පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
පෙන්වන්න
2016 මාර්තු මස 23 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2016 අප්‍රේල් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර, පහත සඳහන් පරිදි එකඟ වන ලදී :-
|
2016 අප්‍රේල් මස 05 වන අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (සභාව කල්තැබීම) |
| ප.ව. 02.00 සිට ඉදිරියට | ව්‍යවස්ථාදායක මණ්ඩලයේ පළමු සභා වාරය |
|
2016 අප්‍රේල් මස 06 වන බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | කාලාවරෝධ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත - දෙවනවර කියවීම (2016-03-23 දින පාර්ලිමේන්තුවේ අංක 60 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 03 යටතේ දැක්වේ.) |
| ප.ව. 06.30 | ඉදිරි මැතිවරණ වලදී හා ඊට අනුශාංගික කටයුතු වලදී විදේශ රටවල සේවයෙහි නිරතවන ශ්‍රී ලාංකිකයින්හට ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා වාර්තා කිරීම සම්බන්ධයෙන් විශේෂ කාරක සභාවක් පත්කිරීම පිළිබඳ යෝජනාව (2016.01.29 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ (යෝජනා අංක පී. 152/ '15) විෂය අංක 2 යටතේ දැක්වේ) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.) |
|
2016 අප්‍රේල් මස 07 වන බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 | (i) ආනයන සහ අපනයන (පාලන) පනත යටතේ විධිවිධාන දෙකක් (2016-03-23 දින පාර්ලිමේන්තුවේ අංක 60 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 10 සහ 11 හි දැක්වේ) (ii) ක්‍රීඩා පනත යටතේ තහනම් උත්තේජක භාවිතයට එරෙහි ප්‍රඥප්තිය යටතේ එන විධිවිධාන (2016-03-23 දින පාර්ලිමේන්තුවේ අංක 60 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 08 යටතේ දැක්වේ.) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විපක්ෂය) |
|
2016 අප්‍රේල් මස 08 වන සිකුරාදා |
|
| පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වේ | |
2016 මාර්තු මස 09 වැනි දින රැස්වූ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2016 මාර්තු මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳ සාකච්ඡා කර, පහත සඳහන් පරිදි එකඟවන ලදී.
|
2016 මාර්තු මස 22 වනදා, අඟහරුවාදා |
|
| පාර්ලිමේන්තු රැස්වීම් නැත (පෝය දිනය) | |
|
2016 මාර්තු මස 23 වනදා, බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 07.30 | රටේ ආර්ථිකයයෙහි වත්මන් තත්වය පිළිබඳව අග්‍රාමාත්‍යතුමා විසින් 2016-03-08 වැනි දින කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් වන කල්තැබීමේ විවාදය (ජවිපෙ) |
|
2016 මාර්තු මස 24 වනදා, බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 07.30 | රටේ ආර්ථිකයයෙහි වත්මන් තත්වය පිළිබඳව අග්‍රාමාත්‍යතුමා විසින් 2016-03-08 වැනි දින කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් වන කල්තැබීමේ විවාදයෙහි ඉතිරි කොටස |
|
2016 මාර්තු මස 25 වනදා, සිකුරාදා |
|
| පාර්ලිමේන්තු රැස්වීම් නැත (මහ සිකුරාදා) | |
2016 මාර්තු මස 09 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව 2016 මාර්තු මස 11 වැනි සිකුරාදා සභාවේ කටයුතු පහත සඳහන් පරිදි සංශෝධනය කිරීමට එකඟ වන ලදී.
|
2016 මාර්තු මස 11 වැනි සිකුරාදා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 | (i) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන නියමයන් තුනක් (ii) සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම (ii) සේවකයන්ගේ අයවැය සහන දීමනාව පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම (2016-03-09 අංක 57 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 22 සිට 24 සහ 16, 17) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.) |
2016 පෙබරවාරි මස 26 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2016 මාර්තු මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී.
|
2016 මාර්තු මස 08 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | අතුරුදන් වූ පුද්ගලයන් සහ අත්අඩංගුවේ සිටින පුද්ගලයන් පිළිබඳ කල් තැබීමේ විවාදය (ITAK පක්ෂය) |
|
2016 මාර්තු මස 09 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 01.30 | අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව |
| ප.ව. 01.30 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත්කිරීම (2016 ජනවාරි මස 09 දා) පිළිබඳ කල් තැබීමේ යෝජනා සම්මතය (2016-02-26 අංක 55 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 01) |
|
2016 මාර්තු මස 10 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 | (i) සුරාබදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝග තුනක් (ii) සුරාබදු ආඥාපනත යටතේ නියෝග හතක් (iii) මුදල් පනත යටතේ නියෝග (iv) මුද්දර (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝග (2016-02-26 අංක 55 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 01 සිට 19) (v) රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මත දෙකක් (අංක 1941/ 42 සහ 1952/10 දරන, පිළිවෙලින් 20.11.2015 සහ 01.02.2016 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ වූ යෝජනා 26.02.2016 දින අංක 2(3) පරිපූරකයේ පළ කර ඇත) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න |
|
2016 මාර්තු මස 11 වැනි සිකුරාදා |
|
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 | (i) සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම (ii) සේවකයන්ගේ අයවැය සහන දීමනාව පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.) |
2016 පෙබරවාරි මස 23 වැනි දින රැස්වූ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ කාරක සභාව මෙම සතියේ සභාවේ කටයුතු පහත සඳහන් පරිදි සංශෝනධනය කිරීමට එකඟ වන ලදී -
|
2016 පෙබරවාරි මස 23 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව.02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව.06.30 | ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත්කිරීම පිළිබඳ 2016 ජනවාරි 09 වන දින කල්තබන ලද යෝජනා සම්මතය (2016-02-23 අංක 52 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 01) |
|
2016 පෙබරවාරි මස 24 වැනි බදාදා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව.06.30 | ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත්කිරීම පිළිබඳ කල්තබන ලද යෝජනා සම්මතය පිළිබඳ විවාදයේ ඉතිරිය |
|
2016 පෙබරවාරි මස 25 වැනි බ්‍රහස්පතින්දා |
|
| ප.ව. 01.00 සිට ප.ව.02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව.06.30 | වතු අංශයේ දෙමළ ප්‍රජාව මුහුණ දෙන ගැටළු පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය (ජ.වි.පෙ.) |
|
2016 පෙබරවාරි මස 26 වැනි සිකුරාදා |
|
| ප.ව. 01.30 සිට ප.ව.02.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.30 සිට ප.ව.06.30 | 2016.02.12 දින සම්මත කරන ලද "ධීවර හා ජලජ සම්පත් (සංශෝධන)" පනත් කෙටුම්පත පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදය (විපක්ෂය) |
2016 පෙබරවාරි මස 11 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2016 පෙබරවාරි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී -
|
2016 පෙබරවාරි මස 23 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව.02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව.06.30 | අතුරුදන් වූ පුද්ගලයන් සහ අත්අඩංගුවේ සිටින පුද්ගලයන් පිළිබඳ කල් තැබීමේ විවාදය (ITAK පක්ෂය) |
|
2016 පෙබරවාරි මස 24 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව.02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව.06.30 | වතු අංශයේ දෙමළ ප්‍රජාව මුහුණ දෙන ගැටළු පිළිබඳ කල් තැබීමේ විවාදය (JVP පක්ෂය) |
|
2016 පෙබරවාරි මස 25 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව.10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 07.30 | ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත්කිරීම (2016 ජනවාරි මස 09 දා) පිළිබඳ කල් තැබීමේ විවාදය (2016-02-11 අංක 50 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 08) |
|
2016 පෙබරවාරි මස 26 වැනි සිකුරාදා |
|
| ප.ව. 01.30 සිට ප.ව.02.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.30 සිට ප.ව.06.30 | 2016.02.12 දින සම්මත කරන ලද "ධීවර හා ජලජ සම්පත් (සංශෝධන)" පනත් කෙටුම්පත පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය (විපක්ෂය) |
2016 ජනවාරි මස 28 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2016 පෙබරවාරි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳ සාකච්ඡා කර, පහත සඳහන් පරිදි එකඟ වන ලදී :-
|
2016 පෙබරවාරි මස 09 වනදා, අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | පළාත් පාලන මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවන වර කියවීම (මෙම පනත් කෙටුම්පත 2016.01.28 දිනැති අංක 46 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 5 ලෙස සඳහන් වේ) ධීවර සහ ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවන වර කියවීම (මෙම පනත් කෙටුම්පත 2016. 01. 26 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
|
2016 පෙබරවාරි මස 10 වනදා, බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 01.30 | අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව |
| ප.ව. 01.30 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝග (2015 දෙසැම්බර් 22වනදින අංක 1946/31 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පල කරන ලද මෙම නියෝග 2016.01.26 වනදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනාව 2016.01.29 වනදින නිකුත් කෙරෙන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තක අංක 02 හි පල කෙරෙනු ඇත) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශවය) |
|
2016 පෙබරවාරි මස 11 වනදා, බ්‍රහස්පතින්දා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30. | පඩිපාලක සභා ආඥාපනත යටතේ නියෝග (මෙම නියෝගය 2016.01.28 වනදින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍ර අංක 46 හි විෂය අංක 1 වශයෙන් දක්වනු ලැබේ) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න |
|
2016 පෙබරවාරි මස 12 වනදා, සිකුරාදා |
|
| ප.ව. 01.30 සිට ප.ව. 02.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.30 සිට ප.ව. 06.30 | පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනා |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශවය) |
2016 ජනවාරි මස 19 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2016 ජනවාරි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2016 ජනවාරි මස 26 වැනි අඟහරුවාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | 2015.12.19 දින පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 ව්‍යවස්ථාව යටතේ යෝජනා දොළහ පිළිබඳ කල් තැබීමේ විවාදය |
|
2016 ජනවාරි මස 27 වැනි බදාදා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | (i) රේගු ආඥාපනත යටතේ නියෝගය (2015.09.22 දිනැති අංක 1933/15 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලදී) (ii) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් හයක් (පිළිවෙළින් 2015.09.17, 2015.09.22, 2015.10.01, 2015.10.09, 2015.10.28 සහ 2015.11.20 යන දිනැති අංක 1932/54, 1933/18, 1934/32, 1935/45, 1938/4 සහ 1941/43 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලදී) (iii) දේශීය ආදායම් පනත යටතේ යෝජනාව (2015 ඔක්තෝබර් මස 6 දින ඇති කර ගත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුව සහ පෝලන්ත ජනරජ ආණ්ඩුව අතර ආදායම් මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු නොගෙවා මග හැරීම වැළැක්වීම සඳහා වූ ගිවිසුම) (ඉහත සඳහන් නියමයන් සහ යෝජනාව 2016.01.12 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනා 2016.01.12 දින නිකුත් කළ අංක 1(13) දරන පරිපූරකයේ පළ කරන ලදී) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
|
2016 ජනවාරි මස 28 වැනි බ්‍රහස්පතින්දා |
|
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | “මෑත කාලයේ පොලීසියේ හැසිරීම” පිළිබඳ කල් තැබීමේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය - ජ.වි.පෙ.) |
|
2016 ජනවාරි මස 29 වැනි සිකුරාදා |
|
| ප.ව. 01.30 සිට ප.ව. 06.30 | ශෝක ප්‍රකාශ යෝජනා - (i) අභාවප්‍රාප්ත ගරු ජෝර්ජ් පැල්පොල මහතා සහ (ii) අභාවප්‍රාප්ත ගරු අබ්දුල් අසීස් මහතා |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks