ගැටලු පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) |
|
2014 සැප්තැම්බර් මස 11 වැනි බ්‍රහස්පතින්දා |
|
| පාර්ලිමේන්තු රැස්වීම නැත | |
|
2014 සැප්තැම්බර් මස 12 වැනි සිකුරාදා |
|
| පාර්ලිමේන්තු රැස්වීම නැත | |
2014 අගෝස්තු මස 7 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2014 අගෝස්තු මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2014 අගෝස්තු මස 19 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | බෙදුම් නඩු පනත යටතේ නියෝග (මෙම නියෝග 2014.08.06 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ යෝජනාව 2014.08.08 දින නිකුත් වීමට නියමිත අංක 12(1) දරන පරිපූරකයේ ඇතුළත් වනු ඇත) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
|
2014 අගෝස්තු මස 20 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම (මෙම පනත් කෙටුම්පත 2014.08.06 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න |
|
2014 අගෝස්තු මස 21 වැනි බ්‍රහස්පතින්දා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 07.00 | ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් පිළිබඳ කල් තැබීමේ විවාදය - ගරු අජිත් කුමාර මහතා |
|
2014 අගෝස්තු මස 22 වැනි සිකුරාදා |
|
| ප.ව. 01.30 සිට ප.ව. 02.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.30 සිට ප.ව. 06.30 | අභාවප්‍රාප්ත හිටපු පා.ම. ගරු (මහාචාර්ය) ඒ.වී. සුරවීර මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
2014 ජූලි මස 24 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2014 අගෝස්තු මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2014 අගෝස්තු මස 05 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පිළිබඳ කල් තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය) |
|
2014 අගෝස්තු මස 06 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | විදේශ කටයුතු පිළිබඳ කල් තැබීමේ විවාදය (ප්‍ර.ජා.ස. පක්ෂය) |
|
2014 අගෝස්තු මස 07 වැනි බ්‍රහස්පතින්දා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | කාලාවරෝධ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම (මෙම පනත් කෙටුම්පත 2014.07.22 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2014 අගෝස්තු මස 08 වැනි සිකුරාදා |
|
| ප.ව. 01.30 සිට ප.ව. 02.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.30 සිට ප.ව. 06.30 | පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා (i) ගරු රවි කරුණානායක මහතාගේ යෝජනාව (පා. 18/’10 - 2014.07.11 දින නිකුත් කළ අංක. 11(7) දරන පරිපූරකයේ පිටු අංක 25 බලන්න) (ii) ගරු බුද්ධික පතිරණ මහතාගේ යෝජනාව (පා. 80/’10 - 2014.07.11 දින නිකුත් කළ අංක. 11(7) දරන පරිපූරකයේ පිටු අංක 29 බලන්න) (iii) ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතාගේ යෝජනාව (පා. 144/’11 - 2014.07.11 දින නිකුත් කළ අංක. 11(7) දරන පරිපූරකයේ පිටු අංක 36 බලන්න) (iv) ගරු අජිත් පී. පෙරේරා මහතාගේ යෝජනාව (පා. 183/’13 - 2014.07.11 දින නිකුත් කළ අංක. 11(7) දරන පරිපූරකයේ පිටු අංක 41 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
2014 ජූලි මස 10 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2014 ජූලි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2014 ජූලි මස 22 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | පළිබෝධ නාශක පාලනය කිරීමේ පනත යටතේ නියෝග (මෙම නියෝග 2014.07.11 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ පිළිබඳ යෝජනාව ඊළඟ පරිපූරකයේ ඇතුළත් කෙරෙනු ඇත) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
|
2014 ජූලි මස 23 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | තරුණ කටයුතු පිළිබඳ කල් තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය) |
|
2014 ජූලි මස 24 වැනි බ්‍රහස්පතින්දා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 05.00 | කාලාවරෝධ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම (මෙම පනත් කෙටුම්පත 2014.07.11 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත) |
| ප.ව. 05.00 සිට ප.ව. 06.30 | ධීවර කර්මාන්තයට ලබාදෙන ඉන්ධන සහනාධාරය පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) |
|
2014 ජූලි මස 25 වැනි සිකුරාදා |
|
| ප.ව. 01.30 සිට ප.ව. 02.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.30 සිට ප.ව. 06.30 | ශෝක ප්‍රකාශ යෝජනා - (i) අභාවප්‍රාප්ත ගරු ටියුඩර් දයාරත්න මහතා (ii) අභාවප්‍රාප්ත ගරු ආර්. එම්. අප්පුහාමි මහතා |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
2014 ජුනි මස 18 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2014 ජූලි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2014 ජූලි මස 08 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | මෝටර් වාහන පනත යටතේ නියෝග දෙකක් (2014.02.06 දිනැති අංක 1848/29 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සහ 2014.01.29 දිනැති අංක 1847/32 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ වූ මෙම නියෝග පිළිවෙළින් 2014.06.17 සහ 2014.06.18 යන දිනවල දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඊට අදාළ යෝජනා 2014.06.20 දින නිකුත් වීමට නියමිත අංක 11(6) දරන ඊළඟ පරිපූරකයේ පළ වනු ඇත.) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2014 ජූලි මස 09 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත යටතේ නියෝග දෙකක් (2012.08.15 දිනැති අංක 1771/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සහ 2013.09.27 දිනැති අංක 1829/38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ වූ මෙම නියෝග 2014.06.18 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඊට අදාළ යෝජනා 2014.06.20 දින නිකුත් වීමට නියමිත අංක 11(6) දරන ඊළඟ පරිපූරකයේ පළ වනු ඇත.) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න |
|
2014 ජූලි මස 10 වැනි බ්‍රහස්පතින්දා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | නීතිය හා සාමය පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) |
|
2014 ජූලි මස 11 වැනි සිකුරාදා |
|
| ප.ව. 01.30 සිට ප.ව. 02.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.30 සිට ප.ව. 06.30 | (i) ශ්‍රී ලංකා මූලික අධ්‍යයන ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත (2014.06.18 දින අංක 370 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 2 බලන්න) (ii) සමාගම් පනත සහ සමිති ආඥාපනත යටතේ නියෝග (2014.06.18 දින අංක 370 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 3 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
2014 ජුනි මස 13 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් මෙම සතිය තුළ සභාවේ කටයුතු පහත සඳහන් පරිදි සංශෝධනය කිරීමට එකඟ විය:-
|
2014 ජුනි මස 17 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය මගින් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත පරීක්ෂණය සම්බන්ධ යෝජනාව (2014.06.11 දින අංක 11(5) දරන න්‍යාය පුස්තකයේ සඳහන් වන අංක පා. 212/’14 දරන දින නියමයක් නොමැති යෝජනාව) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
|
2014 ජුනි මස 18 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.00 | යෝජනාව සම්බන්ධ කල් තැබූ විවාදය තවදුරටත් පැවැත්වීම |
| ප.ව. 06.00 | යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම |
|
2014 ජුනි මස 19 වැනි බ්‍රහස්පතින්දා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 07.00 | රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් සහ පාරිතෝෂික දීමනා පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) |
|
2014 ජුනි මස 20 වැනි සිකුරාදා |
|
| ප.ව. 01.30 සිට ප.ව. 02.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.30 සිට ප.ව. 06.30 | 2013 වර්ෂය සඳහා මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව පිළිබඳ විවාදය (ආණ්ඩු පාර්ශ්වය) |
2014 ජුනි මස 4 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2014 ජුනි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2014 ජුනි මස 17 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | 2013 වර්ෂය සඳහා මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව පිළිබඳ විවාදය |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
|
2014 ජුනි මස 18 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 04.00 | ශ්‍රී ලංකා මූලික අධ්‍යයන ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම (මෙම පනත් කෙටුම්පත 2014.06.04 දින අංක 366 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 3 වශයෙන් සඳහන් වේ) |
| ප.ව. 04.00 සිට ප.ව. 06.30 | සමාගම් පනත සහ සමිති ආඥාපනත යටතේ නියෝග (2014.01.27 දිනැති අංක 1847/2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් සංශෝධනය කරන ලද 2013.12.18 දිනැති අංක 1841/8 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ වූ මෙම නියෝගවලට අදාළ යෝජනාව 2014.06.06 දින නිකුත් වීමට නියමිත අංක 11(4) දරන පරිපූරකයේ ඇතුළත් වනු ඇත.) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න |
|
2014 ජුනි මස 19 වැනි බ්‍රහස්පතින්දා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 07.00 | රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් සහ පාරිතෝෂික දීමනා පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) |
|
2014 ජුනි මස 20 වැනි සිකුරාදා |
|
| ප.ව. 01.30 සිට ප.ව. 02.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.30 සිට ප.ව. 06.30 | අභාවප්‍රාප්ත හිටපු පා.ම. ගරු ටියුඩර් දයාරත්න මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks