logo

E   |     |  

පෙන්වන්න

2015 පෙබරවාරි මස 19 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2015 මාර්තු මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2015 මාර්තු මස 03 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 සේවක අර්ථසාධක අරමුදල පනත යටතේ නියෝග
(2015.02.19 දින අංක 435 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 12 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 
2015 මාර්තු මස 04 වැනි බදාදා

‍ පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 06.30 ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම (හදිසි පනත් කෙටුම්පත)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2015 මාර්තු මස 05 වැනි බ්‍රහස්පතින්දා

පාර්ලිමේන්තු රැස්වීම නැත (පෝය දිනය)
 
2015 මාර්තු මස 06 වැනි සිකුරාදා

ප.ව. 01.30 සිට ප.ව. 02.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.30 සිට ප.ව. 06.30 පසුගිය රජය විසින් ආරම්භ කරන ලද සංවර්ධන කටයුතු නැවැත්වීම පිළිබඳව ගරු විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා විසින් 2015.02.18 දින ස්ථාවර නියෝග 23(2) යටතේ මතු කරන ලද ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍යතුමා විසින් 2015.02.19 දින කරන ලද නිවේදනය පිළිබඳ කල් තැබීමේ විවාදය.

2015 පෙබරවාරි මස 10 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2015 පෙබරවාරි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2015 පෙබරවාරි මස 17 වැනි අඟහරුවාදා

පාර්ලිමේන්තු රැස්වීම නැත (ප්‍රසිද්ධ නිවාඩු දිනය)
 
2015 පෙබරවාරි මස 18 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 ධීවර සහ ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(2015.02.10 දින අංක 433 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 1 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 
2015 පෙබරවාරි මස 19 වැනි බ්‍රහස්පතින්දා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(2015.02.10 දින අංක 433 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 3 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2015 පෙබරවාරි මස 20 වැනි සිකුරාදා

ප.ව. 01.30 සිට ප.ව. 02.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.30 සිට ප.ව. 06.30 දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම (හදිසි පනත් කෙටුම්පත)
(මෙම පනත් කෙටුම්පත 2015.02.10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)

2015 ජනවාරි මස 28 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2015 පෙබරවාරි මස 10 වැනි අඟහරුවාදා දින විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වීමට තීරණය කළ අතර, පහත සඳහන් කටයුතු එම දිනයේදී විවාදයට ගැනීමට එකඟ විය:-

2015 පෙබරවාරි මස 10 වැනි අඟහරුවාදා

‍ පෙ.ව. 09.30 සිට ප.ව. 06.30 "පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා" පිළිබඳ කල් තැබීමේ විවාදය - (විරුද්ධ පාර්ශ්වය)
 
2015 ජනවාරි මස 28 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2015 පෙබරවාරි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2015 පෙබරවාරි මස 03 වැනි අඟහරුවාදා

පාර්ලිමේන්තු රැස්වීම නැත (පෝය දිනය)
 
2015 පෙබරවාරි මස 04 වැනි බදාදා

පාර්ලිමේන්තු රැස්වීම නැත (ජාතික නිදහස් දිනය)
 
2015 පෙබරවාරි මස 05 වැනි බ්‍රහස්පතින්දා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 විසර්ජන (2015) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම (හදිසි පනත් කෙටුම්පත)
(පනත් කෙටුම්පත 2015.02.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2015 පෙබරවාරි මස 06 වැනි සිකුරාදා

ප.ව. 01.30 සිට ප.ව. 02.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.30 සිට ප.ව. 06.30 විසර්ජන (2015) (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය - ඉදිරියට කරගෙන යෑමට
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 
2015 පෙබරවාරි මස 07 වැනි සෙනසුරාදා

ප.ව. 01.00 සිට ප.ව. 05.00 විසර්ජන (2015) (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය - ඉදිරියට කරගෙන යෑමට
ප.ව. 05.00 ඡන්ද විමසීම

2015 ජනවාරි මස 20 සහ 28 වැනි දිනවලදී රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2015 ජනවාරි මස 29 වැනි බ්‍රහස්පතින්දා සහ ජනවාරි මස 30 වැනි සිකුරාදා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට තීරණය කළ අතර, පහත සඳහන් කටයුතු මෙම දිනවලදී විවාදයට ගැනීමට එකඟ විය:-

2015 ජනවාරි මස 29 වැනි බ්‍රහස්පතින්දා

ප.ව. 01.00 අමාත්‍යාංශ නිවේදන දෙකක් -
(i) ගරු අග්‍රාමාත්‍ය සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා
(ii) ගරු මුදල් අමාත්‍යතුමා
 
2015 ජනවාරි මස 30 වැනි සිකුරාදා

ප.ව. 01.30 සිට ප.ව. 06.30 ධීවර සහ ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(පනත් කෙටුම්පත 2015.01.20 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 
2014 නොවැම්බර් මස 20 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2014 දෙසැම්බර් මාසයේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2014 දෙසැම්බර් මස 12 වැනි සිකුරාදා

ප.ව. 01.30 සිට ප.ව. 02.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.30 සිට ප.ව. 06.30 විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් තුනක්
(මෙම නියමයන් 2014.11.20 දින අංක 422 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 11 සිට 13 දක්වා සඳහන් වේ)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)

2014 ඔක්තෝබර් මස 9 වැනි දින සහ 10 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2014 ඔක්තෝබර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2014 ඔක්තෝබර් මස 20 වැනි සඳුදා

ප.ව. 01.00 සිට ප.ව. 06.30 ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(2014.10.10 දින අංක 396 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 175 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 08.30 අපනයන සංවර්ධන පනත යටතේ නියෝග
(2014.07.11 දිනැති අංක 1870/71 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ වූ මෙම නියෝග 2014.10.09 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනාව 2014.10.10 දින අංක 12(5) දරන පරිපූරකයේ පළ විය)
 
2014 ඔක්තෝබර් මස 21 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 ඩීඑෆ්සීසී බැංකුව (ඉවත් කිරීමේ හා ආනුෂංගික විධිවිධාන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(මෙම පනත් කෙටුම්පත 2014.10.10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 
2014 ඔක්තෝබර් මස 22 වැනි බදාදා

පාර්ලිමේන්තු රැස්වීම නැත (ප්‍රසිද්ධ නිවාඩු දිනය)
 
2014 ඔක්තෝබර් මස 23 වැනි බ්‍රහස්පතින්දා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 04.30 ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(මෙම පනත් කෙටුම්පත 2014.10.10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී)
ප.ව. 04.30 සිට ප.ව. 06.30 විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් හයක්

(2014.03.14 දිනැති අංක 1853/45 දරන; 2014.05.21 දිනැති අංක 1863/13 දරන; 2014.07.09 දිනැති අංක 1870/21 දරන; 2014.07.15 දිනැති අංක 1871/23 දරන; 2014.07.17 දිනැති අංක 1871/35 දරන; 2014.07.25 දිනැති අංක 1872/35 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ වූ මෙම නියෝග 2014.10.09 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනා 2014.10.10 දින අංක 12(5) දරන පරිපූරකයේ පළ විය)
ප.ව. 06.30 සිට ප.ව. 08.30 ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ 2014.10.09 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නියෝග පිළිබඳ කල් තැබීමේ විවාදය - (විරුද්ධ පාර්ශ්වය)

2014 සැප්තැම්බර් මස 25 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2014 ඔක්තෝබර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2014 ඔක්තෝබර් මස 07 වැනි අඟහරුවාදා

පාර්ලිමේන්තු රැස්වීම නැත
 
2014 ඔක්තෝබර් මස 08 වැනි බදාදා

පාර්ලිමේන්තු රැස්වීම නැත (පෝය දිනය)
 
2014 ඔක්තෝබර් මස 09 වැනි බ්‍රහස්පතින්දා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
                        ප.ව. 02.00 ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග
(2014.09.05 දිනැති අංක 1878/44 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ වූ මෙම නියෝග 2014.09.24 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඊට අදාළ යෝජනාව 2014.09.26 දින නිකුත් කළ අංක 12(4) දරන පරිපූරකයේ පළ විය)
ප.ව. 02.00 සිට ප.ව. 06.30 (i) මහනගර සභා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(ii) නගර සභා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(iii) ප්‍රාදේශීය සභා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(iv) පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(v) පළාත් පාලන ආයතනවල පුරප්පාඩු පිරවීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

(ඉහත පනත් කෙටුම්පත් 2014.09.25 දින අංක 393 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 3 සිට 7 දක්වා සඳහන් වේ)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2014 ඔක්තෝබර් මස 10 වැනි සිකුරාදා

ප.ව. 01.30 සිට ප.ව. 02.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.30 සිට ප.ව. 06.30 දිවිනැගුම පිළිබඳ කල් තැබීමේ විවාදය (ප්‍ර.ජා.ස. පක්ෂය)

© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks