logo

E   |     |  

පෙන්වන්න

2015 ඔක්තෝබර් මස 22 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2015 නොවැම්බර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2015 නොවැම්බර් මස 03 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 2013 අංක 36 දරන විසර්ජන පනත යටතේ යෝජනා හයක්
(2015.10.22 දින අංක 11 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 5 සිට 10 දක්වා බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2015 නොවැම්බර් මස 04 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 “ඇවන්ගාඩ්” සිද්ධිය පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය - ජ.වි.පෙ)
 
2015 නොවැම්බර් මස 05 වැනි බ්‍රහස්පතින්දා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 (i) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය
(ii) රේගු ආඥාපනත යටතේ යෝජනා තුනක්
(iii) සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය (අංක 974 දරන සුරාබදු නිවේදනය)
(iv) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග

(ඉහත අංක (i) සහ (ii) විෂයන් 2015.10.22 දින අංක 11 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන අතර, පිළිවෙළින් 2015.02.13 සහ 2015.06.11 යන දිනැති අංක 1901/19 සහ 1918/22 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද ඉහත අංක (iii) සහ (iv) විෂයන් සහ ඒ පිළිබඳ යෝජනා 2015.10.23 දින නිකුත් කළ අංක 1(2) දරන පරිපූරකයේ පළ කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2015 නොවැම්බර් මස 06 වැනි සිකුරාදා

ප.ව. 01.30 සිට ප.ව. 02.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.30 සිට ප.ව. 06.30 පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා පහක්
(2015.10.09 දින අංක 1(1) දරන පරිපූරකය බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)

2015 ඔක්තෝබර් මස 22 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 06.30 ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) විසින් සම්මත කරන ලද යෝජනාව පිළිබඳ කල් තැබීමේ විවාදය
 
2015 ඔක්තෝබර් මස 23 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 06.30 ඉහත යෝජනාව පිළිබඳ කල් තබන ලද විවාදය තවදුරටත් පැවැත්වීමට

2015 ඔක්තෝබර් මස 8 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2015 ඔක්තෝබර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2015 ඔක්තෝබර් මස 20 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 (i) දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ යෝජනාව
(2015.10.08 දින අංක 7 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 26 බලන්න)

පහත සඳහන් පනත් කෙටුම්පත්වල දෙවැනි වර කියවීම:-
(ii) දේශීය ආදායම් (සංශෝධන)
(iii) මුදල්
(iv) එකතු කළ අගය මත බදු (සංශෝධන)
(v) ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන)
(vi) ආර්ථික සේවා ගාස්තු (සංශෝධන)
(vii) ඔට්ටු ඇල්ලීම හා සූදු බදු (සංශෝධන)

(2015.10.08 දින අංක 7 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 8 සිට 13 දක්වා බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2015 ඔක්තෝබර් මස 21 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් දහහතක්
(ඉහත නියමයන් අටක් සඳහා වූ යෝජනා 2015.10.08 දින අංක 7 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 16 සිට 23 දක්වා සඳහන් වන අතර පිළිවෙළින් 2015.03.25, 2015.04.01, 2015.04.23, 2015.05.05, 2015.06.05, 2015.06.16, 2015.06.29, 2015.07.20 සහ 2015.09.07 යන දිනැති අංක 1907/19, 1908/29, 1911/9, 1913/2, 1917/48, 1919/33, 1921/7, 1924/9 සහ 1931/7 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද අනෙක් නියමයන් නවය 2015.10.06 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර 2015.10.09 දින නිකුත් කළ අංක 1(1) දරන න්‍යාය පුස්තකයේ පළ කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 
2015 ඔක්තෝබර් මස 22 වැනි බ්‍රහස්පතින්දා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 (i) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය
(2015.10.08 දින අංක 7 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 14 බලන්න)

(ii) රේගු ආඥාපනත යටතේ යෝජනා තුනක්
(ඉහත යෝජනා දෙකක් සඳහා වූ යෝජනා 2015.10.08 දින අංක 7 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 24 සහ 25 යටතේ දැක්වෙන අතර 2015.05.05 දිනැති අංක 1913/3 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කළ අනෙක් යෝජනාව 2015.10.06 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර 2015.10.09 දින නිකුත් කළ අංක 1(1) දරන න්‍යාය පුස්තකයේ පළ කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2015 ඔක්තෝබර් මස 23 වැනි සිකුරාදා

ප.ව. 01.30 සිට ප.ව. 02.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.30 සිට ප.ව. 06.30 2013 අංක 36 දරන විසර්ජන පනත යටතේ යෝජනා හය පිළිබඳ කල් තබන ලද විවාදය ඉදිරියට කරගෙන යෑමට
(2015.10.08 දින අංක 7 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 7 දක්වා බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)

2015 ඔක්තෝබර් මස 1 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් මෙම සතියේ සභාවේ කටයුතු පහත සඳහන් පරිදි සංශෝධනය කිරීමට එකඟ වන ලදී:-

2015 ඔක්තෝබර් මස 06 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 06.30 කල් තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය)
 
2015 ඔක්තෝබර් මස 07 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 06.30 කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය)
 
2015 ඔක්තෝබර් මස 08 වැනි බ්‍රහස්පතින්දා

ප.ව. 01.00 සිට ප.ව. 06.30 සාපරාධී කාරණාවල දී අන්‍යොන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ නියමය
(මෙම නියමය 2015.09.23 දින නිකුත් කළ අංක 01 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ විෂය අංක 9 යටතේ දක්වා ඇත)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2015 ඔක්තෝබර් මස 09 වැනි සිකුරාදා

ප.ව. 01.30 සිට ප.ව. 06.30 ඉන්දීය ධීවරයින් විසින් ශ්‍රී ලාංකීය මුහුදු තීරය තුළ නීති වීරෝධීව මසුන් ඇල්ලීමේ කාරණය පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය - ජ.වි.පෙ)

2015 සැප්තැම්බර් මස 23 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2015 ඔක්තෝබර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2015 ඔක්තෝබර් මස 06 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 06.30 2013 අංක 36 දරන විසර්ජන පනත යටතේ යෝජනා හය පිළිබඳ කල් තබන ලද විවාදය ඉදිරියට කරගෙන යෑමට
(2015.09.23 දින අංක 4 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 6 දක්වා බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2015 ඔක්තෝබර් මස 07 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 06.30 පහත සඳහන් පනත් කෙටුම්පත්වල දෙවැනි වර කියවීමේ විවාදය:-
(i) දේශීය ආදායම් (සංශෝධන)
(ii) මුදල්
(iii) එකතු කළ අගය මත බදු (සංශෝධන)
(iv) ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන)
(v) ආර්ථික සේවා ගාස්තු (සංශෝධන)
(vi) විදුලි සංදේශ බදු (සංශෝධන)
(vii) ඔට්ටු ඇල්ලීම හා සූදු බදු (සංශෝධන)
(ඉහත සඳහන් පනත් කෙටුම්පත් 2015.09.22 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 
2015 ඔක්තෝබර් මස 08 වැනි බ්‍රහස්පතින්දා

ප.ව. 01.00 සිට ප.ව. 06.30 (i) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය
(2015.02.26 දිනැති අංක 1903/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලදී)
(ii) (52 වැනි අධිකාරය වූ) සුරාබදු ආඥාපනත යටතේ සුරාබදු ‍නිවේදනය
(2015.02.13 දිනැති අංක 1901/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලදී)
(iii) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් අටක්
(පිළිවෙළින් 2014.12.02, 2014.12.12, 2014.12.31, 2015.01.22, 2015.02.14, 2015.02.24 සහ 2015.03.17 යන දිනැති අංක 1891/8, 1892/39, 1895/11, 1898/43, 1899/32, 1901/28, 1903/4 සහ 1906/7 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලදී)
(iv) (235 වැනි අධිකාරය වූ) රේගු ආඥාපනත යටතේ යෝජනා දෙකක්
(පිළිවෙළින් 2015.01.29 සහ 2015.02.26 දිනැති අංක 1899/33 සහ 1903/40 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලදී)
(v) දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ යෝජනාව
(ස්ථාවර නියෝග අංක 23 යටතේ නිවේදනය සඳහා 2015.09.25 දින නිකුත් කළ අංක 1 දරන න්‍යාය පුස්තකය බලන්න)

(ඉහත විෂය අංක (i) සිට (iv) දක්වා සඳහන් වන නියෝග නවය, නිවේදනය සහ යෝජනා දෙක 2015.09.23 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඊට අදාළ යෝජනා ස්ථාවර නියෝග අංක 23 යටතේ නිවේදනය සඳහා 2015.09.25 දින නිකුත් කළ අංක 1 දරන න්‍යාය පුස්තකයේ පළ කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2015 ඔක්තෝබර් මස 09 වැනි සිකුරාදා

ප.ව. 01.30 සිට ප.ව. 06.30 ඉන්දියානු ධීවරයින් විසින් ශ්‍රී ලංකා මුහුදෙහි මසුන් මැරීම පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය - ජ.වි.පෙ)

2015 සැප්තැම්බර් මස 10 වැනි දින රැස්වූ දේශපාලන පක්ෂවල නායකයින් විසින් 2015 සැප්තැම්බර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2015 සැප්තැම්බර් මස 22 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 06.30 පිළිගත් පරිපාටිය උල්ලංඝනය කරමින් රාජ්‍ය අංශයේ සිදුකරන බඳවා ගැනීම් පිළිබඳ කල් තැබීමේ විවාදය (ජ.වි.පෙ.)
 
2015 සැප්තැම්බර් මස 23 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 06.30 2013 අංක 36 දරන විසර්ජන පනත යටතේ යෝජනා හයක්
 
2015 සැප්තැම්බර් මස 24 වැනි බ්‍රහස්පතින්දා

පාර්ලිමේන්තු රැස්වීම නැත (හජ්ජි උත්සවය - ප්‍රසිද්ධ නිවාඩු දිනය)
 
2015 සැප්තැම්බර් මස 25 වැනි සිකුරාදා

පාර්ලිමේන්තු රැස්වීම නැත

2015 ජුනි මස 22 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2015 ජුනි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පහත සඳහන් පරිදි සංශෝධනය කිරීමට එකඟ වන ලදී:-

2015 ජුනි මස 23 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ කල් තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය)
 
2015 ජුනි මස 24 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 06.30 මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ කල් තැබීමේ විවාදය ඉදිරියට කරගෙන යෑමට
 
2015 ජුනි මස 25 වැනි බ්‍රහස්පතින්දා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 04.00 ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග
(2015.06.10 දින නිකුත් කළ අංක 14(4) දරන පරිපූරකයේ විෂය අංක 4 බලන්න)
ප.ව. 04.00 සිට ප.ව. 06.30 විදේශ කටයුතු අමාත්‍යතුමා විසින් 2015 ජුනි මස 12 වන සිකුරාදා දින කරන ලද නිවේදනය පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය)
 
2015 ජුනි මස 26 වැනි සිකුරාදා

ප.ව. 01.30 සිට ප.ව. 02.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.30 සිට ප.ව. 06.30 නැව් නියෝජිතයන්ට බලපත්‍ර නිකුත් කිරීමේ පනත ‍යටතේ නියෝග
(2015.06.10 දින නිකුත් කළ අංක 14(4) දරන පරිපූරකයේ විෂය අංක 2 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)

2015 ජුනි මස 16 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2015 ජුනි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2015 ජුනි මස 23 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(2015.06.10 දින නිකුත් කළ අංක 14(4) දරන පරිපූරකයේ විෂය අංක 1 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 
2015 ජුනි මස 24 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග
(2015.06.10 දින නිකුත් කළ අංක 14(4) දරන පරිපූරකයේ විෂය අංක 4 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 
2015 ජුනි මස 25 වැනි බ්‍රහස්පතින්දා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 නැව් නියෝජිතයන්ට බලපත්‍ර නිකුත් කිරීමේ පනත ‍යටතේ නියෝග
(2015.06.10 දින නිකුත් කළ අංක 14(4) දරන පරිපූරකයේ විෂය අංක 2 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 
2015 ජුනි මස 26 වැනි සිකුරාදා

ප.ව. 01.30 සිට ප.ව. 02.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.30 සිට ප.ව. 06.30 පඩිපාලක සභා ආඥාපනත යටතේ නියෝග
(2015.06.10 දින නිකුත් කළ අංක 14(4) දරන පරිපූරකයේ විෂය අංක 3 බලන්න)
ප.ව. 06.30 සිට ප.ව. 07.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)

© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks